Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

කොත්තු, අච්චාරු සහ මැරතන්

මැරතන් එක නැගලා යන හින්දා ‍පොඩ්ඩක් එබිලා බැලුවා කොත්තු සහ අච්චාරු දිහාවට. හෙහේ මොනව කියන්නද? දෙකම පිරිලා තියෙන්නෙ සිංහල පෝස්ට් වලින් නොවැ. මල් හතයි!

මේ මල් හතේ කතාව‍ මං පටන්ගත්තේ ළඟකදි ඉඳන්. කලින් අහලා තිබුණට පාවිච්චි කරන්න හිතුණේ නෑ. පොතක් කියවලා තමයි දැන් ඒක කියන්න පටන් අරන් තියෙන්නෙ.

වසීලී ෂුක්ෂින්ගෙ කෙටි කතා පොතක්. ජීවත්වීමේ ආශාව සහ තවත් කෙටිකතා කියලා. ඒකෙ දක්ෂ රියැදුරා කියලා කතාවක තිබ්බෙ.

මෙන්න ඒකෙන් උපුටාගැනීමක්:

‍”සමාජ ශාලාවක් තියෙනවද?” පාෂ්කා ඇසීය.

“ඇයි නැත්තෙ, තියෙනවා!”

“පොටෝ එක හරි!”

“මොනවා?”

“මම එකඟයි. මල් හතයි. කියල.”

ප්‍රෝහරව් සතුටින් පිරී ගියෙන් සිනාසෙන්නට විය.

“හරිම විහිළුකාරයෙක්. (ලොරියක් සහ තවත් අමතර රියැදුරෙක් ලැබීම සත්තකින්ම මල් හතකි!) යෙගෝරිච්, තමුසෙ විහිළුකාරයෙක්.”

මේ පොතේ නියම කතා ටිකක් තියෙනවා.

තවත් ආප්ප ටිකක් කන්න ලැබුණා. :D

Posted on 19 April '08 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “කොත්තු, අච්චාරු සහ මැරතන්”

#1 Posted by yasaswan (28.04.08 at 18:12 )

ඔය ආප්ප, කේක් කතා දාන්න එපා…මට කෙල ගිලෙනවා.. :sad: