Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
30 Jun
අනේ මන්දා මේ දවස්වල ටීවී එකේ යන දැන්වීම් පුදුම හිතෙනවා
අනේ ඇත්තට… හිතේ ඇති හරි ලස්සනයි කියලා. මේ තියෙන්නෙ මේ දවස්වල ටීවී එකේ යන යෝගට් දැන්වීමක්. මට නම් මාර තරහයි මේක දැක්කම. ඇත්තටම හිතෙන්නෙ නැද්ද මේක මහ විකාරයක් කියලා? යෝගට් කෑම කෙසේවතත් යෝගට් නාලා වගෙයි මට නම් පේන්නෙ. දැන් ටික කාලෙකට කලිනුත් චොකලට් දැන්වීමක මේ වගේ එකක් තිබිලා තියෙනවා.
රස ගුණ පෝෂණයෙන් සහ නැහැදිච්චකමින් පිරිලා!
Update: පින්තූරේ අයින් කළා. දාන එක හරි නෑ වගේ තමයි. කොහොම වුණත්…
ආශ්රිත ලිපි
6 Responses for "ඉස්සෙල්ලම කන්න උගන්නන්න"
ඇයි බොන්න. කිරි බොනකොටත් කට වටේ ගා ගන්නවා. පොඩි එවුන්ගෙ වැඩනෙ.
මම කිව්වෙ දැන්වීම් හදන අය ගැන.
වෙළඳ දැන්වීම් සංස්කෘතිය තුල ඔයිට වඩා අමන කම් සිද්ධ වෙනවා මචං. බලල ඇතිනෙ අර පුතා නොබලන්න එන එක ගැන අම්මා දුක් වෙලා දුරකතනයෙන් අමතන්න යනකොට ඒකෙන් මව් ගුණ ගීයක් යනවා. මතු පිටින් හරි ලස්සනයි වගේ පෙනුනට අම්මා, තාත්තට සලකන එක මේ නූතන සමාජයේ තාක්ෂණික මෙවලමකට කරන්න පුලුවන් කියන පණිවිඩේ තමයි දෙන්නෙ. මට නමා සරලවම ඒ වෙළඳ දැන්වීම කියන්නෙ “අම්ම ට සලකන එකත් මැෂීන් වලටම භාර දීපං. එහෙම කරල තව උඹලා රේස් දුවපං” කියන එක. මේ කුණු සමාජය හරි අපූරුවට සාධාරණීකරනය කරල ප්රාග්ධනය උපය ගන්න අපේ වෙළඳ ආර්ථිකය හුරු වෙලා ඉවරයි. වෙළඳ දැන්වීම් කාරයෝ කියන්නෙ සංස්කෘතික කුණු වීම් පෙන්වන පෙර ගමන් කාරයෝ. මේක ටිකක් දේශපාලනිකයි
Machan,
I don’t think its a good idea to post the picture of that kid here.
1) He’s a minor
2) He was just following the script given by the advertising agency.
@Dhanu: Yeah man you’re right. I got rid of it.
what up with maggie aachchi’s blog? Its really interesting to read, but posting frequency is very low. We would like to see at least a post per week.
Leave a reply