ෆයර්ෆොක්ස් සිංහල කළේ කවුද?

by Malinthe Samarakoon on July 17, 2008

සිංහල ෆයර්ෆොක්ස් අනුවාදය නිකුත් කරන්න ඩනිෂ්ක මහන්සි වුණු හැටි අපි හැමෝම දන්නවා. රෑ පුරා නිදිමරාගෙන ඒකෙ වැඩ කටයුතු කළේ ෆයර්ෆොක්ස් 3 නිකුත් කරනකොට කොහොමහරි සිංහල භාෂාව තියෙන අනුවාදයත් ඒ සමග නිකුත් කරන්න. ඒ කටයුත්ත සාර්ථකව කරගන්න හැකිවුණා.

ඒත් දැන් මොකක්ද වෙලා තියෙන්නෙ? ඩනිෂ්ක මේ තරම් මහන්සි වෙලා වැඩ කරලත් අන්තිමේදී ඒ ගැන මාධ්‍ය වල ගිය තොරතුරු සම්පූර්ණයෙන්ම විකෘති වෙලා. දැන් අපට අහන්න ලැබෙන්නෙ ICTA මගින් මේ සිංහල බ්‍රවුසරය සංවර්ධනය කළ බව. මොකක්ද මේ වැඩේ තේරුම?

‍ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති වලට මේ ප්‍රවෘත්තිය විකාශය වුණු හැටි බලන්න: “මේ සඳහා ‍ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නව අන්තර්ජාල ගවේෂකයක් සංවර්ධනය කර තිබෙනවා.” මොකක්ද මේ? ප්‍රවෘත්තියත් සම්පූර්ණයෙන්ම වැරදියි නේද?

ඒ විතරක් නෙමෙයි මෙන්න මෙතැනත් බලන්න: http://www.colombopage.com/archive_08/July15191506SL.html

එතැන කියා තියෙනවා “The Information and Communication Technology Agency of Sri Lanka (ICTA) along with the University of Moratuwa officially launched the latest internet browser Mozilla Firefox 3.0 in Sri Lanka today”

මේ කටයුත්ත සාර්ථක කරගන්න මෙතරම් මහන්සි වුණු ඩනිෂ්ක පැත්තක ඉඳිද්දි මේ ප්‍රවෘත්ති මෙහෙම පළවෙන්න හේතුව මොකක්ද? අඩුම තරමේ ඩනිෂ්කගේ නමවත් සඳහන් නොකරන්නෙ ඇයි? ඇයි මෙහෙම දේවල් සිද්ධ වෙන්නෙ?

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

7 comments

අනුන් කරපු දේට ලකුනු ගන්නේ මොනරටේද..
එංගලන්තෙ.. එංගලන්තෙ..
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ…
බොරුවට ලකුනු ගන්නේ නෑ.. ලංකාවේ එහෙම වෙන්නේ නෑ..

by sam on 2008 July 17 at pm 2:31. Reply #

We have to take some action.. feel terrible about this.

by Lahiru on 2008 July 18 at am 1:04. Reply #

ආයුබෝවන් මලින්ත,

ෆයර්ෆොක්ස් සිංහල කළේ කවුද? :smile:
http://wiki.mozilla.org/L10n:Localization_Teams
http://blog.mozilla.com/meeting-notes/
https://bugzilla.mozilla.org/show_bug.cgi?id=407648
http://groups.google.de/group/mozilla.dev.l10n/browse_thread/thread/749541739515e385

අප සැමගෙන් ඩනිෂ්කට බොහොම ස්තූති….All of you – keep up the good work…….! Sinhala Firefox 3.0.1 is great….
http://sinhala.kalingasblog.com/2008/07/16/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-firefox-3-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80/

මෙයට රුවන්෴

by රුවන් on 2008 July 18 at am 6:44. Reply #

ඩනිෂ්කට බොහොම ස්තූති. :)

by Lahiru on 2008 July 18 at am 9:27. Reply #

නිදහස් මෘදුකාංග හැමෝටම හදන්න , වෙනස් කරන්න පුළුවන්නේ… ඉතින් ඇයි ලකුණු දාගන්න හැමෝම පොරකන්නේ …..

නිදහස් මෘදුකාංග හදන අය එකිනෙකාට කුලල් කාගන්නේ ඇයි?
කවුරු කලත් මොකද? මේව ඉතින් නිදහස් මෘදුකාංග නේ ??? …
:grin:

by sithivili on 2008 July 18 at am 11:14. Reply #

[...] ෆයර්ෆොක්ස් සිංහල කරේ කවුද? – මලින්තගේ

by සුදාරකගේ අන්තර්ජාල සටහන : අහෝ ICTA! (ලැජ්ජාවේ බෑ!) on 2008 July 18 at pm 5:37. Reply #

නිදහස් මෘදුකාංග බව ඇත්ත. ඒ උනාට කවුද මහන්සි වෙලා සමාජයට එම දායකත්වය ලබා දුන්නෙ කියන එක සඳහන් කිරීම ඉතා වැදගත්.

by samantha on 2010 December 16 at am 11:03. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.