ඔන්න අද සම්පත් බැංකුවෙන් ඉල්ලපු වෙබ්කාඩ් එක අරන් ආවා. විසේසයක් නෑ. ඩොමේන් එකකුත් ගත්තා. (වෙන පොඩි වැඩකට – ළඟදිම ඒ ගැනත් කියන්නම්) හපොයි ලියන්න ගත්තු ගමන් විදුලිය නැතිවුණා නෙව.

කොහොම හරි මේ කාඩ්පත කළමනාකරණය කරන්න සම්පත් බැංකුවේ eWallet පාවිච්චි කරන්න පුළුවන් කියා තිබ්බ හින්දා ඒකෙ ගිණුමකුත් හදාගත්තා. කොහෙද ඒක හරියට වැඩ කරන්නෙ නෑනෙ. මේක පාවිච්චි කරපු කවුරුවත් ඉන්නවද? ඒක හරියට වැඩ කරනවද?

(ආ ඒ පාර විදුලිය ආවා)

පහුගිය දවස් ටිකේම යාළු මිත්‍රයො ඇහුවා මොකෑ ලියන්නෙ නැත්තෙ කියලා. හැබෑට බ්ලොග් එක තියෙනවා කියලත් අමතක වෙලා තිබුණෙ. ලියන්න හිතුණෙ නෑ. කාලෙන් කාලෙට එහෙම වෙනවා. :D

Related posts - ආශ්‍රිත ලිපි:

  1. මේ දවස් වල ජීවිතේ