මින්ට් සංසිද්ධිය

by Malinthe Samarakoon on December 3, 2008

ඔන්න ඉතින් දැන් ඕන එකක් කියලා ලින්ක්ස් මින්ට් වැඩි වැඩියෙන් භාවිතා කරන්න පටන් අරන් තියෙන්නෙ. ඊයේ පෙරේදා දැනගන්න ලැබුණු ටිප් එකකට අනුව fontconfig එක නැවත සැකසූ නිසා දැන් අකුරු ටිකක් ලස්සන විදියකට පේනවා. මේක කරන්නෙ sudo dpkg-reconfigure fontconfig මගින්.

මට ලිනක්ස් පාවිච්චි කරන්න ගියාම ලොකුම අවුල තමයි හොඳ තීම් එකක් හොයාගන්න තිබ්බ අමාරුව. කොහොම වුණත් මේ පාර හොඳ තීම් එකක් හොයාගන්න පුළුවන් වුණා. මේකෙ නම NiteLite Gnome.

අ‍නේ ඉතින් දෙයියනේ කියලා මින්ට් වල ඉඳන් වැඩ පටන්ගත්තට පස්සෙ ස්කෑනරේ ආයෙමත් වැඩ කරන්නෙ නෑ. දෙතුන් පාරක් හදාගන්න ට්‍රයි කරලා අතඇරලා දැම්මා. ඕන එකක් කියලා ගිම්ප් වලින් වැඩකරන්න බැලුවා ඒක හරිගියෙත් නෑ. ආයෙ රීබූට් කරලා වින්ඩෝස් වලට එන්න වුණා ෆොටෝෂොප් වෙතම :D වෙන නම් ඉතින් එච්චරම අවුල් නෑ. ෆයර්ෆොක්ස් ගාටනවා. ඒත් අන්තිමේදී හොයාගත්තා ලිනක්ස් මගේ මැසිමේ හරියට වැඩ නොකරන්න හේතුව. හේතුව මැසිම කසිකබලක් වීම තමයි.

දැන් මේ ස්කෑන් කරපු ගොනු වගයක් හරියට ප්‍රින්ට් කරගන්න බැරුව දඟලලා ආයෙ වින්ඩෝස් වලට ආවා. ACDSee මගින් ඒක නියමෙට කරගන්න පුළුවන් වුණා. හයියෝ :D

ඉතිං මේක ලිව්වෙ අලුත් තීම් එක ගැන කියන්න තමයි. වෙන විසේසයක් නෑ. කොහොම වුණත් දැන් මින්ට් වල අකුරු පේන විදියට මං අම්බානක ආසයි. මැක් ගතියක් තියෙනවා.

බලාගෙන යනකොට මං එක්ස්පී වල මුහුණතට පුරුදු වෙලා වගෙයි. ඒකයි ලිනක්ස් හෝ විස්ටා වල වැඩිවෙලා ඉන්න බැරි. (ඔව් විස්ටා දාලත් හරියකට පාවිච්චි කරේ නෑ.) මං තීම් එක, වෝල්පේපරේ, අකුරු පේන විදිය ගැන ඕනවටත් වඩා හිතනවා. දැන් නම් ඒක ටිකක් කරදරකාරී විදියට වැඩිවෙලා තියෙනවා කියලා තමයි මට හිතෙන්නෙ. විසඳුමක් නැතිවෙයිද?

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

20 comments

ඔව් ඕකට විසඳුමක් නෑ

:lol:

අර ලෙඩේ ම කොටසක් නෙව

by Anandawardhana on 2008 December 3 at pm 9:32. Reply #

මැන්, ඩොන්ට් යොඋ නො, ලිනක්ස් සක්ස් කියලා ? :mrgreen:
බොරුනම්, වයි ඩෝන්ට් යු අස්ක්, ඩනිෂ්ක, :cool:

by කාලිංග on 2008 December 3 at pm 10:44. Reply #

කාලිංග,

මලින්ත බැන්ද දාක වෙන දෙවලටත් හේතුව මගෙන්ම අහයිද දන්නේ නැ ;)

මෙයාට නාසා එකෙන් PC එකක් ගෙනාවත් හරියන්නේ නැ. මලින්ත මැක් කරයින්ව ගෙදරට ගෙන්වා ගෙන අවශ්‍ය විදියට එයාලා ගෙදරම ඉන්දව ගෙන ඔයාට අවශ්‍යම දේ දාගෙන හදාගන්න.

ඔන උනොත් Intel, Nvidia, Creative අයවත් ගෙන්න ගන්න. :)
තව එකක් ඒය එද්දි දොස්තර හරිස්චන්ද්‍ර මහත්තයවත් එක්කගෙන එන්න කියන්න. ;-)

by ඩනිෂ්ක on 2008 December 3 at pm 11:35. Reply #

ඒක හරියන්නේ නෑ, උන්ටික මු එක්ක හිටියොත් වහ බොනව සිකුරුයි, එහෙමෙ විනාෂයක් වෙන්න දෙන්න බෑනේ… ඒක නිසා අපි මලියාව යවමු ඈත ගමක virtual උදැල්ලක් දීලා කුබුරු කොටන්න, virtual කුබුරක :mrgreen: කරල මුට virtual වී වලින් virtual හාල් හදලා මුට virtual බත් උයල දෙමු :D

අර කතාවක් තියෙන්නේ දෙයියන්ගේ හාල් කැවිලා කියලා, මලියට virtual හාල් කැවිලා ඒකයි.

මොකද ඔක්කොම සක්ස් නේ :grin:

by කාලිංග on 2008 December 3 at pm 11:41. Reply #

wow nice theme

by චතුර සංදීප on 2008 December 3 at pm 11:42. Reply #

වින්ඩෝස්ම දිගටම භාවිතා කලානම් ඔච්චර කරදර නෑනෙ…..

by හර්ෂණ on 2008 December 3 at pm 11:46. Reply #

මෙන්න….. කව්ද M$ එකට ෂොපින් යනෝ….! :razz:

හික්… හික්…

මලියා අන්තිමට ඔය කියන්නේ වින්ඩොස් හොදයි කියලා බන්…. හික්…. තමන්ගේ වැඩේ කරගන්න බැරිදේ කන්නද…. නිකන් දුන්නත් :razz:

by කාලිංග on 2008 December 3 at pm 11:51. Reply #

ෂොපින් යාමක් නෙවෙයි, ඔය ඕපන් සෝස් ඔළුවෙ තියාගෙන ඉන්න අය මේවට විසදුම් දෙන්නෙ නෑනෙ, ඉතින් මේනිසා වින්ඩෝස් සරණ තමා…. එහෙමත්ම නැත්නම් මැක් ගැන සිතන්න පුළුවන් සල්ලි තියෙනවනම් :)

by හර්ෂණ on 2008 December 4 at am 12:04. Reply #

හර්ෂණ,

මෙයාට ඒකත් හරියන්නේ එකක් නැ කලක් යද්දි.

බිල්ගෙට්ගෙ ගෙදරගිහින් හදන් එන්න කිවොත් කියයි.
අපෝ එයාගේ මාලුටැංකිය දිහා බලන් ඉන්නකොට හිසරාදය කියලා. :D

by ඩනිෂ්ක on 2008 December 4 at am 12:16. Reply #

@ඩනිෂ්ක
ඒකත් ඇත්ත, :-D

ඇත්තටම මේකට විසදුමක් නැද්ද ???

by Harshana on 2008 December 4 at am 10:36. Reply #

මේකයි, OpenSource බාවිතා කරනවානම් මලින්ත වගේ ගීක් කෙනෙක් වෙන්න ඕනේ, RedHat, Ubuntu වල යාලුවො 5-6 දෙනෙක් ඕනේ, මොකද මේවගේ ඒවා අපුවහම ඒවාට විසදුම් හොයන්න.

මම මේ ලගදි දැක්කා ඔය ලොකු ලිනක්ස් User Group එකක මනුසයෙක් ඇහුවා එයාගෙ Sound card එක වැඩ කරන්නේ නෑ මොකද කරන්නේ කියලා, මේක Rs.25,000 වගේ වෙන සව්න්ඩ් කාඩ් එකක්, ලිනක්ස් ගුරුප් එකේ අය කියනව, ඕකට කලින් එකනම් සපොට් කරනවා ඒක ගන්න කියලා :D මරු උත්තර, දැන් වෙලා තියෙන්නේ ලිනක්ස් දාන්නනම් පරන hardware හොයන්න හා, hardware ගන්නකොට ලිනක්ස් වැඩ කරනවාද කියලා අහන එකයි.

අන්තිමට වෙලා තියෙන්නේ අපිට ඕනේදේ නොවෙයි කරන්නේ OS එකට ඕනේ එකයි :D

නත්තිමට අපි හැමෝම බනින බිල් අයියාගේ පිහිට තමයි. :mrgreen:

by Kalinga on 2008 December 4 at pm 1:50. Reply #

මේක මින්ට්වලට ගිය රට නොවැ

by ප්‍රභාෂ්වර on 2008 December 4 at pm 7:07. Reply #

අපොයි මෙහෙම ගියොත් බැන්දට පස්සෙ වයිෆ්ටත් තීම හොයයි මූ :lol:

by චතුර සංදීප on 2008 December 4 at pm 10:55. Reply #

මැදින් පනින්න නොහොතුනත් Open Source මෘදුකාංග දිහාට ඇඟිලි කීපයක් දික්වුනු නිසා ඉක්මනට දෙයක් එකතු කරන්නම්.

@කාලිංග: Hardware ගන්නකොට තමන්ගේ පද්ධතිට සහය දෙන නොදෙන බව සොයා බැලීම සාමාන්‍ය සිරිතයි. Windowsවල වුනත් වෙනස් නිකුතු ඇති නිසා, ඔබ එහෙම නොකරනවානම් පුදුමයි. :) ලෝකයේ මිලියන ගනනාවක් Linux පරිශීලකයන් ඉන්නබව අමතක කරන්න එපා. ඔබට වගේම අපටත් දෘඩාංග ඕනෑ වෙනවා. Hardware නිෂ්පාදකයන් අපව නොසලකා හරිනවානම්,… ඒ නිසා මිලදී ගන්නා hardware Linux සඳහා සහය දෙනවාදැයි බැලීම මට කිසිම ආකාරයක හිනාවට කාරණයක් නෙවෙයි.

කා එක්වත් තරහෙන් නෙවෙයි, පොදුවේ මේ වැරදි මතය ගැන සටහනක් මම ලිවුවා. :) http://www.prabhasara.com/2008/12/linux-open-source.html
නැවතත් කීවොත්, කා ගැනවත්‍ ඉලක්ක කරගෙන ලියපු ලිපියක් නෙවෙයි. මගේ මේ comment එකේ කාලිංගගේ නම සඳහන් කළ නිසා, විශේෂයෙන්ම කාලිංග ඉලක්ක නොකළ බව කියන්න ඕන. :)

by ගවීන් on 2008 December 6 at am 4:30. Reply #

එහෙනම් ඉතින් මලින්ත ගවීන් කිව්වා වගේ ලිනක්ස් වලට හරියන ස්කෑනරයක් ගන්න එක තමයි පිලිතුර :mrgreen:

ගවීන් හැබැයි මම නම් කිසිම දවසක Windows වඩ වැඩ කරනවද කිලලා බලලානම් Hardware අරගෙන නෑ, ගෙනාපු හැම එකක්ම වැඩ කරල :D ඔන්න ඉතින් මම වින්ඩොස් 98 බාවිතා කරානම් මේක හොයන්න වෙනවා.

හැබැයි මමනම් හොර කොපි නෙවෙයි බාවිතා කරන්නේ, අඩුගනේ මම මේ සිංහල ගහන කීමෑන් උනත් සල්ලී දීලා ගතේ, :shock: මම නම් කියන්නේ නිකන් දුන්නත් වැඩ නොකරන එකට වඩ්ඩ සල්ලී දීලා හරි වැඩ කරන එක මට හොදයි, මොකද OS එකක් ඕනේ අපේ වැඩ පහසුවෙන් කරගන්න මිසක් OS එකේ තියන දෝෂ හද හද ඉන්න නොවෙයි. :grin:

by කාලිංග on 2008 December 6 at am 9:04. Reply #

මාත් එක‍ඟයි කාලිංග ගෙ අදහසට OS එකක් තියෙන්නෙ පහසුවෙන් වැඩකරන්න මිසක් ලෙඩ හද හදා ඉන්න නෙවි.. :grin:

by චතුර සංදීප on 2008 December 6 at am 9:11. Reply #

@කාලිංග, @කසුන්: ඔබ හරි. OS එක අවශ්‍යතාවට හරි හැටි නොගැලපේනම්, නිකම් ලැබුනත් වැඩක් නෑ තමයි. මගේ blog post එකනම් ලිවුවේ ඒ ගැන නෙවෙයි, අසාධරණ විධියට බැන වදින අයට පිළිතුරක් ලෙසටයි. ඔබ මේ ගැන විවෘතව සිතන බව දන්නවා. :)

by ගවීන් on 2008 December 6 at pm 2:21. Reply #

@ගවීන්

ඔයාගේ කතාව මම පිලිගන්නවා, අපේ අයගේ වරදක් තමයි, ලිනක්ස් හොදයි, වින්ඩොස් නරකයි, විඩොස් හොදයි, ලිනක්ස් නරකයි කියන එක, මේක මහ මෝඩ වැඩක්.

මමනම් ඔය දෙකම බාවිතා කරනව, මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවෙන්නේ ලිනක්ස් වල, හම්බ කරගන කන්නේ ලිනක්ස් නිසා. :cool:

මම ලිනක්ස් කියන්නේ GNU Kernel එක පමණයි, ඒක උඩ් දුවන ඒවා බාගෙට බාගක් ලෙඩ හා, user friendly නැති දේවල්, මේව හැදුවානම් ලිනක්ස් වලට ගොඩක් දුර එන්න පුලුවන්.

මටනම් දෙකම හොදයි, හැබැයි, Desktop OS එකක් හැටියටනම් වින්ඩොස් තමයි.

by කාලිංග on 2008 December 6 at pm 2:27. Reply #

ඔය අකුරු පේන විදිහේ වැරැද්දට නරකද කන්ණාඩි දෙක මරු කරලා බැලුවොත්. :shock:

by on 2008 December 10 at am 11:03. Reply #

@ම: කණ්නාඩිය නම් මාරු කළා දැන් ටික කාලෙකට කලින් :D

by Malinthe Samarakoon on 2008 December 10 at pm 8:12. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.