ඊයේ දවස

by Malinthe Samarakoon on December 27, 2008

දැන් ඉතිං ලියන්නම දෙයක් නැති හින්දා ඊයෙ බස් එකේ ටවුමට ගිය හැටි ලියන්න හිතුණා. ඊයෙ ඉතින් ධර්මරාජේ සුනාමිය ගැන මොකක්ද තිබ්බ හින්දා කවදාවත් නැතුව ලේවැල්ලෙන් බස් චෙක් කරනවා. ඒ හරියෙ පාරත් වහලා හින්දා ධර්මාසෝක මාවතෙන් තමා ටවුමට එන්න වුණේ. ඊයෙ හෙණ අමුතු දවසක්. උදේ යන වෙලාවෙ අහසෙ එක වළාකුලක් නෑ. මාර කූල් ගතියක් තිබ්බෙ. ටවුමෙ නම් අම්බානක අව්වා. ATM එක ගාවට ගිහින් ඒකෙ අලයක් හින්දා පිච්චි පිච්චි ඉන්න වුණා විනාඩි දහයක් විතර.

ටවුමට ගිහින් ඉතින් ඉවරවෙලා තිබ්බ ප්‍රින්ටරේ කාට්රිජ් එකකුත් නැවත පුරවන්න දීලා ගියා ඩැනී ශානු සහ ප්‍රභාස් හම්බවෙන්න. ඉතිං ගුරුදෙණියට ඇවිත් එහෙ දවසම ගතකරලා පොරවල් ටිකත් එක්ක දෙගල්දොරුවටත් ඇවිල්ලා තමයි දවස ඉවරවුණේ. අනේ හැබෑට සෙට් එක දෙගල්දොරුවට ඇවිත් පිස්සු හැදිලා වගේ පැයක් විතර ෆොටෝ ගත්තා :D ඇත්ත ඉතින්, එතනට ගියාම චිත්‍ර කරපු ඕනම කෙනෙකුට පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා.

ඩැනියාගේ කැමරාව නම් එළ. මාත් ගන්න ඕන DSLR එකක්. සාමාන්‍යයෙන් පටන්ගන්න හොඳ කැමරාවකට නිර්දේශයක් තියේද? ලාබෙට ඕන ඉතින් මට එච්චර වියදම් කරන්න හැකියාවක් නෑ :D

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.