දෘඪතැටියක කතාවක්

මගේ මිතුරෙක් වන අකලංකගේ පරිගණකයේ දෘඪ තැටියට වෛරසයක් ඇතුළුවී නැවත වින්ඩෝස් ඇතුල් කරන්නට සිදුවිය. වින්ඩෝස් ඇතුල් කිරීම සිදුකළේ දෘඪ තැටිය ගලවාගෙන ගොස් වෙනත් ස්ථානයකිනි. එය ඔහුගේ පරිගණකයට සවිකළ පසු පරිගණකය ක්‍රියාත්මක ‍නොවූ නිසා ඔහු දෘඪ තැටිය මගේ තවත් මිතුරෙකු වන හිරෝෂන් හට දී තිබිණ. ඔහුටද එය සකස් කරගන්නට නොහැකි විය. ඉන්පසුවයි එම දෘඪ තැටිය මට ලැබුණේ.

අකලංක කී පරිදි එහි වටිනා වීඩියෝ දර්ශන හා ගීත රැසක්ම තිබේ. මට ඒවා ලබාගන්නටද අවශ්‍ය වී තිබිණ. ඉතින්, එම දෘඪ තැටිය මට ලැබීමෙන් පසු මම එය මගේ පරිගණකයට සවිකළෙමි. වැඩක් වූයේ නැත. එය හඳුනාගන්නේද නැත. මා නැවත අකලංකට කතා කළ විට ඔහු කීවේ එහි පරිපථය පිළිස්සී ඇති බවයි.

පරිපථය පිළිස්සී නම් එය අතහැරිය හැක. නමුත් මට එහි තිබූ ගොනු අත්‍යාවශ්‍ය විය. වාසනාවකට මෙන් මා සතුව එම වර්ගයේම තවත් දෘඪ තැටියක් තිබිණි. මම එක්වරක් යම් වෙබ් අඩවියක දුටු ලිපියකට අනුව හොඳින් ක්‍රියාකරන දෘඪතැටියේ පරිපථය, අකලංකගේ දෘඪ තැටියට සවිකළෙමි. පරිගණකයට සම්බන්ධ කළෙමි. කාර්යය සාර්ථකය! පරිගණකය එම දෘඪ තැටිය හඳුනාගත් අතර එහි ගොනුද ඉතා හොඳින් සුරැකිව තිබිණි. මම ඒවා පහසුවෙන්ම මගේ පරිගණකයට පිටපත් කරගත්තෙමි. එයින් කියවෙන්නේ දෘඪ තැටියක් ක්‍රියාවිරහිත වුවද, එය බේරාගැනීමට සුළු හෝ අවස්ථාවක් තිබෙන බව‍ නොවේද?

මලින්ත෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *