පරිගණක එකලස් කිරී‍ම පිළිබඳ පොතක් ගැන

මා මීට අවුරුදු කිහිපයකට පෙර මිළදී ගත් අප රටේ ප්‍රසිද්ධ පරිගණක විද්‍යා ලේඛකයෙකුගේ පරිගණක එකලස් කිරීම පිළිබඳ පොතකට සමාන වෙබ් අඩවියක් මට හමුවිය. මෙම අඩවිය දුටු මට මෙම පොත ‍ඉහත කී ලේඛකයාගේමදැයි සැකයක් ඇතිවිය. මට පෙනෙන්නේ නම් මෙම ලේඛකයා පරිගණක එකලස් කිරීම පිළිබඳ වෙබ් අඩවිය ‘ගෙඩි පිටින්’ සිංහලයට පරිවර්තනය කර ඇති බවයි. මා බොහෝ ගෞරව කළ ලේඛකයෙක් මෙවැන්නක් කරන්නට ඇත්ද? අපි බලමු.

මා සොයාගත් සමානතා සඳහා ‍උදාහරණ: http://www.pcmech.com/byopc/step/5/ හි මෙසේ සඳහන් වේ:

  1. Check the pins. Turn the chip over and inspect the pins. Are they bent? They should all stick straight up. If many of them are bent, then it is best to request a replacement processor. If only a couple are bent and the bend is not that much, then you may be able to use a screwdriver to gently bend the pins back into place. Do so VERY carefully.
  2. Open ZIF Socket. This is done by grabbing the lever on one side of the socket and opening it. Pull the lever from the closed, level position, to the open, vertical position. You may need to pull the lever out a bit before it will open. Do this slowly and don’t force it. You don’t want to break the socket. On the way up, you may experience a little more force. This is normal. The top part of the ZIF socket will slide over a bit.

දැන් පරිගණක එකලස් කිරීම පිළිබඳ වූ පොත: පිටුව 48 සිට

  1. තුඩු ගණන පරික්ෂා කරන්න.‍ ප්‍රොසෙසරය හරවා එහි පින්ස් වල තත්ත්වය පරීක්ෂා කරන්න. එහි නැවුන ඒවා තිබේද? පින්ස් සියල්ලම හොඳින් කෙලින් තිබිය යුතුය. ඒවායින් වැඩි හරියක් ඇදවී ඇත්නම් ඔබ විසින් ඒවා කෙලින් කිරීමට නොගොස් හොඳ එකකට මාරු කරගන්න. විශේෂයෙන් මෙරට උපාංග වෙළඳුන් විධිමත් ඇසුරුම් රහිත ප්‍රොසෙසරයක් ඇල්ලීමේදී පවා දැඩි නොසැලකිල්ලෙන් කටයුතු කරන නිසා මේ ගැන හොඳ අවධානයක් යොමු කරන්න. එකක් දෙකක් පමණක් නැවී ඇත්නම් ස්කෲ ඩ්‍රයිව් එකක (ඉස්කුරුප්පු නියනක) උපකාරයෙන් ඒවා ඇද හැරගත හැකිය. එහෙත් එසේ කිරීමේදී ඉතිරි ඒවාටද හානි වීමට ඉඩ නොතබන්න.
  2. ශිෆ් සොකට් එක ඕපන් කරන්න. මෙය කරන්නේ සොකට්ටුවේ පසෙකින් ඇති ලීවරයෙන් අල්ලා ඉහළට එසවීමෙනි. එනම් දැනට බෝඩ් එකට සමාන්තරව අති ලීවරය කෙලින් කිරීමෙනි. එය විවෘත වීම සඳහා තරමක් පිටට ඇදීමට සිදුවිය හැකිය. එහෙත් එය බලය යොදාගැනීමකින් තොරව හෙමින් හා ප්‍රවේශමෙන් කළ යුතු කාර්යයකි. තදින් අල්ලා ඇද්දොත් සොකට් එක කැඩී යා හැකිය. එය එසවීමේදී දැනෙන තරමක තද ගතිය සාමාන්‍ය එකකි. එසේ එසවීමේදී සොකට්ටුවේ ඉහළණ කොටස මදක් ලිස්සා යනු ඇත.

මේ උදාහරණ හොඳටම ඇති නේද? තවත් එකක් පෙන්වන්නම්. ඉහත වෙබ් පිටුවේ අංක 4 කොටසක්: If you do not have a ZIF socket (God forbid!), you need to exercise extreme care. Lay the chip on the socket. දැන් මේ පොතේ පිටු අංක 49: යම්හෙයකින් ඔබේ මදර්බෝඩ් එකේ ඇත්තේ ශිෆ් සොකට් එකක් නොවේ නම් (ඔබට දෙවියන්ගේම පිහිටය) ප්‍රොසෙසරය සවිකිරීම ඉතා දැඩි සැලකිල්ලකින් කළ යුතුය. එසේනම් ප්‍රොසෙසරය නිවැරදිව හෙමින් සොකට් එක මත තබන්න.

තවත් ටිකක් (http://www.pcmech.com/byopc/step/8/):

  1. Read the Manual. Always. Read the listings for settings and locate all jumpers on the motherboard itself and what settings they control.
  2. Set the voltage settings. Most older chips use one single voltage. The newer chips we use today use a split voltage. Most of these motherboards provide jumpers for the core voltage and I/O voltage. Set them to match your intended CPU. If you are using an older chip with one voltage, just set both voltages to be the same. Your best bet to choose the correct voltage is to see what is printed on the CPU itself.

පොතේ පිටු අංක 42:

  1. අත්පොත (මැනුවල් එක) කියවන්න. සැකසුම් සඳහා කළ යුතු වෙනස්කම් පිළිබඳව හොඳ වැටහීමක් ඇතිකරගෙන සිටින්න.
  2. වෝල්ටීයතා සැකසුම් සකසන්න. පැරණි චිප්ස් වැඩි හරියක් සඳහා අවශ්‍ය වන්නේ තනි වෝල්ටේජ් එකකි. එහෙත් අද අපි භාවිතයට ගන්නා චිප්ස් වැඩිහරියක මධ්‍ය වෝල්ටේජ් (Core Voltage) සඳහා මෙන්ම ඉන්පුට් අවුට්පුට් වෝල්ටේජ් සඳහා ද අවශ්‍ය වෙනස්කම් කළ හැකි ජම්පර් ඇතුළත්ය. ඒවා ඔබ සතු සීපීයූ එකට ගැලපෙන පරිදි සකස් කිරීමට සිදුවෙයි. තනි වෝල්ටේජ් එකක් අවශ්‍ය පැරණි චිප් එකක් භාවිතා කරන්නේ නම් වෝල්ටේජ් දෙකම එකම අනුපාතයකට සකස් කරන්න. ඇතැම් සීපීයූ වල කොතැනක හෝ කෝර් වෝල්ටේජ් මුද්‍රණය කර ඇත.

http://www.pcmech.com/byopc/step/2/: This is a very easy step. Basically, you are just taking the cover off your new case. If you have a standard case, you take a screwdriver and remove the four or six screws located around the edge on the back of your case. Hang on to these screws and put them in a place where they will not be scattered and can be easily found later in this procedure. Once they are removed, the entire case cover comes off in one piece.
‍පොතේ පිටු අංක 34: මෙය බෙහෙවින්ම පහසු අදියරකි. පළමුව කරන්නේ කෙසේ එකේ කවරය ඉවත් කිරීමය. සාමාන්‍යයෙන් එය පසුපස පිහිටි ස්කෲ ඇණ හතරක් හෝ හයක් ඉවත්කිරීමෙන් කළ හැකිය. (ඒවා පහසුවෙන් සොයා ගත හැකි තැනක තබන්න.) ඇණ ඉවත් කළ විට සම්පූර්ණ කේස් කවරයම ඉවතට ගත හැකිය.

http://www.pcmech.com/byopc/step/19/:

  • Check the LED’s on the front of the case. During boot-up, the HDD LED should light. If it does, it is connected properly to the motherboard. If not, try reversing the leads on the LED plug, or just turning it around. You can also check that the power LED lights and that the turbo LED lights, if it is connected.
  • Check the hard drive. Make sure it is spinning.
  • Check the fans. Make sure the CPU fan, power supply fan, and case fan(if you have one) are all spinning without any wires in the way. If your video card happens to have a fan, make sure it spins freely as well.

පොතේ පිටු අංක 116:

  • කේස් එකේ ඉදිරිපස ඇති LED පරික්ෂා කරන්න. බූට් අප් වෙන විට හාඩ් ඩිස්කය හඟවන LED පත්තු විය යුතුය. එසේ වන්නේ නම් එය නිවැරදිව මදර්බෝඩ් එකට සවිවී ඇත. ‍එසේ පත්තු නොවන්නේ නම් එයට එන වයර් ‍පොටවල් අනිත් අතට ගසා බලන්න. විදුලිය සැපයෙන් බව කියන LED මෙන්ම, ඇත්නම්, ටර්බෝ LED ද දැල්විය යුතුය.
  • හාඩ් ඩ්‍රයිව් එක පරීක්ෂා කරන්න. එය කරකැවෙන බව සැක හැර දැනගන්න.
  • ෆෑන්ස් පරික්ෂා කරන්න. විශේෂයෙන්ම සීපීයූ ෆෑන් එක, පවර් සප්ලයි යුනිට් ෆෑන් එක හා ඇත්නම් කේස් ෆෑන් එක නිවැරදිව කරකැවෙන්නේදැයි බලන්න. ඔබේ වීඩියෝ කාඩ් එකේද ෆෑන් එකක් ඇත්නම් එයද නිදහසේ කරකැවෙන්නේදැයි බලන්න.

‍මේ ඇති නේද? මෙවැනි සමානකම් රැසක් මේ පොත හා එම අඩවිය අතර දැකිය හැකි වුණා. මෙම වෙබ් අඩවියේ ඇති ලිපි ලියා ඇත්තේ ඩේවිඩ් රයිස්ලි යන අයෙක්. හොඳම කාරණය මෙම පොතේ මුල මෙවන් සඳහනක් තිබීමයි: මෙම පොතෙහි සියළු හිමිකම් ඇවිරිණ. ප්‍රකාශකයන්ගෙ අවසරය නොලබා මෙහි එන කිසිවක්ම මොනම ආකාරයකින් හෝ නැවත පලකිරීම තහනම්ය. මෙහි ඇති උපදෙස් හෝ රූප සටහන් අයථා ලෙස පරිහරණය කරන අයට එරෙහිව බුද්ධිමය දේපල නීති සංග්‍රහ පනත යටතේ කටයුතු කරනු ඇත.

ඉතින් මේ ලේඛකයා කරලා තියෙන්නේ ගෙඩි පිටින් කොපි කිරීමක් නෙවෙයිද? අඩුම තරමින් එය පරිවර්තනයක් බව කීවානම්? එසේ නොකියා තමන් විසින්ම ලියූ පොතක් ලෙස මෙය පළකිරීමෙන් ඔහු කරන්නේ බොරුවක් නොවෙයිද? තමන් ප්‍රකාශනය කළ පොතේ කොටස් අයථා ලෙස පරිහරණය කරන අයට එරෙහිව බුද්ධිමය දේපල නීති යටතේ කටයුතු කරන්නට යන ඔහුත් කර තිබෙන්නේ එම නීති කඩකිරී‍මක් නොවේද?

6 thoughts on “පරිගණක එකලස් කිරී‍ම පිළිබඳ පොතක් ගැන

  1. අලි කොපියක් නේන්නම්! මේ මනුස්සයා තමන්ගේ අතින් විහිළුවක් වත් එකතු කරලා නෑ වගේ නෙ! දෙවියන්ගේ ම පිහිටයි ආදියත් මුල් පොතෙන් කොපි කරලා!
    මේ ගැන ලිවීම වැදගත්.

  2. ලේඛකයාගේ නමත් පොතේ නමත් කිව්වනම් තමයි හොඳ…. මොක ද නඩු දාන්න කියල ද? …. මේක නිදහස් ලෝකයක් . මේක ‍අපේ රටේ මෙයාට විතරක් සීමා වෙච්ච දෙයක් නො වෙයි .. ඔයිට වැඩිය ‍ලොකු ලොකු බුද්‍ධිමතුනුත් ඔය වගේ වැඩ බොහෝම කරනවා…. නොමිලේ බෙදා හරිනවා නම් මොනවා කොපි කරලා තමන්ගේ නමින් හරි බෙදා හැරියාට කමක් නැහැ කියලයි මම නම් කියන්නේ.. මොක ද සිංහලෙන් තාක්ෂණය ගැන පොත් වැඩිපුර ලියවෙන තරමට තමයි හොඳ‍‍…

  3. This is a copy done in good intention..to make sinhala readers aware of computer,its not a crime as you describe…..there is no originality left in this world….most of the works are copied from the internet…..for this work references are not very necessary,in computer world this could happen intentionally or unintentionally since the stpes involve in some procedure is similar

  4. හොඳ චේතනාවක් වුවත්, මෙය වාණිජ අරමුණකින් කරන වැඩක්නේ. ක්‍රියා පටිපාටිය සමාන නම් ඒ ලේඛකයාටම එය ලියන්න තිබුණා නේද? එහෙම නොකර වෙබ් අඩවියකින් ගත් ලිපියක් ‍’ගෙඩි පිටින්’ පරිවර්තනය කර රුපියල් හාරසියයකට විකුණන්නේ ඇයි? ඊට හේතුව කුමක්ද? මේ විදියට කොපි කරන්න පුළුවන්නම් Copyright වලින් ඇති ඵලය කුමක්ද? හරි, ‍මුල් ලිපියෙන් කරුණු ‍ගෙන ලියුවානම් කමක් නැහැ. නමුත් මුල් ලිපියම පරිවර්තනය කර තමන්ගේ නම යොදා, තමන්ට එය අයිතියැයි පවසමින් වාණිජ මට්ටමින් විකිණීමට මා එකඟ නොවන බවයි කියන්නේ.

  5. මට නම් මෙතන ලාභ ලැබීම ඇර කිසිම හොඳ චේතනාවක් පේන්නේ නෑ. මලින්ත කියන දෙය හරි. පියවර සමාන නම් තමුන්ට ම එය ලියන්න තිබුණා. මීට වඩා සන්නිවේදන පහසුකම් අවම තත්වයක තිබුණු යුගයක ලංකාවේ විද්‍යා ලේඛන පතල කළ ඊ ඩබ්ලියු අදිකාරම්, මාර්ටින් වික්‍රමසිංහ වැනි ලේඛකයින් ලියා ඇති දේ බලන්න. ඔවුන් පරිශ්‍රම දරා පොතපත පරිශීලනය කොට ඒ මුල් අදහස්වලට නිසි තැන දෙමින් තමන්ගේ ම ලේඛන සම්පාදනය කළේ නැද්ද? ඔවුන්ට තිබුණා මීට වඩා හොර වැඩ කරන්න, මොකද ඒ කාලෙ කාටවත් ඒ දේවල් අල්ලන්න අමාරු නිසා. ඒත් ඒ අය එහෙම කළේ නෑ.

    දැන් හොරු බහුල වී ඇති බව යථාර්ථය වුවත් යථාර්ථායේ පවතින සෑම දෙය ම නිවැරදි වන්නේ නෑ. හොරු බොහෝ දෙනෙක් සිටින නිසා අපිත් ඒ මට්ටමට වැටෙමු කියලද පූජිත යෝජනා කරන්නෙ? මම නම් එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. පූජිත මෙහෙමත් කියනවා -(for this work references are not very necessary,in computer world this could happen intentionally or unintentionally since the stpes involve in some procedure is similar)
    එතකොට අර ඔබට දෙවියන්ගේ පිහිටයි වගේ සඳහනුත් හැමෝට ම ඒ වෙලාවට කියවෙන පියවර වලින් එකක් ද? මේක අමු කොපියක්. එච්චරයි. කොපි කළා මදිවාට සියලු හිමිකම් තමා සතු බවත් කියාගෙන ගිනි ගණන්වලට විකුණනවා. අන්තිම වැරදි වැඩක්!

  6. මේ පිළිබදව සියළු දෙනාටම දැන්වීම වෙනුවෙන් මා ඔබට ස්තූති කරනවා. ඇත්තටම කවුද පොතේ කතුවරය‍ා? ප්‍රසිද්ධියේ සටහන් කිරීමට අපහසු නම් විද්‍යුත් තැපැල් මාර්ගයෙන් දන්වන්න.

Leave a Reply to Anonymous Cancel reply