යූටියුබ් වීඩියෝ කෙලින්ම ඔබේ පරිගණකයට! | Get Youtube Videos to your PC Directly!

යූටියුබ් වීඩියෝ ගොනු ලබාගැනීමේ ක්‍රම විශාල සංඛ්‍යාවක් දැනටමත් පවතිනවා. අප බොහෝ දෙනෙක් මේ ක්‍රම භාවිතා කළත්, මෙහිදී තිබෙන විශාලම ගැටළුව වනුයේ මෙම ගොනු ෆ්ලෑෂ් වීඩියෝ ගොනුවක් (FLV) ආකාරයෙන් ලැබීමයි. (ඇත්තටම ඔබට VLC හෝ ගොම් ප්ලේයර් වැනි මෘදුකාංගයකින් මේවා වාදනය කළ හැකියි.) මෙය පරිගණකයේ ස්ථාපනය කර ඇති මෘදුකාංගයකින් අපට අවශ්‍ය මාදිලියකට (WMV, MPG, 3GP ආදී) පරිවර්තනය කර ගත හැකි වුවත්, මේ සඳහා අමතර මෘදුකාංග යොදාගැනීමට සිදුවීම විශාල කරදරයක්. මේ සඳහා හඳුන්වා දී ඇති නවතම අඩවියක් ලෙස වීකන්වර්ට් හඳුන්වා දිය හැකියි. මෙමගින් ඔබ ලබාදෙන යූටියුබ් ලිපිනයක් කෙලින්ම අවශ්‍ය ගොනු මාදිලියකින්ම ලබාගත හැකියි. මේ අතර wmv, mov, mp4, 3gp, mp3 හා flv වර්ග පවතිනවා. මෙය තවත් එක් අඩවියක් පමණයි. තවත් අඩවි කිහිපයක් පවතිනවා. ඒ ගැනත් ලියන්නම්.

We all know that we can get Youtube videos to our computers without much trouble. (Acutally, they are extremely low in quality, but what to do?) but the biggest problem is getting those videos as Flash Video Files (FLV) You need to use a converting program to convert these videos to wmv, mpg or any other format. (Of course you can use a program like VLC or GOM Player to play these files.) But I hate the extra hassle these things require. Another solution for this hassle is VConvert. This site converts specified Youtube addresses to wmv, mov, mp4, mp3, 3gp formats and let’s you download the converted file. This is one of those many sites out there. Pay a visit and check how it works. I’ll write about the others later.

1 thought on “යූටියුබ් වීඩියෝ කෙලින්ම ඔබේ පරිගණකයට! | Get Youtube Videos to your PC Directly!

  1. weconvert කියන අඩවියට සව්දි අරාබීයාවේදි ඇතුල් වෙන්න බැහැ. මේ හා සමාන වෙනත් වෙබ් අඩවි තියේනම් මට දන්වන්න….

    ස්තුතියි….
    hashonline@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *