අඳුරේ කළු තිරය… මොකක්? | Black Screen of… what?

වින්ඩෝස්හි ගැන කියන විට Blue Screen of Death ගැන ‍ගොඩක් දෙනෙක් දන්නවා ඇති. (දන්නෙ නැත්නම් මෙතැන බලන්න) මෙය සාමාන්‍යයෙන් වින්ඩෝස්හි බරපතල දෝෂයක් උද්ගත වූ විටයි අපට දකින්නට ලැබෙන්නේ. එසේනම් කුමක්ද මේ Black Screen of Darkness කියන්නේ?

විශාල වින්ඩෝස් විස්ටා බෙදාහරින්නෙකුට පසුගියදා යැවුණු ලිපියක, මයික්‍රොසොෆ්ට් හි නියෝජිතයෙක් මෙය කුමක්දැයි විස්තර කර දී තිබුණා. මෙම පණිවිඩයේ පිටපතක් Computerworld මගින් ලබාගෙන තිබෙනවා. මේ එහි උපුටාගැනීම් කිහිපයක්:

“මේ සතියේ සිට මයික්‍රොසොෆ්ට් මගින් ඌනිත ක්‍රියාකාරිත්වය (Reduced Functionality) යන විශේෂාංගයක් විස්ටා හි ක්‍රියාත්මක කරනු ඇති. මෙමගින් ව්‍යාජ වින්ඩෝස් විස්ටා සංස්කරණවල ක්‍රියාකාරිත්වය නවතා දැමේ. එමනිසා ව්‍යාජ පිටපතක් භාවිතා කරන ඕනෑම අයෙකු, පැයකට පසු කළු තිරයක් – ආරම්භක මෙනුව හා ටාස්ක් බාරයක් නොමැති – ඩෙස්ක්ටොප් එකක් නොමැති තත්ත්වකට මුහුණ දෙනු ඇත.”

මෙයින් පැහැදිළි වන්නේ අනාගතයේදී කිසිවෙකුට ව්‍යාජ වින්ඩෝස් පිටපත් භාවිතා කිරීමට නොහැකි වන බවද? නමුත් මෙම කඩඉමත් පසුකිරීමට කිසිවෙකු අනිවාර්යයෙන්ම ක්‍රමයක් සොයාගනු ඇත. 😀

Black Screen of Darkness to Haunt Vista Pirates [Computerworld]

Most would know what Blue Screen of Death means. (if you don’t read this) This usually occurs when something fatal happens in Microsoft Windows. So what an earth is Black Screen of Darkness?

A message was sent to a large Windows Distributor recently from a Microsoft Representative. He had explained what this is. A copy was retrieved from Computerworld. Here are some excerpts:

“…Microsoft has activated a function in Vista called ‘Reduced Functionality.’ This is a specific function in Vista that effectively disables nongenuine copies of Windows. Therefore anyone who has a pirated copy of Vista will experience: A black screen after one hour of browsing
No start menu or task bar – No desktop…”

So does this mean anyone wont be able to use non genuine (pirated) versions of Windows in the Future? I don’t think so. Someone will find a way to overcome this obstacle really soon. 😀

Black Screen of Darkness to Haunt Vista Pirates [Computerworld]

1 thought on “අඳුරේ කළු තිරය… මොකක්? | Black Screen of… what?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *