ෆොක්සිටියුන්ස් | FoxyTunes

ඔබත් අන්තර්ජාලයේ සැරිසරන අතර ගීත රසවිඳින්නෙක්ද? එහෙනම් මෙන්න විශිෂ්ට මෘදුකාංගයක්. ෆොක්සිටියුන්ස්, ඔබ අන්තර්ජාලයේ සැරිසරන අතර ඔබගේ ගීත වාදකය හැසිරවීමට, ඔබ අසන ගීතය පිළිබඳව තවත් විස්තර, ඇල්බම් කවර, ගායක තොරතුරු සොයාගැනීමට හා තවත් විශේෂාංග රැසකට සහය දක්වන උපාංගයකි. මෙය දැනට ප්‍රසිද්ධ මාධ්‍ය වාදක රැසකටම සහය දක්වයි. මේ අතර අයිටියුන්ස්, විනැම්ප්, වින්ඩෝස් මීඩියා ප්ලේයර්, ෆූබාර්, රියල් ප්ලේයර්, පැන්ඩෝරා, ලාස්ට්.එෆ්එම් ප්ලේයර්, ජූක්බොක්ස්, සොනික්, ජෙට්ඕඩියෝ මෙන්ම තවත් මෘදුකාංග රැසක්ම තිබෙනවා. මෙහි තිබෙන සිග්නාටියුන්ස් නම් විශේෂාංගය මගින් ඔබ සවන්දෙන ගීතය බොහෝ බ්ලොග්, ඊමේල් හා සංවාද මණ්ඩප වලට එක්කරන්නටත් පුළුවන්. උදාහරණයක් සඳහා මගේ සටහන අග බලන්න. දැනට බ්ලොගර්, ජීමේල්, තන්ඩර්බර්ඩ්, යාහූ, වර්ඩ්ප්‍රෙස්, ටයිප්පෑඩ් මෙන්ම තවත් පද්ධති රැසකටම සහය ලබාදෙනවා. මුලින්ම ෆයර්ෆොක්ස් සඳහා හඳුන්වාදුන් අමතර එක්කිරීමක් වන මෙය දැන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවෙනුත් දැන් ලබාගන්නට පුළුවන්. ෆොක්සිටියුන්ස්

Do you listen to music when you surf? If you do, here’s a nice tool for you 😀 Foxytunes, let’s you manage your media player from your browser. Get more info about the song, more info on the album, artist, album art and lots more! Foxytuens currently supports a bunch of media players including Winamp, Windows Media Player, Foobar, Real Player, Pandora, Last.fm Player, Jukebox, Sonic, JetAudio etc. A special feature named Signatunes lets you add your currently playing song to your blog posts, email messages and forums. It currently supports Blogger, Gmail, Thunderbird, Yahoo, WordPress, Typepad and a whole lot more. It was first introduced for Firefox. Now it’s also available for IE. Foxytunes

—————-
Listening to: Justin Timberlake – What Goes Around…Comes Around
via FoxyTunes

Leave a Reply

Your email address will not be published. Required fields are marked *