ෆයර්ෆොක්ස් මැද මවුස් ස්ක්‍රොල්කරණය | Firefox Middle Mouse Button Scrolling

වින්ඩෝස් වලින් උබුන්ටු වලට ආවත් වින්ඩෝස් වල තිබූ සමහර පහසුකම් උබුන්ටු වල හොයාගන්න අමාරු වුණා. එකක් තමයි ෆයර්ෆොක්ස් හි පිටු මවුස් එකේ මැද බොත්තමෙන් ස්ක්‍රොල් කරන එක. (Scroll) උබුන්ටු වල මැද බොත්තම සකසා තියෙන්නේ Copy and Paste කරන්න. මේක මට එච්චර ඇල්ලුවේ නැහැ. ඉතින් පොඩ්ඩක් හොයා බැලුවට පස්සේ ඒක පරණ විදියට හදන හැටි හොයාගත්තා.

1. ෆයර්ෆොක්ස් හි ලිපින තීරුවේ about:config ඇතුළත් කරන්න.
2. එවිට ප්‍රවේශනය වෙන පිටුවේ Filter තීරුවට autoscoll යන්න ටයිප් කරන්න.
3. ඉන්පසු ඔබට දකින්නට හැකිවේවි general.autoScroll යන විකල්පයක්. එය සාමාන්‍යයෙන් ඇත්තේ false ලෙස. එය දෙවරක් ක්ලික් කරන්න. නැතිනම් Right Click කර Toggle ක්ලික් කරන්න. එවිට එහි අගය true ලෙස වෙනස් වේවි.
4. ෆයර්ෆොක්ස් වසා දමා නැවත විවෘත කරන්න.
5. මැද මවුස් බොත්තමෙන් පිටු ස්ක්‍රොල් කරන්න! 🙂

Well I moved from Windows to Ubuntu but I miss some features that were available with it. (For an example, the Refresh menu item in the desktop context menu. I clicked it frequently and I miss it 😀 ) Another one is the middle mouse button scrolling in Firefox. Ubuntu’s default is to Copy/Paste with the middle button. I ran a search and found out how to fix it. (Not a fix, actually)

1. Enter about:config in the Firefox address bar
2. Then enter autoscroll in the Filter field.
3. You’ll see an option named general.autoscroll. It’s default value must be false. Set it to true by double clicking on it.
4. Restart Firefox.
5. Enjoy!

මැක්වර්ල්ඩ් වෙතින්: මැක්බුක් එයාර්! From MacWorld: MacBook Air!

ඔව්, ලොව පුරා බ්ලොග්කරුවන් හා පාරිභෝගිකයන් පුල පුලා බලා හිටි මැක්වර්ල්ඩ් වැඩසටහනේදී ස්ටීව් ජොබ්ස් නව නිෂ්පාදන රැසක්ම හඳුන්වා දුන්නා. මේ අතරින් අතිශය සිහින් වූ, විශිෂ්ටතම නිෂ්පාදනය වන්නේ ඔහු හඳුන්වා දුන් මැක්බුක් එයාර් පරිගණකය බව බය නැතුව කියන්නට පුළුවනි! 🙂

මැක්බුක් එයාර් (MacBook Air) ලොව තුනීම නෝට්බුක් පරිගණකයයි. සම්පූර්ණ ප්‍රමාණයේ යතුරුපුවරුවක්, අඟල් 13.3ක එල්ඊඩී තිරයක් හා මල්ටිටච් ට්‍රැක්පෑඩ් එකක් සහිතව හඳුන්වා දෙන මෙම පරිගණකයේ ලොකුම විශේෂත්වය මෙහි තුනී බව තමයි! අඟල් 0.16-0.76 පමණ ඝනකමින් යුත් මෙම පරිගණකය අදහන්නට බැරි තරම් සිහින් නේද?
සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී නිෂ්පාදනයක් වන මෙහි අන්තර්ගත වන්නේ 1.6GHz ඉන්ටෙල් Core 2 Duo ප්‍රොසෙසරයක්. ගිගාබයිට් දෙකක සාමාන්‍ය මතකයක්, ගිගාබයිට් අසූවක දෘඪ තැටියක්, වයිෆයි, බ්ලූටූත්, ඩීවීඅයි, යූඑස්බී, පරිගණකයටම සවිකර ඇති අයිසයිට් කැමරාව ආදී යම් පුද්ගලයෙකුට අවශ්‍ය වන සියළුම උපාංග මෙහි අන්තර්ගතයි. එකම අසාර්ථකත්වය මෙය සම්පූර්ණයෙන්ම ගැලවිය නොහැකි ලෙස සකසා තිබෙන නිසා බැටරියවත් මාරු කිරීමේ හැකියාව නොලැබීමයි. මතකය පවා ප්‍රධාන පුවරුවට පාස්සා තිබෙන නිසා ඉහළ දැමීම පවා කරන්නට බැහැ.

සාමාන්‍ය මිල ඩොලර් 1799 පමණ වෙනවා. 😀
නමුත්, මෙම පරිගණකයේ ඇති තාක්ෂණය, සිහින් බව, විශිෂ්ටත්වය ගත් කල මෙම මිළ නම් එතරම් වැඩිත් නැහැ!

උබුන්ටු මත එක්ස්පී | XP on Ubuntu

ෆෙඩෝරා ලිනක්ස් සටහන් හි නිර්දේශය මත මමත් වර්චුවල්බොක්ස් ස්ථාපනය කර බැලුවා. VirtualBox Guest Additions ස්ථාපනය කළ පසු ඉතා හොඳින් එක්ස්පී ක්‍රියාත්මක වුණා. වර්චුවල්බොක්ස් හි අනුවාද දෙකක් තිබෙනවා. VirtualBox-OSE හා සාමාන්‍ය වැසූ-කේත නිපැයුම ලෙස. OSE අනුවාදය විවෘත කේත අනුවාදයක්. එහි යූඑස්බී සහය ආදිය ලැබෙන්නේ නැහැ. වැසූ-කේත අනුවාදයේ යූඑස්බී සහයද තිබෙනවා.

ලිනක්ස්, වින්ඩෝස් සහ මගේ භාවිතය | Linux, Windows and my usage

ඉතින්, ගොඩ දවසකින් මේ ලියන්න පටන් ගත්තේ. මේ දවස් වල නම් උබුන්ටු වලම තමයි වැඩ කරන්නේ. හිතාගන්නවත් බෑ වින්ඩෝස් පාවිච්චි කරන්න නොහිතෙන බව. මේ දවස් ටිකට බොහොම සුළු වැඩ කීපයකට විතරයි වින්ඩෝස් බූට් කළේ. ඇත්තටම මම කවදාවත් හිතුවේ නැහැ ලිනක්ස් වලට මට මෙච්චර ආසා හිතෙයි කියලා 🙂 ඒ වුණත් මට Gnome නම් වැඩිය ඇල්ලුවේ නැහැ. හේතුව කියන්න දන්නේ නැහැ ඒක ගොඩක් හෙමින් තමයි වැඩ කරන්නේ. මම KDE උත්සාහ කර බැලුවා. ඒක නම් ගොඩක් හොඳයි වගේ දැනුනේ. Kubuntu සීඩී තැටියකුත් ඉල්ලලයි තියෙන්නේ.

උබුන්ටු පාවිච්චි කළාට තවම ස්කෑනර් එක හදාගන්න බැරිවුණා. දන්න කියන හැමෝගෙන්ම අහලා, ෆෝරම් වලින් අහලා, උබුන්ටු IRC චැනලයේ අයගෙනුත් ඇහුවා. කිසිම විසඳුමක් නැහැ. කරන්න දෙයක් නෑ ඊළඟ update එක එනතෙක් බලාගෙන ඉන්න වෙයි වගේ. අනිත් ඒවා නම් හොඳට වැඩ කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ.

අනිත් ප්‍රශ්නේ සමහර මෘදුකාංග. ෆොටෝෂොප් සහ කොරල්ඩ්‍රෝ තමයි ලොකුම ප්‍රශ්නේ. Wine වලින් ට්‍රයි කරලා බැලුවා – අසාර්ථකයි. Virtualbox දාලා ට්‍රයි කළා. ඒක නම් එච්චරටම වරදක් නෑ. ඒත් ඉතින් හාඩ් ඩිස්ක් එකේ ඉඩ මදි හින්දා ආයෙමත් අයින් කළා. (මා ගාව 40යි තියෙන්නේ)

පොඩි කැමරාවකුත් හම්බවුණා. Olympus FE-100 එකක්. පරණයි. වැඩිය වැඩ කෑලි නැහැ. ඒත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ. දැන් ඉතින් බ්ලොග් එක ලියනකොට පින්තූරයක් දෙකක් දාගන්නත් බැරියැ? 🙂 ඒකෙන් ගත්තු පින්තූර කීපයක් මගේ deviantART පිටුවට දාලා තියෙනවා.

උබුන්ටු සහ මගේ දිවිය | Ubuntu and my Life

So, I installed Ubuntu once again. But unlike the previous version, I’m enjoying it very well. 😀 Yeah, I’m using it more often than Windows. It’s strange ‘coz before, I didn’t like Ubuntu at all. Well I didn’t like many of ’em. I even tried Fedora. However, Gutsy works fine and I’m loving it. 🙂 There are some problems with the scanner though. I’m trying to find a way to fix it now. I installed Wine to get some Windows applications to work with it. Haven’t tried it yet though. Will keep you updated.

අහ්, සිංහලෙන් නොලිවීම ගැන සමාවෙන්න. ලියන්න හිතුණෙ නෑ. ඉස්සරහට ලියන්නම්. නිකං කම්මැලියි වගේ ලියන්න. සමහර වෙලාවට ඉංග්‍රීසියෙන් ලියනකොට අදහස් ප්‍රකාශ කරන්න ලේසියි වගේ දැනෙනවා. අනේ මන්දා… මේ ලිපිය ලියන්නේ උබුන්ටු වල ඉඳන්. මම කොහොමත් ලිනක්ස් වලට වැඩි කැමැත්තක් තිබුණේ නෑ ඉස්සර. දැන් නම් පාවිච්චි කරන්නෙ ආසාවෙන්. තවත් පොඩි වැඩ ටිකක් තියෙනවා, පසුව විස්තර කියන්නම්කො. 🙂