ඔව් අද ලියන්න යන්නේ කූඩැල්ලෝ ගැන. පරිගණක කූඩැල්ලෝ නෙමෙයි ඇත්ත පණ තියන කූඩැල්ලෝ ගැන. මොකද මේ දවස්වල අම්බානක වහින නිසා ගෙයින් එළියට ගියොත් කූඩැල්ලෙක් ෂුවර්. අම්මා නම් කොහෙත්ම කැමති නෑ කූඩැල්ලොන්ට. එකෙක් හිටියොත් ගේ දෙවනත් වෙන්න කෑගහනවා 😉 මටයි මල්ලිටයි නම් එච්චරටම ගාණක් නෑ. චූටි නැන්දත් කැමති නෑ, අම්මා වගේ තමයි ටිකක්. අම්මා එකපාරක් කතාවක ලියලා තිබ්බා කූඩැල්ලො ගැන. මෙන්න මෙහෙම: “මොනවට බයවෙනවද? ලේ උගේ ආහාරය. ඇති තරම් බිව්වට පස්සෙ ගැලවිලා වැටෙනවා. අහිංසක සතෙක්” ඉතිං අපි ඕක කියමින් හිනාවෙනවා 😀
ඉතිං මේ කූඩැල්ලොන්ගෙන් හැමදාම තියෙන කරදරේ හින්දා මම දැන් ටික දවසකට කලින් උන් ගැන වැඩි විස්තර හොයා බැලුවා විකිපීඩියාවෙ. මොකට කියනවද ඔය ඕන තරම් විස්තර තියෙන්නෙ. කියවලා බලන්න කෝකටත්. මොකද දැන් ඔය කූඩැල්ලෙක් එල්ලුණාම සබන්, ලුණු අරවා මේවා දානවනෙ. එතකොට ඌ ගැලවිලා වැටෙනවනෙ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයිලු. මෙන්න විකිපීඩියාවෙන් ගත්තු උපුටාගැනීමක්:
A common but medically inadvisable technique to remove a leech is to apply a flame, lit cigarette, salt, soap, or caustic chemical such as alcohol, vinegar, lemon juice, insect repellent, heat rub, or certain carbonated drinks. These cause the leech to regurgitate its stomach contents into the wound and quickly detach. The vomit may carry disease and increases the risk of infection.
මේ ගැන වැඩි විස්තර මෙතැන තියෙනවා. කෝකටත් කියවලා බලන්න. http://en.wikipedia.org/wiki/Leech
මොකද මං මේ කූඩැල්ලෝ ගැන ලියන්න ගත්තෙ කියලා මං මේ කල්පනා කළේ. ආ හරි. අපේ මාමණ්ඩියා කූඩැල්ලොන්ට දස වධ දෙන හින්දා තමයි මම මේක ලියන්නෙ. මට ඊයෙ පෙරේදා දැනගන්න ලැබුණා එයා කකුලේ හිටපු කූඩැල්ලෙක් ගලවලා අරන් ඌව nailcutter එකකින් දෙකට කැපුවා කියලා 🙁 මට ඇත්තටම ටිකක් තරහ ගිය හින්දා තමයි ඉතින් මේක ලියන්න හිතුණේ. ඒක හරිම කැත වැඩක් නේද? අහිංසක කූඩැල්ලොන්ට මොනවා තේරෙනවද? ඌව කෑලි වලට කපලා, ගින්දර වලින් පුච්චලා දාන්න තරම් මිනිස්සු නපුරු වෙන්නෙ කොහොමද? 😛
ඉතිං මෙපමණයි ලියන්න තියෙන්නෙ. ආ තව වැඩක් වුණා ඒකත් ලියලම ඉවරයක් කරන්නම්. දවසක් මම ගෙයින් පිටතට ගිහින් නැවත ඇතුළට ඇවිල්ලා මැෂින් එක ළඟ වාඩිවෙලා වැඩක් කර කර හිටියා. එතකොට දැනුණා කකුලේ මොකෙක්ද ඉන්නවා වගේ. බලනකොට කූඩැල්ලෙක් තමයි. ඒත් ඌ ලේ බීලා තිබුණේ නෑ. ඌ කම්පියුටරේ තියපු මේසේ උඩට යනවා. මට මාර හිනා. ඌව දැන් අයින් කරන්නත් එපෑ? ඒත් මම උන්ව අල්ලන්න කැමති නෑ (කකුලේ හිටියොත් මිසක්) ඒ හින්දා ඉරපු කොළ කෑල්ලක් අරගෙන ඌව ඒකට උඩට ගන්න ට්‍රයි කළා. මොන? වැඩේ හරියන්නෙම නෑනෙ. විනාඩි දහයක් විතර ට්‍රයි කළා ඌව කොළ කෑල්ල උඩට ගන්න. ඌ ඉදිරියට යනකොට යන පාරේ කොළ කෑල්ල තියනවා. එතකොට ඌ ඒක ‘චෙක්’ කරලා බලලා පැත්තකට යනවා. මං ඉතින් ටිකක් කල්පනා කරලා කළා නියම වැඩක්. අර කොළ කෑල්ල අරගෙන මැදින් සිදුරක් විදලා කූඩැල්ලා සිදුර මැද හිටින විදියට තිබ්බා. දැන් ඌ කොහාට ගියත් යන්නෙ කොළ කෑල්ල උඩට විතරමයි. ඉතින් ඌටත් හිතෙන්න ඇති දැන් වැඩේ හරියන්නෙ නෑ කියලා. නැග්ගා කොළේ උඩට. මං ගිහිල්ලා විසි කරලා දැම්මා. 😀
එපමණයි. අනේ මටත් පිස්සු!
මහ හිරිකිත මාතෘකාවක් වුනාට ලස්සනට ලියලා තියෙනවා 😀
හරිම රසවත් කතා කිහිපයක් , ටිකිරි මොලේ නම් මරු, අර කොල කෑල්ල උඩට ගත්තු එක කියවලා හීතුනා, කූඩැල්ලෝ මෙට්ටෙ උඩ තියන්න බෑ කියන යෙදුමට, කූඩැල්ලෝ කොලේකටවත් ගන්න බෑ කියලා කියන්නත් පුළුවන් නේද කීයලා , කොහොම උනත්, අර විකිපීඩියා එකේ කියලා තිබ්බ කතාව ඇත්ත, දන්නවද වෛද්‍ය ක්‍රම වලදිත් ප්‍රතිකාර ක්‍රමයක් හැටියට කූඩැල්ලෝ යොදාගන්නවා, සමහර විට, බොහොම ප්‍රසිද්දයි, කකුල් වල ශිරා අශ්‍රිත රෝගාබාද වලදී වෙද කූඩැල්ලො කියලා ජාතියක් පාවිච්චි කරනවා. මේකෙත් විස්තර තියෙනවා. සිංහල හරි වෛද්‍ය යෙදුම් නම් දන්නෙ නෑ ඒ රෝගාබාද වලට. http://www.leeches.biz/ මේකේ තියෙනවා ගොඩක් විස්තර ඒ ගැන
මරුවට ලියල තියෙනවා. නියමයි.
හප්පා..පව්නේ අසරණ කූඩැල්ලා..:P
මට නම් කූඩැල්ලෝ ගානක් නෑ.. එල්ලිලා හිටියොත් අතින් ඇදලා ගලවලා දානවා..
හැබැයි අපේ අම්ම් නම් හරි බයයි කූඩැල්ලන්ට..