පිස්සාගේ මින්ට් කෑම

මොකට කියනවද මට නම් තියෙන්නෙ අමුතුම පිස්සුවක් තමා. වෙන මොකක්වත් නෙවෙයි මෙහෙයුම් පද්ධති පිස්සුව. පහුගිය සති දෙක තුනට මෙහෙයුම් පද්ධති බර ගාණක් දාන්න ඇති. වින්ඩෝස් එක්ස්පී තියෙන අතරේ උබුන්ටු දැම්මා. ඒකට කේඩීඊ දාලා ආයෙ එපාවෙලා කුබුන්ටු දැම්මා. ඊටපස්සෙ ඒක එහෙමම තියෙද්දි අනිත් දෘඪ තැටියට විස්ටා දැම්මා. ඒකත් එපාවුණා. ඊටපස්සෙ ෆෙදෝරා දැම්මා. ඒක නම් හරියට පාවිච්චි කරලා බැලුවේ නෑ.

ඔන්න ඉතින් අද දැම්මා ලිනක්ස් මින්ට් 😀

මුලින්ම දැක්ක දේ තමයි ලස්සන 😉 කලින් ආරංචි වෙලා තිබ්බෙ මින්ට් ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒක හැබෑව. කිසිම අවුලක් නෑ. ලයිව් තැටිය දාලා පොඩ්ඩක් අරවා මේවා පරික්ෂා කරලා බැලුවා. ආරංචි වුණ හැටියට මේක උබුන්ටු මතලු පදනම් වෙලා තියෙන්නෙ. (ඒත් මට උබුන්ටු එක්ක වැඩ කරන්න බැරිවුණා හරියට)

කොහොම හරි හිතට අල්ලපු හින්දා කුබුන්ටු වෙනුවට මේක ස්ථාපනය කළා. එම්පී3, ෆ්ලෑෂ්, ජාවා ආදියත් පෙරනිමියෙන්ම වැඩ. වැඩිය දේවල් අන්තර්ජාලයෙන් ස්ථාපනය කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒක ලොකු සැනසීමක් මොකද මට මොබිටෙල් M3 නිසා ගොඩක් දේවල් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් වහ කන්න වෙන හින්දා 😉

Huawei මොඩමය වැඩ. wvdial වලින් තමයි සම්බන්ධ වෙන්නෙ. ස්ථාපනය කළාට පස්සෙ EnvyNG මගින් nvidia ඩ්‍රයිවර් ස්ථාපනය කළා. සිංහල අකුරු වල පොඩි අවුල් තිබ්බ නිසා සිංහලත් වෙනම ස්ථාපනය කළා. ඒකට පාවිච්චි කළේ උබුන්ටු සඳහා එන ඒවමයි. කොහොම වුණත් වැඩි දෙයක් ස්ථාපනය කරන්න අවශ්‍ය වුණේ නැහැ. Audacious දැම්මා මං ඒකට ගොඩක් ආස නිසා. දැන් tvtime දානවා. දැනට නම් ගොඩක් හිතට අල්ලලා තියෙන්නෙ. ඒත් ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියන්න බෑ. මට අමුතු පිස්සුවක්නෙ තියෙන්නෙ 😉

Linux Mint

11 thoughts on “පිස්සාගේ මින්ට් කෑම

  1. Yes, Mint is convenient to install and use. It’s configured for the ease of use. I myself has done the OS juggling quite, but only with Linux though. After years for Red Hat, Fedora, Debian, Vector, Gentoo, etc.,… I’m currently using Mint since a few months ago.

    Still I’m open to any distro. However I’m sticking with Mint unless something convinces me otherwise. 🙂 Let’s see what’s about you. 🙂

  2. මාත් ඕක දාන්න යන්නේ, ඩේබියන් බේස්ඩ් (උබුන්ටු) නිසා හොද වෙයි කියලා හිතුනා…. කේ.ඩී.ඊ 5 බීටා තමයි දාන්න යන්නේ 🙂 හැබැයි පුතේ මගේ wifi එක හරි නොගියොත් ඉතින් :mrgreen:

  3. මටත් තියෙන්නෙ ඔය wifi ප්‍රශ්නෙ තමයි. US Robotics MAXg PCI card එක උබුන්ටු වල වැඩ කොරන්නෙ නැහැ නේ. windows drivers පාවිච්චි කරල wifi එක හදන විදිහක්‌ internet එකේ දැක්‌ක . පස්‌සෙ උත්සහ කරල බලන්න ඕන

  4. ලිනක්ස් මින්ට් සර්වර් එක හැක්කරලා

    http://www.linuxmint.com/blog/?p=235

    Our server was hacked and code was injected into it to make connections on our behalf to pinoc.org and download a trojan called JS/Tenia.d

    For more information about this trojan: http://us.mcafee.com/virusInfo/default.asp?id=description&virus_k=146254

    If you visited linuxmint.com in the last two days we recommend you scan your computer to make sure this trojan isn’t present. As this attack exploited vulnerabilities within our PHP code we took the opportunity to clean it all and secure every single page against injections in the future. Linuxmint.com is now clean and secure but we experienced almost 20 hours of downtime and we lost almost 2 days of work into fixing this.

    I personally received a lot of emails from the community, warning us about the problem. I haven’t had time to reply but I would like to thank the people who came forward. If you observe a problem in the future please do not hesitate to report it.

    I’d also like to thank Michael (d00p) and Mats (husse) for the help they gave me on this. Husse, as always, catches my attention on what matters and if it wasn’t for d00p, our domain would still be down right now. I also apologize for the downtime and for the inconvenience. Comments and questions are welcome.

  5. ඈ….? පැණි වරකා ගහටත් හෙණ ගැහුවා එහෙනම් ?!?

  6. අනේ මන්දා මටත් ඔය වගේ පිස්සුවක් තිබුනා. මමත් ලිනක්ස් මින්ට් දා ගත්තා ආසාවට. ඒත් මේකෙ කොහොමද වින්ඩෝස් මෘදුකාංග දාගන්නෙ කියල හරියට තේරෙන්නෙ නැහැ

    1. E220 ද? ඒක දැන් අලුත්ම නිකුතුවේ Network Manager එකත් එක්ක කෙලින්ම වැඩ කරනවා. තව ටික දවසකින් නිකුත් කරාවි. දැනට තියෙන්නෙ RC එකක්.

Leave a Reply to Malinthe Samarakoon Cancel reply

Your email address will not be published. Required fields are marked *