කම්මැලි නිසා ලියන සටහනක්

මේ දවස් වල මෙලෝ දෙයක් ලියන්න හිතෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නෙ නෑ ඒත් දැන් කාලෙක ඉඳන් කිසිම දෙයක් ලියන්න හිතෙන්නෙ නෑ. ලියන්න දේකුත් නැද්ද මන්දා. ඉස්සර නම් ඉතින් මෘදුකාංග අරවා මේවා ගැන ඇති තරම් ලිව්වා. ඒත් දැන් ඒවා ලියන්නෙත් නෑනෙ. අනේ මන්දා මට මොනවා වෙලාද කියලා 😀 දැන් මේ වාඩිවුණේ ඕන කෙහෙල්මලක් කියලා මොනවහරි ලියන්නයි.

මේ දවස් ටිකේ හවස් වෙනකොට ‍පුංචි සත්තු ජාතියක් එනවා. මාර වදයක් වෙලා තියෙන්නෙ. කෝඳුරුවො වගේ. මොක්කුද දන්නෙ නෑ ඒත් හවස් වරුවට මෙලෝ දෙයක් කරන්න විදියක් නෑ. බල්බ් වලයි, මොනිටර් වලයි… ඇ‍ඟෙත් වහනකොට පුදුම තරහක් එන්නෙ. බල්බ් වලට එන උන් මැරිලා බිම. ඉතින් ඒ වෙලාවට උන්ට බැන බැන දඟලන එක තමයි වැඩේ. ඊයේ නම් ටිකක් අඩුයි.

වර්ඩ්ප්‍රෙස් සිංහල කරන වැඩේ දැනට 58% ඉවරයි. ඒක හැකි ඉක්මණින් ඉවර කරන්නත් ඕන. සිංහල බ්ලොග් කියවනයට අලුතින් බ්ලොග් දාන්න ඉල්ලීම් ගොඩක් එනවා. දැනටමත් 191 ක් තියෙනවා. 200ට ළඟයි. 🙂 සතුටුයි.

ජංගම දුරකථනය පිස්සු නටන්න ගත්ත හින්දා හොඳවැයින් අප්ඩේට් එකක් දුන්නා. ඇත්තටම අප්ඩේට් කළේ නෑ. තිබ්බ එකමයි ආයෙ දැම්මෙ. ඒත් ඒකෙන් පස්සෙ තිබුණු ලෙඩ ටිකක් හොඳ වුණා. දැන් නම් දෙයියනේ කියලා අවුලක් නැතුව වැඩ.

දැන් ටිකක් බරපතල කතාවකට.

අද උදේ කියවපු සටහනක් නිසා මාත් ඒ ගැන ටිකක් කල්පනා කළා. මමත් උදෙන්ම පරිගණකය ළඟට ඇවිත් ඊමේල් බලලා ෆීඩ් කියවලා තියෙන පොඩි පොඩි වැඩ කර කර මුළු දවසම ඉන්නෙ පරිගණකය ළඟමයි. කන්න යන්නෙත් අම්මා කෑගැහුවම. කෑම කන්නෙත් හදිසියට. දඩිබිඩි ගාලා ගිලලා දාලා ආයෙමත් මෙතන. දවසම. බරපතල තත්ත්වයක්.

මට යාලුවොත් නැහැ. ඉන්නෙ අන්තර්ජාල යාලුවො විතරයි. ඒ නිසා පරිගණකය නැතිනම්, අන්තර්ජාලය නැතිනම් මොනවා වේවිද කියලා හිතන්නවත් බැහැ. ඒ හින්දම මේක අත අරින්නත් බැහැ. විදුලිය නැති දවසට එහෙම නිකං පිස්සු හැදිලා වගේ කැරකි කැරකි ඉන්න වෙලා තියෙන්නෙ ඒ නිසයි. මං පහුගිය දවස් ටිකේ මේ ප්‍රශ්නෙ ගැන දෙතුන් දෙනෙක් එක්කම කතා කළා. ඒත් මොනවද මං කරන්නෙ? මං අම්බානක ලජ්ජාශීලී කෙනෙක් නිසා යාලුවෙක් ඇතිකරගන්න එකත් මට ලේසි වැඩක් නෙවෙයි. මං අන්තර්ජාලයේදි යතුරුපුවරුව හරහා අම්බානක කතා කළාට සැබෑ ජීවිතේදි ගොඩක් නිහඬයි. (මේක හොඳටම අත්විඳින්න ලැබුණේ දැන් කාලෙකට කලින් අපේ කොල්ලො සෙට් එක නුවර ආපු වෙලාවෙ) ඉතින් මේ දවස්වල life sucks, life sucks කිය කිය කෑගගහා ඉන්නෙ. මේ හේතුව හින්දා වෙන්න ඕන කිසිම දෙයක් ලියන්න හිතෙන්නෙත් නැත්තෙ.

සුදාරක මලයා තීම් එකක් හදලා ඉල්ලුවා. ඒත් ඒක කරගන්නත් බැරිවුණේ මේ ඔළුව අප්සට් වීම හින්දා වෙන්න ඇති. පොරටත් අප්සට් ඇති. සොරි කොල්ලො 😉

හයියෝ මේ මදෑ කියෙව්වා. අදට ඇති. හික්.

16 thoughts on “කම්මැලි නිසා ලියන සටහනක්

  1. මම මේ තීම් එකක් ඉල්ලුවේ එක්තරා සුවිශේෂී කෙනෙක්ට පෙන්නන්න 😳 :mrgreen: අවුලක් නෑ ඒකට නම්.

    අනිත් බරපතල ගැටළුව තමා ප්‍රශ්නේ. ඔය තොරතුරු තාක්ෂණයේ අනිසි ප්‍රතිඵලයක්. අපි නිකම්ම හුදකලා වෙලා යන එක තමයි වෙන්නේ. ඉතින් ඒකට මෙන්න මේ ‍වගේ දේවල් කරන්න පුළුවන්

    + පොතක් පත්තරයක් කියවන්න
    + පොතක්/කවියක් ලියන්න
    + කලින් පාසලේ යාළුවෝ හොයාගන්න. (හැබැයි යාළුවෝ නිසා අර අහවල් දෑ වලට ඇබ්බැයි වෙන්න එපා). ඒ අයත් එක්ක කතා කරන්න. එහෙමත් නැත්තන් අඩුගානේ අල්ලපු ගෙදර එකාත් එක්ක වැටට රණ්ඩුවක්වත් අල්ලන්න 😀 (පස්සේ සමාදාන වෙලා යාළුවෙන්න 😉 )
    + භාවනා කරන්න පුරුදුවෙන්න (ආනාපානාසති භාවනාව එහෙම)
    + අළුත් හින්දි චිත්‍රපටියක් බලන්න 😉
    + අන්තිම සහ සුවිශේෂීම උපදෙස – ගෑනු ළමයෙක් හොයාගන්න 😉 (හැබැයි මේක තමයි අමාරුම වැඩේ!)

    🙄 මේ උපදෙස් පිළිපැද්දොත් නම් ඉතින් යම් කිසි සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා 😀

  2. ඔව් පරිගනක වලට අකැමැති ගෑනු ළමයෙක් ගිටියනම් මරු :mrgreen: ……අත්දැකීමෙන් කියන්නේ….(ඒත් තාම එයා මට කැමති කිව්වේ නෑනේ….ප්‍රතිඵල එකකන් මේ ඉන්නේ 💡 )
    මලින්ත මලයෝ හොදම වැඩේ පොතක් පතක් කවියක් එහෙම කියවන එක.නැත්නම් යාලුවෝ එක්ක ඉන්න,…..මොකද කියන්නේ යමුද ඩීඇස් පුස්තකාලේ පැත්තේ….

  3. හ්ම් හ්ම් 😀
    යාලුවො ‍නේද.. ඒකනෙ අවුල. කොටින්ම කියනවා නම් ඉස්කෝලෙ යාලුවෙක් හම්බවුණා ඊයෙ ටවුමට ගිය වෙලාවෙ. බොලේ උගෙ නම මට මතක නෑනෙ 😀 උන්ගෙ ෆෝන් නම්බර්වත් මගෙ ළඟ දැන් නෑ.

    සුදාරක මලයගෙ සුවිශේෂී උපදෙස සහ නාගයාගෙ පළමු උපදෙස නම් ක්‍රියාත්මක කරන්න අමාරුයි. 😉

    මං හින්දි චිත්‍රපට වලට නම් කැමති නෑ හැබැයි ඉංගිරිසි ඒවා නම් හිටු කියලා බලනවා 😀

  4. සුපුන් හෙන රොමෑන්ටික් කොල්ලා නේද?මාත් ඕ ලෙවල් ඉවර වෙල හිටු කියලා හින්දි ඒවා බැලුවා……

  5. ඔය කියන්නෙ සුනාමි මැස්සො ගැන වෙන්න ඕන. වැහි කාලෙන් පස්සෙ එන්නෙ. මහ කරදරයක් තමා.
    යාළුවො නේද? ඇතුවත් බැරි නැතුවත් බැරි කොටසක්නෙ. 😉
    ‍ෆෝන් නම්බර් දුන්නට මාසෙන් දෙකෙන් ඒවා වැ‍ඩ නෑ. ඊට පස්සෙ හම්බවෙන්නෙ තව අවුරුදු ගානකින්.

  6. හික් හික්! ඔය ඉංග්‍රීසි චිත්‍රපටි වලින් 90%ක්ම තියෙන්නේ ෆැන්ටසි, ප්‍රචණ්ඩත්වය ‍වගේ දේවල්. ඒක වරදක්ම නෙවෙයි. ඒත් මේ වගේ වෙලාවට කරන්න ඕන පොඩ්ඩක් හිත සැනහෙන හින්දි චිත්‍රපටියක් බලන එක තමයි. මේ තාක්ෂණයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් හින්දි චිත්‍රපටි බලන්න බටහිර ලෝකයේ පෙළඹීමක් ඇති වෙලා තියෙන්නෙත්.

  7. හැබැයි ඉතින් මෙහෙමයි, වැඩේ නරකටම යනවානම් කොම්පියුටරේ උස්සලා පොළවේ ගහන්න! රෝගය නිවාරණයි! 😀

    ඔන්න ෆැසිස්ට්වාදී අදහසක්! 😀

  8. ආආආ… මටත් ඔය ලෙඩේ අඩු නැතිව තියෙනවා.. 😆 අර සුවිශේෂීම උපදෙස මට ක‍රල දෙන්න බැරිද කාටහරි 😛 හින්දි වගෙම ඉංග්‍රීසි චිත්‍රපටිත් බලනවා.. ඒත් සනීපයක් නෑ… මටනම් යාලුවො ඉන්නවා.. ඉදල හිටල සෙට් වෙනවා… ඒත් මොකක් හ‍රි computer වලට අදාල දෙයක් තමයි කතාවෙන්නෙ… 🙁

    අර සත්තු එනවට ලයිට් එකේ කොළ අත්තක් එල්ලන්න.. 😆

  9. අයියෝ යාලුවෝ සෙට් උනාම පරිගනක ගැන කතා කරන්න එපා, සුවිශේෂීම උපදෙස තනියෙන් තමා කරගන්න වෙන්නේ ඉතින් 😈

  10. මටනම් ඔය ලෙඩේ හැදෙන එකක් නෑ. ‍අපේ ගෙදර පරිගනකයට අන්තර්ජාලය නැති නිසා. පරිගනකය එක්ක වුනත් මගේ වැඩි වැඩක් නෑ. තාත්තා පරිගනක ක්‍රීඩා සීඩී ගෙනත් දුන්නත් මාම ඇවිත් ඒවා තහනම් කළා. මල්ලිනම් තරහත් වුණා. චිරාන් අයියාටත් ඔය ලෙඩේ හැදෙයිද දන්නේ නෑ. එයා කියනවා නැහැල්ලු, සීයව තමා පරිස්සම් කරගන්න ඕනෙ කියල.
    (http://mystudies-chiran.blogspot.com/)
    (http://hpr-mycertainty.blogspot.com/)

  11. අනේ මන් දන් නෑ,මේ ලිපියයි, කමෙන්ට් ටිකයි කියෙව්වහම මටත් කළින් තිබුණ පිස්සුව වැඩි වුණා වගේ.

  12. ආ… මේකයි කල් යනකොට ඕවා හරි යනවා…. පොඩක් එලියට පහලියට පලයන්… අල්ලපු ගෙදර කොල්ලා එක්ක කතා කරපන්….

    අපි ඉතින් නුවර නොවන නිසා එන්න යන්න බෑ…. හික්….

    දැන්නම් පොඩි ක්ලාස් ටිකකට ප්ලයන්…. ඒකෙ ඉන්න උන් එක සෙට් වෙයන්….

    මටනම් කිය්න්න තියෙන්නේ ඕක තමයි….

    මම නම් ඔය තනියම පැත්තකට වෙලා ඉන්න කැමතියි… ඒත් අපිට එහෙම කරන්න විදියක් නෑ…. ඒ අතින් උබ වාසනා වන්තයි…

    😀

  13. ඉස්කෝලෙ යාළුවො දහයක් විතර සෙට් කරගෙන දවස් තුන හතරක trip එකක් යන්න. සිංහරාජ හොඳයි 💡 . එතකොට ඕව නිකන්ම හරියයි. හොඳ ආතල් එකක් ගන්න… 😆

Leave a Reply