වර්ඩ්ප්‍රෙස් සිංහලෙන්! WordPress in Sinhala!

ඔව් මෙන්න ඔබ පුල පුලා බලා සිටි (හික් 😀 ) වර්ඩ්ප්‍රෙස් සිංහල බසින් නිකුත් කළා!! දැනට ස්ථාපනය කළ හැකි සිංහල වර්ඩ්ප්‍රෙස් පැකේජය http://si.wordpress.org මගින් ලබාගන්නට පුළුවන්. ඉදිරියේදී නිකුත් වීමට නියමිත 2.7 අනුවාදයත් මෙම අඩවියෙන්ම ලබාගන්නට හැකිවේවි. දැන් ඉතින් බලා නොඉඳ ස්ථාපනය කරන්න! 😀

දැනටමත් ඉංග්‍රීසි ස්ථාපනයක් තියෙනවා නම් සිංහල පැකේජය යොදන ආකාරය අඩවියේ සඳහන් කර තියෙනවා. එය එතරම් අපහසු කාරණයක් නෙවෙයි.

වර්ඩ්ප්‍රෙස් සිංහල කිරීමට අදහස ආවෙ ගිය පාර සිංහල බ්ලොග් මැරතන් සඳහා නුවර තිබුණු වැඩසටහනත් එක්කයි. අපේ මිත්‍ර කාලිංග මේ ගැන කිව්වට පස්සෙ හැකි ඉක්මණින්ම කටයුත්ත ආරම්භ වුණා. වැඩේ සාර්ථක කරගන්න කට්ටියගෙන් හොඳ සහයෝගයක් ලැබුණ එක ගැන නම් කියන්න බැරි තරම් සන්තෝසයි. ටික කාලයක් ගත වුණා තමයි, ඒත් වැඩේ හරිනෙ 😀

මෙන්න කණ්ඩායම: ආනන්දවර්ධන, මලින්ත (මම), ඩිලාන්, කසුන්, නිලක්ෂ, බුධාජීව, සුදාරක, තරිඳු, තිලිණ, කාලිංග සහ හර්ෂණ

කියන්න බැරි තරම් සන්තෝසයි. 😀

14 thoughts on “වර්ඩ්ප්‍රෙස් සිංහලෙන්! WordPress in Sinhala!

  1. @සුපුන්: ඇහැකි – ඒත් එකට වෙනම එකකුත් තියෙනවා. මං හිතන්නෙ වචන කිහිපයක් වෙනස් ඇති. අවශ්‍ය නම් සපයතෑකි.

  2. එළ එළ…. පුන පුනා බලාගෙන හිටියා ඕක එනකම්……. බොහෝම හොඳයි… බොහෝම පින්.. 🙂

  3. ඔබ සියලු දෙනගේ උත්සහය අගය කරමි. තවත් පිටු කිහිපයක් සම්පූර්ණ වනු දකිනු කැමැතෙමි.

    wp-admin/setup-config.php

    ස්තුතියි. ජය වෙවා..!

  4. @දක්ෂික: හරි එම පිටුවත් පරිවර්තනය කළා. පරිවර්තන කළ පසු දෝෂ එන නිසා wp-config-sample.php ගොනුව නම් පරිවර්තන කළේ නැහැ.

  5. සුබ පැතුම් ! 🙂

    ( නුවරින් ආ සිංහල බෞ– වර්ඩිප්‍රෙස් කියාවිද දන්නෙ නෑ කවුරු හරි දැන් 😀 )

Leave a Reply to prasan Cancel reply

Your email address will not be published. Required fields are marked *