මොබිටෙල් අලුත් ආරංචි

ඔන්න ඉතින් කලකට පස්සෙ ආයෙත් ලියන්න පටන්ගත්තා. මුලින්ම අද දවසෙ ලැබුණු සුභ ආරංචිය. මොබිටෙල් මගින් වියමද් අඩු නව පැකේජ හඳුන්වාදීලා. http://mobitel.lk/broadband/tariff.html තියෙන හැටියට දැන් 2490 ක මාසික ගාස්තුවකට 7GB ප්‍රමාණයක් ලැබෙන පැකේජයක් තියෙනවා. ඒ මදිවට ඒකෙ වේගය 3.6mbps ලු. මේක එනකල් තමයි මෙච්චර දවස් බල බල හිටියෙ. ඉතින් දැන් හිතාගෙන ඉන්නෙ හෙට උදේම ගිහින් අලුත් පැකේජයට මාරුවෙන්න. මෙච්චර කාලයක් පරණ පැකේජයේ අල හින්දා ඇතිවෙලා ඉඳලා මං ඒක සතියකට විතර කලින් තාවකාලිකව විසන්ධි කරලා daily delight එකෙන් තමයි සම්බන්ධ වුණේ.

Daily Delight එකත් නරකම නෑ. අපි ප්‍රීපේඩ් පාවිච්චි කරන නිසා ජංගම දුරකථනය මගින්ම සම්බන්ධ වෙනවා නම් මේක ගොඩක් හොඳයි.

ඉතින් දැන් හෙණ ජොලියකින් ඉන්නෙ. මේක ගැනමයි දැන් කල්පනාව. 😀 හුරේ!!

9 thoughts on “මොබිටෙල් අලුත් ආරංචි

  1. හොඳයි හොඳයි. ඔන්න ඉතින් අපිටත් ඩයලොග්ට ආයුබෝවන් කියන් ‍හිතෙනවා! 😀

  2. ස්පීඩ් එක මරෙ මරු…
    මටනම් 3.6 වෙඩිත් එක්ක…
    මොබිටෙල් තමා හොඩම හා නියමම….
    🙂

  3. @Anandawardhana :ආයෙ මොනව කියනවද, දැන් ඔන්න streaming tv channels බලනවයි කියන්නෙ. ඔට්ටුවට ලොකු ගානක් අල්ලන්න. :P, මාසෙන් නෙවි සතියෙන් පනිවි.

Leave a Reply to Nandana Cancel reply

Your email address will not be published. Required fields are marked *