ටවුමේ රවුම් ගැසීම, නෙට්බුක් සහ තවත් විකාර වැඩ

ඉතින් ඊයෙ නාගයත් එක්ක ටවුමේ පොඩි රස්තියාදුවක් ගැහුව. ගියේ නම් නාග‍යගෙන් තැටියක් ඉල්ලගන්න. තාම දාලා බැලුවෙත් නෑ හැබැයි ඒක 😀 මේක ලියන්න පටන්ගන්නකොට තමයි ඒක මතක් වුණේ. ඉතින් බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී එකක් ගන්නත් එක්ක ගිය ගමනෙ විස්තර ටිකක් කියන්නයි මේ ලෑස්තිය.

කාලෙකට කලින් හම්බවුණු Walkmate කියල වැඩසටහන හින්ද දැන් වැඩියෙන් ඇවිදින්න හිතෙනව. මේකෙන් අපි කොච්චර අඩි ගණනක් ඇවිද්දද කියල හොයාගන්න පුළුවන්. (Pedometer) මේ වැඩසටහන 4shared වගේ අඩවියකින් හොයාගන්න පුළුවන් වේවි. Accelerometer එකක් තියෙන සෝනි එරික්සන් ෆෝන් වල මේක වැඩකරයි. ඉතින් ඊයෙ දොළොස්දාහක් විතර ඇවිද්ද. කලින් වා‍ර්තාව තිබුණෙ පහළොස්දාහක විතර. මේකෙ පොඩි අවුලකට තියෙන්නෙ සතිපතා පරණ දත්ත මැකෙන එක තමයි. ඒත් සාමාන්‍යයක් නම් බලාගන්න පුළුවන්. මගේ දැනට සාමාන්‍යය පන්දාස් ගාණක්.

ඉතින් ඊයෙ මෙච්චර ඇවිද්දෙ කොහෙද කියලා බලනවා ඇති. වෙන කොහෙද ඉතින් ටවුම පුරාම තමයි. නාගයට බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී හොයමින් ගොඩක් වෙලා කාලය ගත කළා. තිබුණු ගොඩක් ඒවා ඇල්ලුවෙ නෑ. ඒ හින්ද ඉතින් තව තවත් ඇවිදිමින් කාලය ගත කරපු එක තමයි කරේ.

ඉතින් මේ බ්ලූටූත් ගැජට් ගැන හොයමින් යන අතරේ ‍පරිගණක අලෙවිසැල් කීපයකට ගොඩ වදින්නත් අපි අමතක ‍කරේ නෑ. ඉතින් අපි සුපුරුදු පරිදි විවිධ දේවල් වල මිල ගණන් විමසලා බැලුවා. මේ පාර උපාංගය තමයි නෙට්බුක්!

මේකට නියම ප්‍රතිචාර තමයි ලැබුණෙ. අපි නෙට්බුක් කියල ඇහුවම සාමාන්‍යයෙන් ලැබුණු ප්‍රතිචාර තමයි ‘ආ නෝට්බුක්ද?’, ‘ඒ මොනවද?’, ‘ඒව නම් නෑ මල්ලි’ – සමහරුන්ගෙ මූණු වල අමුතු හිනාවක් තිබ්බ 😀 සමහරු එහෙම ඒව ගැන අහලවත් තිබුණෙ නෑ. චන්ද්‍රසේකර එකේ චීන නෙට්බුක් එකක් තිබ්බ, ඒකත් පනහක් විතර වුණා. ඒකට තව ටිකක් එකතු කරලා සාමාන්‍ය ලැප්ටොප් එකක්ම ගන්න පුළුවනි. වෙන තැන් වල නම් හොයාගන්න තිබ්බෙම නෑ. Eee එකකුත් පනහකටද කොහෙද තියෙනව කියල තව තැනකින් කිව්ව. ඉතින් නෙට්බුක් එකක් ගැන අදහස අතඇරල දැම්ම.

ඊටපස්සෙ ගියා DSLR කැමරා වල මිල ගණන් හොයන්න. හිතපු හැටියටම ඉතින් ‍හෙණ ගණන් තමයි. ඒත් ආසාවට බැලුව. නිකොන් ඒව තමයි ගොඩක්ම තිබ්බෙ. වෙන කිසිම එකක් නෑ. සමහර ඒව නම් ගොඩක්ම professional – ඒවයෙ ගණන් ඇහුවම නම් පිස්සු වගෙයි 😀

ඉතින් ඔය අස්සෙ ඇවිදල ඇවිදල මහන්සියට ඩෙවොන් එකෙන් සිසිල් බීම දෙකක් දාගත්තා. එතන හිටපු අයට මූට පිස්සුද කියල බලන්නත් ඇති. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. 😀

ඉතින් ඒ වැඩේ ඉවර වෙලා තව ටිකක් වෙලා ටවුමෙ හිටිය යාලුවෙක් කතාකරනකල්. ආයෙමත් රවුමක් ගැහුව. ආයෙමත් යක්ස තිබහක් ආව. ඒ පාර නම් කූල් වතුර බෝතලයක් අරගෙන ගිලලා දැම්ම. මේ මිනිස්සු කූල් කරපු වතුර වලට රුපියල් පහක් වැඩියෙන් අය කරනව. 😛

ගෙදර ආවම තමයි දොලොස්දාහෙ ර‍ඟේ තේරුණෙ. කකුල් රිදෙනව නියමෙට. ඒකෙත් පොඩි ගතියක් තියෙනව. කොහොම කොහොම හරි ඊයේ රෑ හොඳට නින්ද ගියා. දැන් නින්ද යනව ටිකක් හොරයි.

14 thoughts on “ටවුමේ රවුම් ගැසීම, නෙට්බුක් සහ තවත් විකාර වැඩ

  1. ලංකාවේ නෙට්බුක් හොයන එක තේරුමක් නෑ, පට්ට ගනන්, ඇමරිකාවේ උනත් $400 වගේ වෙනවා…

    ඇවිද්ද පය දහස් වටී නේ 😀

  2. ඔව් ලැපකටම අල්ලන්න. එතකොට ලැපෙන් වැඩ කර කරම ඇවිදින්න පුළුවන්. 🙂

  3. ඔය walkmate එක නොකියා වල වැඩ කරනවද? ගොඩක් ස්යිට් වල තියෙන්නේ SE application එකක් විදියට

  4. @කාලිංග: යප් යප්
    @තිලිණ: ඒක තමයි මාත් හිතුවෙ
    @lal: Sent
    @randeera: 😀
    @අනූ: ඔව්. ගෙදර හිටියෙ.
    @ක්‍රිශ්ණා: http://en.wikipedia.org/wiki/Accelerometer – මං හිතන්නෙ K800 එකේ නෑ
    @deeps: මේක නම් SE වලට තමා. නොකියා වලටත් තියෙනව. http://betalabs.nokia.com/betas/view/nokia-step-counter

  5. ඩෙවොන් ගිහින් ගැහුවට වඩා හොඳයි පස්ගෝරස එකෙන් පලතුරු බීම එකක් ගැහුවානම්… ඇඟටත් හොඳයි… 🙂

Leave a Reply to Thilina Cancel reply

Your email address will not be published. Required fields are marked *