කෙහෙල්.

http://www.flickr.com/photos/design-dog/1249337589/

මං කැමතිම කෑමක්. අද උදේ මදි නොකියන්න ඇඹුල් කෙහෙල් ගෙඩි හයකටම වග කියපු හින්ද තමයි කෙහෙල් ගැන මොනවහරි ලියන්න හිතුණෙ. අනිත් එක කෙහෙල් අපේ ජීවිත වලට ගොඩක් සම්බන්ධයි. මොකක්හරි එපාකරපු වැඩක් සිද්දවෙනකොට නොදැනීම ‘මොන කෙහෙල්මලක්ද‘ කියල කියවෙන්නෙ නිකං නෙවෙයිනෙ.

මොනව වුණත් කෙහෙල් හෙවත් කෙසෙල් හරිම addictive කෑමක්. වෙලාවකට කෙසෙල් ගෙඩි තොගයක් හම්බවුණාම කාගෙන කාගෙන යන්න හිතෙනවා. කොටින්ම කියනවා නම් දැන් ටිකකට කලින් කෙසෙල් ගෙඩි ගිලන අතරතුර පොඩි කාලෙ වෙච්ච වැඩකුත් මතක් වුණා.

එතකොට මං ගොඩක් පුංචියි. කෙසෙල් තොගයක් ගෙනත් තිබුණ දවසක්. මමයි මල්ලියි පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක බැහැගෙන කෙසෙල් ගෙඩි ගොඩක් කාගෙන කාගෙන ගියා. කාපු කෙසෙල් ගෙඩි වල ලෙලි ටික විසිකරා කුස්සිය පැත්තට 😀 ඕක කියනකොට තව එකක් මතක් වුණා. ඒ දොඩම් සම්බන්ධයෙන්. මල්ලියි මමයි පොඩි කාලේ දොඩම් කනකොට කරන්නෙ ඒකෙ යුෂ ටික බීලා ඉතුරු වෙන කෑල්ල බිත්තියට විසිකරන එක. ඒක ගිහින් ‘තක්‘ යන අනුකරණයෙන් බිත්තියේ ඇලෙනවා! බිත්තිය පේන්ට් කරන කාලෙට එව්ව ගලවන්නත් සිද්ධ වෙනවා. අපි එතකොට මොනවත් දන්නෑ 😛

මං කෙසෙල් වලට ගොඩක් කැමතියි. ප්‍රියතම වර්ගෙ සීනි කෙසෙල්. අද උදේ නම් ගිල්ලෙ ඇඹුල් ඒව ටිකක්. කෝලිකුට්ටු වලට නම් වැඩි කැමැත්තක් නෑ. ආනමාලු අවුලක් නෑ. මං රතඹලා වලටත් කැමතියි. දැන් ටික දවසකට කලිනුත් ගෙනල්ලා තිබුණා. ඔය ටික තමයි ඉතින් කාලා තියෙන්නේ. තව වර්ග තොගයක්ම තියෙනවා කියලා ආරංචියි.

කෙසෙල් කනකොට මං අකමැතිම වැඩේ තමයි ලෙල්ල කලු පාට වගේ වුණු ඒව කන එක. 😀 කවුරු මොනව කිව්වත් මට ඒව කන්න බෑ. තව ඉතින් කෙසෙල් ගෙඩියක් තැලිල එහෙම තියෙනකොටත් රුචිය නැතිවෙලා යනවා.

මං පොඩි කාලෙ කරන වැඩක් තමයි කෙසෙල් ගෙඩියක් අරගෙන පෙති ගහලා පෙති ටික පාන් පෙත්තක් ඇතුළට දාලා කන එක! දවසක් කෙසෙල් වලින් පොඩි කෑමක් හදන්න ගිහින් වැඩේ ජෝන් බාස්ට ගියා.

අළු කෙසෙලුත් හොඳ කෑමක්. ඉස්සර නම් නිතර හදනවා. කාලෙකින් කන්න බැරිවුණා. අම්මට කියන්න ඕන වෙලාවක හදන්න කියලා. තව පොඩ්ඩෙන් අමතක වෙනව කෙසෙල් කොළ. කෙසෙල් කොළයක බැඳපු බත් එකක් කනකොට තියෙන ගතිය නම්… කියලා වැඩක් නැත. ඇයි කෙහෙල්මුව!

මට මතකයි කාලෙකට කලින් රූපවාහිනියෙ ගිය වැඩසටහනක කෙසෙල් වලින් හැදුව අමුතු කෑමක්. කෙසෙල් ලෙදර් කියල. අද්බූතයි. ඒ ගැන නම් ඊටපස්සෙ අහන්න ලැබුණෙ නෑ. කවුරුහරි දන්නව නම් කියන්න. කෘෂිකර්ම වැඩසටහනක තමයි ඒක පෙන්නුවේ. ගූගල් පිහිටෙන් සොයාගතිමි: කෙසෙල් ලෙදර් සහ කෙසෙල් බයිට්

දැන් නම් කෙහෙල් ගැන ලිව්ව ඇති වගේ. කොහොමහරි ඉතින් කියන්න තියෙන්නෙ කෙසෙල් බොහොම රසගුණ තියෙන පළතුරක් කියල තමයි.

දැන් ඉතින් ඕන කෙහෙල්මලක් කියලා කෙහෙල් ගෙඩියක් කන්න. හැබැයි ලෙල්ල නම් පාරට විසි කරන්න එපා! 😛

Photo Credit: Ian Ransley

From a train, again

So here I am. After a really long time I guess. Sitting in the train to Colombo. It’s leaving now.

I’m pretty sleepy. Guess I should get some sleep. Got a seat near the window. It was funny though. How it happened.

A couple came and the guy had to sit near me. Girl was in another place and I could see that he was upset 😉 Anyway he managed to talk to an uncle who was sitting there to swap seats.

So that uncle came to the seat next to me. Aaaand his friend was in the front seat. So I got the chance to swap it. His friend said he was sorry for the trouble but it isn’t any trouble at all.

I love to sit near the window. the breeze, the view… everything. I freak out when I can’t open the window or when ppl close them on purpose. And I hate busses. Trains are much more comfy.

Looks like it’s gonna rain. Or not. Actually it looks like a pretty sunny sky. Some rain would be nice coz this heat is just weird.

On a bridge now. I was afraid of these when I was a kid. They looked like monsters. Waiting to chop your head off or something. Scary stuff.

This is the first time I’m using the wordpress iPhone app to post something aaaand the train is at peradeniya now. So that’s it for now. Cheers.

eBay කතා

මොකක්හරි හේතුවක් හින්දා මට කවදාවත් ebay එකෙන් කිසිම දෙයක් ගන්න හිතිල නෑ 😀 හේතුව මොකක්ද කියල නම් තාම ෂුවර් නෑ. ඒ වුණාට අලුත් ෆෝන් එක ගත්තට පස්සෙ නම් ඒක පැත්තෙ ගිහින් මොනවහරි නොගෙන බෑ කියල හිතුණ.

ඉතින් මොකද කරේ, ebay එකට ගිහින් එකවුන්ට් එකකුත් අටවගෙන වැඩේට බැස්ස. ඉස්සෙල්ලම ඕන වුණේ මොකක්හරි හොඳ ඉයර්ෆෝන් එකක් ගන්න. මං ගාව කලින් තිබුණෙ නුවරින් ගත්තු Phillips එකක්. ගාන නම් හොඳටම වැඩියි. ඒත් වෙන ගන්න දෙයක් මෙහෙ තිබුණෙ නෑ. ebay එකෙන් ගන්න අදහසක් තිබුණෙත් නෑ ඒ දවස්වල. කොහොමහරි ඉතින් ඔය ගත්තු එක ගොඩක් කල් පාවිච්චි කරා. කැඩුණා. ආයෙත් ගන්න වුණේ ඒ වර්ගෙම තමයි. 🙁

ඉතින් මොකද කරේ, හොයන්න පටන් ගත්ත අලුත් ඉයර්ෆෝන් එකක්. In-ear තමයි ගන්න ඕන. නැත්තං බස් එකක එහෙම යද්දි මෙලෝ දෙයක් ඇහෙන්නෙත් නෑ, ඇහෙන්න සද්දෙ වැඩි කරාම කන් දෙකත් ඉවර වෙන එකනෙ වෙන්නෙ. ඉතින් ‍ඔහොම හොයන අතරේ හම්බවුණා Skullcandy කියල බ්‍රෑන්ඩ් එකක්. Review නම් හොඳයි. ඉතින් මුලින් තෝරගත්තු Smokin වර්ගෙ එකක් ගන්න ලෑස්ති වෙලා, ඊට වඩා Ink’d කියන එක හොඳයි කියල තිබුණ නිසා ඒකක් ගන්න හිතාගත්ත.

ඉතින් ebay එකට ගිහින් ඕක ටයිප් කරාම හෙන ලැයිස්තුවක් ආවා.  සාමාන්‍යයෙන් අඩුවට තිබුණත් ගෙන්නගන්න යන වියදම දැක්කම වැඩේ අත්හරින්න තමයි හිතුණෙ. ඊටපස්සෙ තමයි Sort by කියන කෑල්ල දැක්කෙ. ඉතින් Price + Shipping: Lowest First දුන්නා 😀 හිතේ තිබුණු චකිතය හින්ද වැඩි ආරස්සවට කියල හිතල Top-rated Sellers විතරක් පෙන්නන්න කියලත් දැම්ම.

ඉතින් හොඳ එකක් තෝරගත්තා. මිළදී ගත්තා. ඉතින් ඒ වෙලාවෙ ඇතිවුණු ජොලිය හින්ද ෆෝන් එකට කේස් එකකුත්, ස්ක්‍රීන් ප්‍රොටෙක්ර් එකකුත් ගත්තා.

Skullcandy Ink'd

දැන් ඉතින් ඕක එනකල් බලාගෙන ඉන්නත් එපැයි. කොහොමහරි ඇමරිකාවෙ ඉඳන් ඉයර්ෆෝන් එක එන්න සති කීපයක් යයි කියල හිතාගෙන හිටිය. ඒත් හරියටම සතියකින් කේස් එකයි, ඉයර්ෆෝන් එකයි එවල කියල වැටිල තිබුණ.

කොහොමහරි ඉතින් සතියකට පස්සෙ බඩු ඇවිල්ල තිබුණ. 😀

ඉතින් ඉස්සෙල්ලම බැලුවෙ කේස් එක. ඒක හොංකොං වලින් හින්ද Free Shipping. ඒකට ගියෙ රුපියල් දෙසීයක් විතරයි 😀 හොඳ තත්ත්වයක තිබුණ. හරියට ෆිට් වෙනවා. කිසිම අවුලක් නෑ.

අල වුණු ඉයර්බඩ් එක
අල වුණු ඉයර්බඩ් එක

ඊටපස්සෙ ඉයර්ෆෝන් එක. ඒක තමා ගොඩක්ම බලාපොරොත්තුවෙන් හිටියෙ. සති‍යෙන් ආපු එක ගැනත් පුදුමයි. ඉතින් දඩිබිඩි ගාලා (එක්කෙනෙක් නම් මේ දඩිබිඩි කියන එකට හිනාවෙනව 😛 ) ගලවල අරගෙන ෆෝන් එකට හයි කරල සින්දුවක් දැම්මා. හැක්? මේ මොකද? පැත්තකින් සද්දෙ ඇහෙනවා. අනිත් පැත්ත එහෙම්පිටින්ම අවුල්. මං ඒක අරගෙන ඉයර්බඩ් එක ගලවල බැලුවම තමයි දැක්කෙ වෙලා තියෙන දේ. ඒක තැලිල ඇතුලට ගිහින්.

එවෙලෙ ඇතිවෙච්ච හැඟීම් නම් ඉතින් කියලා වැඩක් නෑ. මාර අප්සට් එක. වීරයා වගේ ඕඩර් කරල  දැන් අලයක්නෙ හම්බවෙලා තියෙන්නෙ. මං හිමින් සීරුවෙ මල්ලිට කිව්ව ඒක අප්සට් වෙලා කියලා 😀

දැන් ඉතින් මොනව කරන්නද, අප්සට් එකේම ebay එක පැත්තට ගිහින් එවපු එක අවුල් කියල seller ට මැසේජ් එකක් යැව්වා. ඒකෙ return බාරගන්නෙ නෑ කියල තිබුණ නිසා කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ.

කොහොමහරි ඉතින් රෑ වෙලා ඊමේල් බලද්දි පිළිතුරක් ඇවිල්ල තිබුණා.

එවපු එකට හානි වෙලා තිබීම ගැන සමාව ඉල්ලලා, මට ඒව ආපහු යවන එක වියදම් වැඩි නිසා කැඩුණු එක තියාගන්න කියල අලුත් එකක් එවෙලෙම එවනව කියල තමයි පණිවිඩේ තිබුණෙ. ඇත්තටම එවෙලෙ නම් පුදුම හිතුණා. 😀

ඉතින් අද තමයි අලුත් එක ආවේ. මේකෙ නම් කිසිම ප්‍රශ්නයක් නෑ. නියමෙට වැඩ.

ඕක තමයි ඉතින් මගේ පළමු ebay අත්දැකීම. කොහොම වුණත් ස්ක්‍රීන් ප්‍රොටෙක්රේ නම් තාම ආවෙ නෑ. 😛

iPhone සිංහල සහ සූර්යග්‍රහණේ!

කාලයක් බලාගෙන ඉඳල  ඉඳල අයිෆෝන් එකක් ගත්තට පස්සෙ සිංහල දාගන්න එක තමයි ලොකු අවශ්‍යතාවය වුණේ. ට්විටර් එකේ එහෙම දකින්න ඇති මේකට සිංහල දාන්න දීපු සටන.  කාලිංගයි දසුනුයි මමයි මේක හරියට හදාගන්න සෑහෙන්න සටනක් දුන්නා. ඒත් වැඩේ හරිගියේ නෑ. අකුරු ටික හරියට ආවට Rendering අවුල් දිගටම ආවා.

ඉතින් සති කීපයක්ම මේ වැ‍ඩේ කරගන්න දඟලලා දඟලලා ඉවර වෙලා අන්තිමේදි වැඩේ අත්හරින තත්ත්වයටම ආවා. අන්තිමේදි මොකද කරේ, ඇපල් වලට සිංහල ෆොන්ට් එකක් හදපු නිකලස්ට කතාකරා. මං නික්ගෙ ෆොන්ට් එකෙන් Arial එකට කොපි කරල හදපු ෆොන්ට් එක එයාටම දුන්නා. නික් ඒකට අවශ්‍ය script එක දාල දුන්නා. මේ ෆොන්ට් එක ෆෝන් එකට දාල බැලුවම වැඩේ ගොඩ! පුදුම සතුටක් තමයි එවෙලෙ ඇතිවුණේ. මං ඒක දැකපු ගමන් කෑගහපු හැටි ඇහුණනම් කට්ටිය බිම පෙරලි පෙරලි හිනාවේවි 😀

කොහොමහරි නික් කියපු විදියට මේ ෆොන්ට් එක ප්‍රසිද්ධියේ බෙදාහරින්න නම් බැරිලු. Copyright ප්‍රශ්නයක් වෙන්න ඇති. අවශ්‍ය නම් මට කෙලින්ම කියන්න 😉

මේ තියෙන්නෙ අයි‍ෆෝන් එකේ දැන් සිංහල පේන විදිය තමයි. සමහර තැන් වල තාම පොඩි පොඩි අවුල් එනවා. ඒවා ඉදිරියේදි හදාගන්න පුළුවන් වේවි.

යතුරුපුවරුවක් හදාගන්නත් ඕන සිංහල ටයිප් කරන්න. කරන විදිය ගැන තාම අදහසක් නෑ. කන්වර්ටර් එකකින් නම් කරගන්න පුළුවන්. ටිකක් එහෙම කරල බැලුවා. සාර්ථකයි.

ඉතින් මේ තොරතුරු අස්සෙ අද සූර්යග්‍රහණයකුත් වුණානෙ. දවල් ට්විටර් එකේ සද්දෙ ඇහෙනකොට තමයි ගිහින් බැලුවෙ. ඊටපස්සෙ මල්ලිත් එක්ක කැමරාවක් අටවලා ෆොටෝ ටිකක් ගත්තා. වටපිටාව බොහෝ දුරට අඳුරු වුණා. උෂ්ණත්වයත් අඩුවුණා. නියම අත්දැකීමක්.

කැමරාව අටවගත්තෙ පරණ කැසට් එකක් කඩලා ගත්ත ටේප් වලින් 😀

මගේ ෆොටෝ බ්ලොග් එක ආයෙමත් පටන්ගත්ත. ගිහිල්ල බලන්න: malinthe.info

මොබිටෙල් වෙත සමුදීම සහ ඩයලොග් පිළිගැනීම!

ඉතින් ඉතින් මෙන්න කවදාවත්ම නොවෙයි කියල හිතපු දේ සිද්ධවුණු හැටි! කට්ටිය දන්නවත් ඇති දැන් කාලෙක ඉඳන් මොබිටෙල් පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන හැටි ගැන. දැන් දවස් කිපයක ඉඳන් මේක පාවිච්චි කරන්නම බැරි තත්ත්වයකට ඇදගෙන වැටුණා. මොබිටෙල් එකෙන් කතාකරලා කිව්වෙ අප්ග්‍රේඩ් එකක් කළා, දැන් හරි ඇති කියලා. ඒත් වෙනසක් නෑ කිව්වම තව හොයල බලන්නම් කියල තමයි කිව්වෙ. ඒත් ඕක කවදා හැදෙයිද කියලා බලාගෙන ඉන්න බැරි හින්දා සහ දැන් සම්බන්ධතාවය වැටිල තියෙන තත්ත්වය දැක්කම හොඳ වචන මතක් වෙන හින්දා මේකට මොකක්හරි කරන්න කියලා හිතුණෙ.

අල මොබිටෙල්

දැන් කාලෙක ඉඳන් ඩයලොග් වල 3G සංඥා ටිකක් මෙහෙට ලැබෙන හින්දා ඒකට මාරුවෙන එක හොඳයි කියලා හිතුණා. පහුගිය දවස් වල ‍ඩයලොග් ප්‍රීපේඩ් බ්‍රෝඩ්බෑන්ඩ් වලින් ටිකක් පරික්ෂා කරලත් බැලුවා. වේගය හොඳයි. අවුල් නෑ. ඉතින් එහෙම එකක් තියෙද්දි මොබිටෙල් පාවිච්චි කරන එක තේරුමක් නෑනෙ.

ඉතින් අද ගියා ඩයලොග් එක පැත්තට කාලෙකට පස්සෙ. මල්ලිවත් ඇදගෙන ගියා, මිනිහටත් ඕව ටිකක් පුරුදු කරන්න ඕනනෙ. 😀 ඉතින් ඩයලොග් එකට ගිහින් ඒකක් ගන්න පුළුවන්ද කියලා විස්තර අහලා, කොල කෑල්ලක ලියපු නම්බරයකුත් අරගෙන වාඩිවෙලා හිටියා. වැඩි වෙලා ඉන්න වුණේ නෑ ඉතින්. අන්තිමට ගිහින් අවශ්‍යතාවය කියලා මොඩම් එක නැතුව සම්බන්ධතාවය ගත්තා. එතන එක රිසිට් එකක අවුලක් වෙලා ආයෙ සැරයක් ඒකෙ කොපියක් ඉල්ලගෙන එන්නත් වුණා. ඒ ඇරුණම වෙන මුකුත් අවුලක් වුණේ නෑ.

Eacan E-510

ඉතින් ඒ අස්සෙ අලුත් ස්පීකර් සෙට් එකක් ගන්නත් රවුමක් ගැහුවා. 5.1 එකක් ගන්න හිතාගෙන හිටියෙ ඒත් ඒක තේරුමක් නෑ කියල හිතුණු නිසා අන්තිමට ෂොප් එකක කට්ටියකට වද දීල දීල ගත්ත අහලවත් නැති බ්‍රෑන්ඩ් එකකින් 2.1 එකක්. Eacan කියල චයිනීස් එකක් 😀 සද්දෙ නම් හොඳයි. ගෙදර ආපු වෙලේ ඉඳන් ‍ඕක චෙක් කරන එක තමයි කරේ.

ටවුන් එකේදිම ‍ඩයලොග් එක දාලා බැලුවා. වේගය නියමයි. කාලෙකට පස්සෙ Top Gear බැලුව අද කිසිම කරදරයක් නැතුව. අනිත් එක මොබිටෙල් එකේ වගේ නෙමෙයි, අපට වෙනමම IP ලිපිනයක් ලැබෙනව.

ම් ඉතින් ඔය විදියට තමයි අද විස්තරේ. දැනට නම් ඩයලොග් අවුලක් නැතිව වැඩ. ඉදිරියේදී අවුල් වුණොත් ඉතින් ඒ ගැනත් කියන්නම් 😀

මේ ඩයලොග් එකේ ස්පීඩ්ටෙස්ට් කීපයක්:

ගෙදරදි
නුවර ටවුමෙදි