කාලෙකට පස්සේ දුම්රියක යන ගමන් බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුණෙ. උදේ පාන්දරම නැග්ග කොළඹ එන්න. සුදාරක මල්ලිලගෙ සාහිත්‍ය උළෙලට එන්න කියල. කියන්න තරම් විශේෂ දේවල් මුකුත් නෑ, අද අව්ව නම් හොඳට පායලා තියෙනවා. පාන්දරම ඇහැරුණු හින්ද පොඩි නිදිමතකුත් නැත්තෙම නෑ, ඒත් අද නම් නින්ද ගියේ නෑ වැඩිය.
උදේ නැගිටපු වෙලාව ඉඳන් නුවරින් පිටට එනකල්ම මොබිටෙල් ජංජාලය වැඩ කරේ නෑ. සම්බන්ධ වුණත් කිසිම දත්ත හුවමාරුවක් නොවෙන හින්ද එපාවෙලා හිටියෙ. කොහොමහරි දුම්රිය නුවරින් පිටට ආවම මේක හරියට වැඩ කරන්න පටන්ගත්තා. ඔය තියෙන්නෙ ප්‍රතිඵලය තමයි. ගත්තු තැන නම් මතක නෑ. කොහොම වුණත් තවමත් හවස් වෙනකොට මොබිටෙල් පිස්සු නටන එක නැවතිලා නෑ. හදනවා කියල ආරංචියක් නම් ආවා. ඒත් දැනට නම් වෙනසක් නෑ. තිබ්බටත් වඩා අල වෙලා කියන්න පුළුවන් 😀
කොහොමහරි, ගූගල් වේව් ගැන දැන් නොදන්න කෙනෙක් නැතුව ඇතිනෙ. පාවිච්චි කරල බලන්න උද්‍යෝගයෙන් හිටියත් අන්තිමට ලැබුණට පස්සෙ එතරම් වැඩක් නෑ කියල හිතුණ. ඒ දවස්වල ටිකක් වේගයෙන් වැඩකරපු එක දැන් පුදුම විදියට ගාටනව. මොනවහරි ටයිප් කරන්න ගියත් ඒකට යන වෙලාව දැක්කම වේව් දමල ගහන නිකං ඉන්නයි හිතෙන්නෙ. ඒ වුණාට වේව් එකේ ලිනක්ස් ගැන එහෙම හොඳ සංවාදයක් ගිහිල්ල තිබුණ. මේක චැට් කරන්න යොදාගන්නෙ නැත්තං හොඳ විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙයි 😀 මොනව වුණත් ඔක්කොටම කලින් මේකෙ තියෙන අල ටික ගලවන්න වේවි.
ඉතින් මට කාවවත් වේව් වලට ආරාධනා කරන්න බැරුව හිටියෙ මොකද ගූගල් එකෙන් මට ඉන්වයිට් දීල තිබුණෙ නැති හින්දා. කොහොමහරි මේ ඊයෙ පෙරේදා ඒ වැඩෙත් හරිගිහිල්ල තිබුණ. ට්විටර් එකෙන් ඉල්ලපු කීප දෙනෙකුටත් දුන්න. දැන් කොහොමහරි දොළොස් දෙනෙකුට ගූගල් වේව් ආරාධනා ලබාදෙන්න පුළුවන්. රැල්ලත් එක්ක ගහගෙන යන්න ඕන නම් 😀 නෑ නෑ ගූගල් වේව් හෙවත් රැල්ල ඕන නම් ඉතින් පහළින් කමෙන්ට් එකක් දාන්න.

