අද නම් සිද්ධ වෙච්ච දේවල් ටික නොලියා බෑ. ඒ හින්ද මෙන්න ලියන්නයි යන්නෙ.
ඉතින් දැන් ටික දවසකට කලින් මොබිටෙල් මගින් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන් කරගන්න පද්ධතියක් හැදුවනෙ. ඒක නියම වැඩක් කියල තමයි මං හිතුවේ. කොහොමහරි ටිකට් එකක් වෙන්කරගන්න රුපියල් පනහක සේවා ගාස්තුවකුත්, ඒ ගන්න කෝල් එකට විනාඩියකට රුපියල් අටකුත් ගෙවන එක ටිකක් අප්සට් වගේ කියලා හිතුණා. ඒ වුණාට මේක ට්‍රයි නොකර බෑනෙ. ඉතින් මොකද කරේ ඒ නම්බර් එකට කෝල් එකක් අරගෙන හොයල බැලුව.
මං මුලින් හිතුවෙ මේකෙ ඇත්තෙ මොකක්හරි ස්වයංක්‍රීය පද්ධතියක් වෙන්න ඇති කියලා. බලාපොරොත්තු වුණේ ස්වයංක්‍රීය පද්ධතියකින් ටිකට් එක වෙන් කරලා mms මගින් වගේ ටිකට් එක දුරකථනයට එන මොකක්හරි… එහෙම විදියක් තිබ්බ නම් නියමයි. ඒත් මේකෙ ටිකට් එකක් වෙන්කරගන්න නම් පාරිභෝගික සේවා නිළධාරියෙකුට කතාකරන්න ඕන. කොහොමහරි ගත්තු එකේ නිකන් ඉන්න බැරි හින්ද විස්තර ටිකක් ඇහුව. ඒ අස්සෙ ක්‍රෙඩිට් ඉවරවෙලා කෝල් එක කට් වුණා 😀
ඉතින් මේ සෙනසුරාදා කොළඹ යන්න වෙන හින්ද ජොලියටත් එක්ක මේකෙන්ම ටිකට් එක වෙන්කරගන්න හිතුණා. අම්මගෙ ෆෝන් එක ඉල්ලගෙන ඒකෙන් කතාකරා. කොහොමහරි වැඩේ හරි. ටිකට් වෙන් කළා. දුරකථන අංකයයි, අයිතිකාරයගෙ නමයි අරව මේවයි, ටිකට් එක ගන්න එන එක්කෙනාගෙ හැඳුනුම්පතේ අංකයයි… ඒ ටිකත් දුන්න. කතාකරපු නිළධාරිනිය එකම දේ කිය කිය ටික වෙලාවක් හිටියා. ඒගොල්ලන්ට නම් මොකද, අපටනෙ ඕවට තදවෙන්නෙ. විනාඩියකට අටක්නෙ 😀
කොහොමහරි වෙන් කරල ඉවර වුණාට පස්සෙ අංක දෙකක් ලැබුණ. ඔය අංකය ගෙනිහිල්ල මොබිටෙල් ශාඛාවකින් හරි දුම්රිය ස්ථානයෙන් හරි ටිකට් එක ගන්න ඕන.
ඉතින් අද උදේම යන්න කියලා හිතාගෙන හිටියෙ ඊයෙ කොණ්ඩෙ කපාගන්නත් එක්කම. දවල් ජනාධිපතිවරණ රැලියක් තියෙන හින්දා ඒකට කලින් ගෙදර එන්න පුළුවන් කියලා හිතාගෙන. ඒ වුණාට අද නැගිටින්න පරක්කු වුණා. කොහොමහරි දවල් වෙලා තමයි ගෙදරින් පිටත් වුණේ. වැව රවුම හරියෙ ඉඳන්ම වාහන තදබදේ. කොළ පාට කොඩි ගහපු බස් කීපයකුත්, ආධාරකරුවො කට්ටියකුත් දැක්කා. බන්ධනාගාරය හරියට එනකොට තවත් කොළ පාට බස් එකක්. තදබදය වැඩියි. මාකට් එක හරියට ඇවිදගෙන එනකොට රතිඤ්ඥා, පෙළපාලි ආදිය තිබුණ. මට ඉතින් ඕවගෙන් වැඩක් නැති හින්ද නරඹන්නො අතරින් රිංගලා KCC එක පැත්තට ගියා.
කොහොමහරි මොබිටෙල් එකට ඇතුල් වෙනකොට සිකියුරිටි බුවෙක් මගෙන් ඇහුවා සර් මොකක්ද කරගන්න ඕන කියලා. මං කිව්ව ‘ට්‍රේන් ටිකට්’ එක ගන්න ඕන කියල. මේ මනුස්සයා අන්දමන්ද වෙලා වගේ මං දිහා බලාගෙන ඉන්නවා. ‘ට්‍රේන් ටිකට්? සර් මෙහෙන් ඒව ගන්න බෑනෙ’ කිව්වෙ නැතෑ. මං ඉතින් ෆෝන් එක පෙන්නලා ‘ඇයි දැන් ෆෝන් එකෙන් බුක් කරන්න පුළුවන්නෙ’ කියල කිව්ව. මේ මනුස්සය තාම අන්දමන්ද වෙලා. ඊටපස්සෙ එතන හිටපු මැනේජර් කෙනෙකුටද කොහෙද කතා කරල ඇහුව ‘සර් මෙහෙන් ට්‍රේන් ටිකට් ගන්න පුළුවන්ද?’ කියලා. ඒ මනුස්සයා මගෙ ළඟට ඇවිත් ‘පුළුවන් සර් අන්න අතනට යන්න’ කියල කිව්වා. මං ඉතින් කවුන්ටර් එකට යන අතර මැනේජර් (හරි කවුරුහරි) සිකියුරිටි බුවාට කියනව ඇහුණා ‘දැන් මෙහෙන් ට්‍රේන් ටිකට් ගන්න පුළුවන්නෙ’ කතාවක්. හිත යටින් හිනාවෙවී කවුන්ටරයට ආව. එතන මනුස්සයට කිව්වට පස්සෙ තව කවුන්ටර් එකකට දැම්ම. එතැනින් අයිඩී එකයි, යොමු අංක දෙකයි ඉල්ලගෙන කොහාටද ගිහින් මෙන්න මේ සුවිසල් ටිකට් දෙක ගෙනල්ල දුන්න 😀
ඉතින් ඒකත් සාක්කුවේ ඔබාගෙන ටවුමෙ පොඩි රවුමක් ගහල, ආදි කාලෙ ෆෝන් එකක් හොයන්න ට්‍රයි එකකුත් දීල, ලේසර් ප්‍රින්ටර් වල ගණන් ටිකක් හොයාගෙන, අම්මලවත් හම්බවෙලා ගෙදර එන්න ලෑස්ති වුණා. වෙනදා බස් තියෙන තැන අද බස් නෑ. මාකට් එක ඉස්සරහ රැලිය. කට්ටිය හුරේ කියනව කෑගහනව etc. මට ඉතින් ඒවගෙන් වැඩක් නෑනෙ. අවශ්‍යතාවය ඉක්මණට ගෙදර එන්න. ඉතින් බස් තියෙන්නෙ කොයි ලෝකෙද කියලා හොයන්න දේශපාලන සපෝටර්ලා අස්සෙන් රිංගලා ආවා බන්ධනාගාරය පැත්තට. ඔක්කොම බස් ඒ පැත්තෙන් යන්නෙ. ඒත් නවත්තන්නෙ කොහෙද කියලා හොයාගන්න බැරිවුණා. අව්වයි, රස්නෙයි, දාඩියයි! මෙහෙම උඩ බලාගෙන ඉන්න බැරි හින්ද ත්‍රීවීලර් බුවෙකුට කතාකරල ඒකෙ නැගල ගෙදර ආවා. නැත්තං තාම ටවුන් එකේ 😀
උදේටම ස්ටේසමේ කවුන්ටරෙන් ගන්න එක හොදයි වගේ. 😀
හික්, ඉන්ටසිටි වලට කලින් ගන්න එපැයි බං
තව ටිඅක දවසකට කලින් මේක කලානම් මරු. මන් බදුල්ලේ යන්න ටිකට් බුක් කරන්න ගියාම සෙනසුරාදා උදේ, ඉරිදා උදේට ගන්නත් කට්ටිය පෝලිමේ ඉන්නවා.
මේ සේවාව දිගටම තියෙනවනම් ගොඩක් හොඳයි 50ක් නෙමෙයි 100ක් හරි අරන්
ඒක නම් ඇත්ත. මෙහෙම එකක් තියෙන එක ගොඩක් ලේසියි.
ඇතියන්තම් මලින්ත අයිය පත්තු වෙලා…
ඔන්න ඔය වගේ දිගටම ලිව්වනම් හරිනේ….! 😀
හාහා.. හෙට සෙට් වෙමු 😀
අප්පටසිරි… මම හිතුවා මේක automated එකක් වෙන්න ඇති කියලා… එහෙම තිබ්බනම් ගොඩක් හොඳයි නේ…
මලින්ත කොණ්ඩෙ විතරද කැපුවෙ? රැවුල කැපුවෙ නැද්ද? 😛
නෑ නෑ කොණ්ඩෙයි රැවුලයි දෙකම කැපුවෙ නෑ 😀
oka oita wada prayogika wei filght walta wage eticket ekak wdyata aran print karan yanna puluwannm 🙂
අනේ පව් සිකියුරිටි කාරයා, 😛 😛
හෙට දෙකම කපමු
කතා කරන්න ඕනේ නොම්බරය මොකද්ද?
ටිකට් ගන්න ඕනේ Mobitel Centres වලින්මද?
මේ සේවාව නම් පට්ට, විශේෂයෙන්ම ලංකාවට එන විදේශිකයන්ට. ඒ අයට මේවා ගැන කියනවද දන්නේ නෑ, කෝ ඉතිං කිව්වත් කෝ IDs, Mobitel Connection එහෙම!
ඒව ගැන ඒ අය සලකා බැලුවා නම් හොඳයිනේ.
Automatic තියෙනවා නම් ඉතිං 75/- වුණත් කමක් නෑ වගේ නේද?
අමතන්න ඕන 365 – මං හිතන්නෙ මොබිටෙල් එකකින්ම කතාකරන්න ඕන. ටිකට් එක මොබිටෙල් ශාඛාවකින් හෝ දුම්රිය ස්ථානයකින් ගන්න පුළුවන්.
ඉතිං මල්ලී, එතකොට අපි ෂීට් බුක් කරං වාඩි වෙලා යන අතරේ, අනිත් මිනිස්සු හිටගෙන යනවද? ඒ ලග පාත..
මම ඉස්සර කොහොම හරි ශීට් එකක් අල්ලා ගන්නවා.. ඒත් ඉතිං කරුමෙටම, කාටම හරි දෙන්න වෙනවා.. ඉතිං, මම ඔහේ හිටගෙන යනවා.. එක්කෝ තව එකෙක් අමාරුවෙන් ඒ ෂීට් එකේ වාඩිවෙනවා.. එතකොට බුදු ගනන් කොළඹට එනකොට…
මේ විදියට කරත්, ඒකම වෙනවා නම් ඒ බුක් කිරිල්ලෙන් වැඩක් නෑනේ…
එහෙම වෙන්නෙ නෑ… නගරාන්තර දුම්රිය වල ආසන වෙන් කරපු අයට විතරයි යන්න පුලුවන්… ආසන ගානට විතරයි ටිකක් දෙන්නෙ.. හැමෝටම තමන්ගෙ ආසනයට අදාල අංකයක් තියෙන ටිකට් එකක් තමයි දෙන්නෙ. හැබැයි 3වෙනි පන්තියට එහෙම වෙන් කල ආසන තියෙන ටිකට් දෙන්නෙ නෑ.. ඒ ටිකට් කලින් බුක් කරන්නත් බෑ.
මමත් උත්සාහ කළා. නමුත් බුක් කරන්න පුළුවන් මොබිටෙල් වලින් විතරයි. වෙනත් මොබයිල් වලින් බෑ. සාමාන්‍යයෙන් මේ වගේ සේවාවක් ඕනම මොබයිල් එකකින් ලබාගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමයි එම සේවාවේ නියම සාර්ථකත්වය තිබෙන්නේ. අනෙක් කරැණ තමයි පුද්ගල ප%මාදය වළක්වා ගන්න ස්වයංකී%ය ක%මයක් තිබිය යුත=යි අනිවාර්යයෙන්ම. ඒ වගේම විදේශිකයෙක් මෙම සේවාව භාවිතා කිරීමේදී පලමුව භාෂාව තෝරා ගැනීම ආදිය අනිවාර්යයෙන්ම ස්වයංගී%ය ක%මයක් විය යුත=යි.