චෑන්.

මං පොඩි කාලෙ මාර ආසයි ජැකී චෑන්ගෙ ෆිල්ම් බලන්න. මාර ෆයිට්. පිස්සු හැදෙනව.

මං බලපු ජැකී චෑන්ගෙ ෆිල්ම් වලින් එක ෆිල්ම් එකක් විසේසයෙන් මගේ මතකෙ රැඳුන.

ඒකෙ එක සීන් එකක් තිබුණ ජැකී චෑන්ව කොනක හිරකරගෙන පොරට වීදුරු බෝතල් වලින් ගහන. ඌ වීදුරු බෝතල් පාරවල් කාලා ලේ පෙරාගෙන කෙල්ලගෙ ගෙදර යනව.

ඒක මාරයි. මං ඕක මුලින් බලපු වෙලාවෙ ඒක දැකල ඇස් වලට කඳුළුත් ආව.

පස්සෙ තමයි මට තේරුණෙ ඒක ෆිල්ම් එකක් විතරයි කියල.

“මචං උඹ දැකල තියෙනවද ජැකී චෑන්ගෙ අර ෆිල්ම් එක?”

“මොන?”

“ඇයි බං අර බෝතල් පාරවල් කන සීන් එක තියෙන්නෙ.”

“අම්මොහ් ඔව් ඕයි. ඒක මාරයිනෙ! කොහොමද ඌ බෝතල් පාරවල් කාගෙන ඇවිදගෙන යන හැටි. පිස්සු විකසිත වෙනව.”

“මේ අපි ඒක කරමුද?”

“අනේ කරමුකො බං”

“එළ. අරන් වරෙන් තිමිරගෙ කැමර එක.”

අපි වැඩේට ලෑස්ති වුනා. අපේ සෙට් එකේම ලොකුම ජැකී චෑන් පිස්ස මං හින්ද මං වොලන්ටියර් වුනා ජැකී චෑන් වෙන්න.

කට්ටිය ගුණවර්ධන අංකල්ගෙ කඩෙන් හිස් බෝතල් තොගයක්ම අරගෙන ආව.

“රයිට්… ඇක්ෂන්!”

මාව කොනක හිර කරපු කට්ටිය වීදුරු බෝතල් මගෙ පැත්තට විසි කරන්න පටන් ගත්ත.

බෝතල් බිමයි බිත්තියෙයි වැදිල කෑලි කෑලි වලට කැඩිල මගේ ඇඟේ වැදුණ.

වීදුරු කෑලි මගේ හම හිල් කරගෙන ඇතුළට බැස්සෙ නීට් එකට. වැඩේ ලස්සනට යනව.

වීදුරු කෑලි වලට කැපිච්චි මගේ ඇඟෙන් ලේ බේරෙන්න පටන්ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

මං ෆිල්ම් එකේ විදියටම මූණ කවර් කරගත්ත. වීදුරු කෑලි මගේ අත් වලත් ඇනෙනව.

තවත් බෝතලයක් කෙලින්ම වැදුණෙ මගේ දණහිසේ. දණහිස හිරිවැටෙනව මට දැණුන. තඩි වීදුරු කෑලි තුනක්ම දණහිසේ ඇනිල.

ඒ අස්සෙ තිමිර බෝතලයක් කලින්ම කඩල මගෙ දිහාට විසි කරා.

කලින්ම කැඩිල තිබුණු හින්ද ඒක මගෙ උරහිසේ වැදිල ඇතුළටම කපාගෙන ගියා. ඌට මොලේ තියෙනව. ෆිල්ම් එකේ විදියටම කරාම ගතියක් නෑ. අපි Improvise කරන්න ඕන.

අන්තිමේදි කොහොමහරි බෝතල් ඉවර වුණා. මට මාර මහන්සියි. ඒත් තාම වැඩේ ඉවර නෑ.

ගොඩක් ලේ ගලපු හින්ද මං පණ නැතිව බිමට වැටුණ. ඒකෙ අවුලක් නෑ මොකද ජැකී චෑනුත් එහෙම වැටුණු හින්ද.

මං ළඟ තිබුණු දොර අමාරුවෙන් ඇරගෙන එළියට බඩගෑව. සමිර කැමරාවත් උස්සගෙන පස්සෙන් ආව.

මං ජනිතගෙ ගෙදර දිහාට ගියා. ජනිත මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්.

ටිකක් බඩගාල අමාරුවෙන් නැගිටගෙන ටික දුරක් ගියත් ආයෙ බිමට වැටුණ. ඉතුරු ටික බඩගාගෙන යන්න වුණේ ඇඟට පොඩ්ඩක්වත් පණ තිබුණෙ නැති හින්ද. පාරෙ වැලි තිබ්බ හින්ද වැඩේ ලේසි වුණේ නෑ. වැලි වලට තුවාල රිදෙන එක වැඩිවුණා.

ජනිතගෙ ගෙදරට යන්න විනාඩි විස්සක් විතර ගියා. ඒ වෙනකොට මට කිසිම සිහියක් නෑ. ඔලුව කැරකෙනව. අහස කලුවර වෙනව.

බඩගාන්නවත් මට පණ නෑ.

මං ගෙදර දොරට තට්ටු කරේ දෙපාරයි.

හිතපු විදියටම දොර ඇරියෙ ජනිත. එළ. මට ඒකිව බදාගන්න හිතුණ. වැඩේ නියමෙට යනව.

ඒත් එතකොටම වැඩේ අලවෙන්න පටන් ගත්ත.

ජනිත කැමරාව දිහායි මා දිහායි මාරුවෙන් මාරුවට බලනව.

“අනේ නිසිත මොකද ඔයාට වුණේ නිසිත? අනේ කතාකරන්නකෝ!!!”

ඒකි විලාප දෙනවා.

එතකොටයි මට මතක් වුණේ මං කරපු ගොන්කමක තරම.

ජනිත කවදාවත් ජැකී චෑන්ගෙ ෆිල්ම් බලල නෑ!!!

10 thoughts on “චෑන්.

    1. ඔය කියන ෆිල්ම් එක මොකද හැබෑට?

      මට නම් ජැකිගේ එකකට ඇල්ලුවේ මචන් Romero Must Die එක විතරද කොහෙද. 🙂

  1. ඔය සීන් එක තියෙන්නෙ Rumble in the Bronx කියන ‍ෆිල්ම් එකේ.
    Romero Must Die එකේ ජැකී චෑන් නෑ බං.ඒකෙ ඉන්නෙ ජෙට් ලී.

  2. මමත් ඔය කාලෙ චෑන් පිස්සෙක්. මමනම් උගෙ බලපු හොදම ෆිල්ම් එක WHO AMI. හැබැයි උබේ කතාව අගෙ ෆිල්ම් වලට වැඩිය මරැ බ්රෝ

  3. තේරුණේ නෑ කොල්ලෝ…ජැකී චෑන් කෙල්ලගේ ගෙදර ගියාම කෙල්ල මොකද කියන්නේ සාමාන්යෙන්??

  4. මට ජැකී චෑන් ඉන්න ෆිල්ම් එකකට කියල මතක තියෙන්නෙ Forbidden Kingdom විකරයි.. ඒත් ඔය බෝතල් වලින් ගහන සීන් එකක මම බලල තියෙනවනෙ.. o_O
    Forbidden Kingdom එකෙත් එහෙම සීන් එකක් තියෙනවවතද.. >_>

Leave a Reply to Binku Cancel reply

Your email address will not be published. Required fields are marked *