මගේ පොටෝ බ්ලොග් එක

මං ඉතිං ඡායාරූප ගන්න හරිම ආසයිනෙ. ඒ හින්ද ඉතින් යාලුවො කිහිප දෙනෙකුත් කිව්ව දේවල් වලට සවන් දීලා තීරණය කළා ඡායාරූප බ්ලොග් එකක් පටන්ගන්න. තාම ඉතින් ‍ප්‍රාථමික මට්ටමේ තමයි ඉන්නෙ. හරිහමන් කැමරාවකුත් නෑ. අර හොරෙකුට පින්සිද්ද වෙන්න ගත්තු ෆෝන් එකෙන් තමයි දැනට පින්තූර දාන්නෙ.

දැනටමත් පින්තූර කිහිපයක් දාලා තියෙන්නෙ. බොහෝ දුරට දිනපතාම අප්ඩේට් වේවි. ඉතින් ඒ පැත්තට ගිහින් බලන්න. අදහස් කියන්නත් අමතක කරන්න එපා. 🙂

Malinthe’s Photoblog

කකුල්

හදන්න දීලා මාස ගාණකට පස්සේ ඔන්න කැමරාව ආයෙ අතට හම්බවුණා. ඉතින් අද පරණ මෙමරි කාඩ් එකක් දාලා නිකං හොය හොය ඉඳිද්දි තමයි මේක හම්බවුණේ. මේක පෙබරවාරි මාසෙ ගත්තු එකක්. ඔය ඉන්නෙ මලයා. අමුතු ගතියක් තියෙනවා කියලා හිතුණා. ඒකයි දාන්න කල්පනා කරේ. 😀


Kakul by ~malinthe on deviantART