ඇති යාන්තම් බුද්ධික අයියට පින්සිද්ධ වෙන්න මොබිටෙල් වෙතින් ගත්තා 3.5G සම්බන්ධතාවයක්. දැනට නම් කිසිම ගැටළුවක් නැතුව වැඩ. වේගයත් වරදක් නැහැ. ඉදිරියේදී ස්පීඩ් ටෙස්ට් එහෙම කරලා තවත් විස්තර කියන්නම්. කවුද හිතුවේ ලංකාවේ දවසෙන් Broadband සම්බන්ධතාවයක් ගන්න පුළුවන් වෙන කාලයක් එයි කියලා? 🙂
ආයේ නම් ඉතින් ‘එනවා යනවා’ සංසිද්ධිය ඇති නොවේවි කියලා තමයි බලාපොරොත්තුව. 😉
බ්ලොග් මැරතන් එකටත් තව වැඩි දවසක් නැහැ. සූදානමින් ඉන්න.