Happy New Year and Ubuntu 7.10

First of all, I must wish you all a happy new year! Thanks guys, for sticking with me and my blog, and encouraging me with your comments. It’s been a pleasure writing this blog since you have always been kind, friendly and supportive. So a new year begins, and I hope to write more and more rich content for your pleasure and knowledge.

So, the new year began and I got the Ubuntu 7.10 (Gutsy Gibbon) cd’s today. 😀 I didn’t install them yet though. I ran the Live CD and it was just awesome. The first thing I noticed: It was fast! Well I tried the previous version of Ubuntu (7.04 Feisty Fawn) but I didn’t like it. It felt kinda slow and it wasn’t responsive. I tried to find why, but couldn’t. I thought it was something wrong with my PC. Even switching tabs in Firefox was slower. So I removed it.

Gutsy Gibbon was released a few months back I guess. With lots of features it looked promising. So I requested some cd’s from the Ubuntu’s ShipIt service. It took about 20 days to arrive. Got to install it today. I’ll update you guys with the latest info.

And again, Happy New Year guys! 😀

ගාලු ගියෙමි.

පෙරේදා ගාල්ලට ගියා අත්තම්මව බලන්න සහ තවත් වැඩ කීපයකට. ගියේ නම් ඉතින් Train එකෙන්. ඒක නම් වැඩිය ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් සෙනග ටිකක් වැඩියි. අද ආයෙමත් ගෙදර ආවා. ඒක තමයි හොඳටම එපා වුණේ. ගාල්ලෙන් කොළඹට එන්න පැය තුනයි. ඒක නම් ඉතින් මහ ලොකු ගාණක් නෙවෙයිනෙ නේද? එහෙනම් මේක කොහොමද? කොළඹ සිට මහනුවර පැය 7යි!!! ඔව් පැය හතක්! කොළඹින් පිටත් වුණේ දවල් දොළහට. කඩුගන්නාව පැත්තෙ පාර හදන නිසා එතන පැය තුනක් රස්තියාදු වුණා. මේක දවස් ටිකේම එහෙමලු. අනේ අනිච්චං! මෙහෙම කට්ටක් කාලා නෑ ජීවිතේට! 😀

Trying out imified

Hmm, this looks cool. I’m writing this post from imified via Google Talk – you guys should try this out. It’s just great. I’ll write more about this later. සිංහලත් වැඩද? අහ්, නියමයි! 😀

ඉක්මන් වෛරස පරීක්ෂණයකට Panda Nanoscan!

මගේ සටහන කියවන (වින්ඩෝස් භාවිතා කරන) හැමෝම වගේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් පාවිච්චි කරනවා ඇතිනේ? ඒකක් නැතුව නම් ඉතින් වින්ඩෝස් ලෝකයේ ජීවත්වෙන්න ටිකක් අමාරුයි 😀

හරි. ප්‍රතිවෛරස මෘදුකාංගයක් පාවිච්චි කරනවා කියලා හිතමුකෝ. දැන් ඔය පාවිච්චි කරන මෘදුකාංගය හරියටම වැඩ කරනවද කියලා දන්නවද? වැඩ කරනවා වගේ පෙනුනට ඇත්තටම ‍වැඩද? ඒක නියමිත වෙලාවට අප්ඩේට් වෙනවද? ඒකට අහු නොවෙන වෛරස දැන් පරිගණකයේ තියෙනවද? ඒක හරියටම කියන්න බැහැ. මොකද හොඳම ප්‍රතිවෛරස මෘදුකාංගය කියලා කියන්න පුළුවන් මෘදුකාංගයක් නැති නිසා. විවිධ වැඩසටහන් වල විවිධ උපායන් වගේම දුර්වලතා තියෙන නිසා මේක තමයි හොඳම කියන්න බැහැ.

ඒ නිසා, පුළුවන් වෙලාවට තවත් ස්කෑනරයකින් පරිගණකය පරීක්ෂා කරලා බලන එක ගොඩක් හොඳයි. සාමාන්‍ය ඔන්ලයින් ස්කෑන් කිරීමකට ගොඩක් වෙලා යන නිසා, ඉතාමත් ඉක්මනින් මේ කටයුත්ත කර දෙන සේවයක් තමයි මේ හඳුන්වා දෙන්නට යන්නේ. Panda NanoScan: ලෝක ප්‍රසිද්ධ පැන්ඩා ප්‍රතිවෛරස සමාගමේ සේවයක්. ඉතාමත් ඉක්මණින් පරිගණකයේ පරීක්ෂාවක් කර බලන්න පැන්ඩා නැනෝස්කෑන් මගින් පුළුවන්. (විනාඩියක් දෙකක් විතර – මගේ ඩයල්අප් සම්බන්ධතාවයෙනුත්)

දැනට පැන්ඩා නැනෝස්කෑන් මගින් වෛරස වර්ග 2,720,658 පමණ සොයාගන්න පුළුවන්. කිලෝබයිට් 400ක් පමණ වන නිසා ඉක්මණින් ප්‍රවේශනය වී ඉක්මණින් ස්කෑන් කිරීම අවසන් කරනවා. නිකං ඉන්න වෙලාවක නිකමට වගේ පැන්ඩා නැනෝස්කෑන් ක්‍රියාත්මක කරලා බලන්න. හැමදේටම වඩා ආරක්ෂාව වැදගත්නේ, නේද?
PS: I don’t write the English Translation anymore. Should I write it again? Please comment if you want it back 🙂

ගූගල් ටෝක් දැන් භාෂා පරිවර්තකයෙක්! | Google Talk is now a Translator Too!

අපේ ජනප්‍රියම ක්ෂණික පණිවිඩකරු ගූගල් ටෝක් දැන් භාෂා පරිවර්තන කාර්යයටත් අතගහලයි තියෙන්නේ! ඔව්. විවිධ භාෂා කතා කරන යාළුවෝ ගොඩක් ඉන්නවානම් මේ වගේ විශේෂාංගයක් කියලා නිමකරන්න බැරි තරම් වටිනවා නේද? මේ සේවය ක්‍රියාත්මක වෙන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් පාදක කරගෙනයි.

  1. Arabic > English (ar2en)
  2. German > English (de2en)
  3. German > French (de2fr)
  4. Greek > English (el2en)
  5. English > Arabic (en2ar)
  6. English > German (en2de)
  7. English > Greek (en2el)
  8. English > Spanish (en2es)
  9. English > French(en2fr)
  10. English > Italian (en2it)
  11. English > Japanese (en2ja)
  12. English > Korean (en2ko)
  13. English > Dutch (en2nl)
  14. English > Russian (en2ru)
  15. English > Chinese (en2zh)
  16. Spanish > English (es2en)
  17. French > German (fr2de)
  18. French > English (fr2en)
  19. Italian > English (it2en)
  20. Japanese > English (ja2en)
  21. Korean > English (ko2en)
  22. Dutch > English(nl2en)
  23. Russian > English (ru2en)
  24. Chinese > English(zh2en)

යම් භාෂා පරිවර්තකයක් එකතු කරගන්න නම් භාෂා පරිවර්තක කේතය සමග @bot.talk.google.com ලියා නව මිතුරෙක් ලෙස එකතු කරගන්න. (Add මගින්) උදාහරණයක් විදියට ජර්මන් බස ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නට නම් de2en@bot.talk.google.com මිතුරෙක් ලෙස එකතු කරගන්න.

gHacks මගිනි.