අන්තර්ගතය විනාශ නොකරගෙන පින්තූර ප්‍රතිප්‍රමාණ කරන්න | Resize your images, without destryoing Content

ටිකක් ලොකු පින්තූරයක් ඔබේ බ්ලොග් අඩවියට/වෙබ් අඩවියට යොදන්නට තැත් කළ වෙලාවක එය කුඩා කරන්න සිද්ධ වුණාද? නමුත් පින්තූරයේ ලොකු කොටසක් නැතිවීම මගින් පින්තූරයේ මුළු ප්‍රයෝජනය ගන්නට බැරිවුණාද? මෙන්න මේ ගැටළු සඳහා විසඳුම් ලබාදෙන නවතම පින්තූර ප්‍රතිප්‍රමාණන තාක්ෂණයක් එළිදැක්වී හමාරයි. ද්‍රවීය ප්‍රතිප්‍රමාණනය (Liquid Resizing/Content Aware Resizing) යනුවෙන් හඳුන්වන මෙමගින් ඔබගේ පින්තූරය අවශ්‍ය ප්‍රමාණයකට කුඩා කරගත හැකියි එහි අන්තර්ගතයට කිසිදු හානියක් නොකරම! මේ ටික වචන වලින් කීවාට තේරුම් ගන්න බැහැ. මෙම වීඩියෝව නරඹන්න. එමගින් ඒ පිළිබඳ හොඳ අදහසක් ලබාගන්නට පුළුවන්.

මෙම වීඩියෝවේ ඇති තරම් නොවුණත්, මීට බොහෝ සමාන කාර්යයක් කරන්නට හැකි අමතර එක්කිරීම් කිහිපයක් හා වෙබ් අඩවියක් දැනටමත් ක්‍රියාත්මකයි. ‍පහත දක්වා ඇත්තේ රීසයිසර් වෙබ් අඩවිය ‍මගින් ප්‍රතිප්‍රමාණනය කළ පින්තූරයක්: (කලින් තිබුණු පින්තූරේ ඕක හරියට‍ තේරෙන්නෙ නෑ. අලුතින් එකක් දැම්මා. මෙතන සීගිරිය සහ පහළින් මාර්ගය රැකගෙන පින්තූරය ප්‍රමාණය වෙනස් කර තිබෙනවා.) ෆොටෝෂොප් මගින් after පින්තූරය before වෙත ඩ්‍රැග් කර Layer Mode එක Difference ලෙස වෙනස් කළොත් පෙනේවි සීගිරියෙහි ප්‍රමාණයෙහි කිසිම වෙනසක් වී නැති බව.


ගිම්ප් එක්කිරීම | Rsizr | ෆො‍ටෝෂොප් එක්කිරීම 1 | 2
ලයිෆ්හැකර් මගිනි

—————-
Listening to: James Blunt – Wisemen
via FoxyTunes

ගොඩ කාලෙකින් | From a long time…

ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. අද ඉඳන් ආයෙත් ලියන්නයි හිතාගෙන ඉන්නෙ. තවම මේ සටහන කියවන අය ඉන්නවනම් සමාවෙන්න 😀
Couldn’t write from a long time. Will write from today. If there’s anyone who still reads my blog, I apologies. 😀

ෆොක්සිටියුන්ස් | FoxyTunes

ඔබත් අන්තර්ජාලයේ සැරිසරන අතර ගීත රසවිඳින්නෙක්ද? එහෙනම් මෙන්න විශිෂ්ට මෘදුකාංගයක්. ෆොක්සිටියුන්ස්, ඔබ අන්තර්ජාලයේ සැරිසරන අතර ඔබගේ ගීත වාදකය හැසිරවීමට, ඔබ අසන ගීතය පිළිබඳව තවත් විස්තර, ඇල්බම් කවර, ගායක තොරතුරු සොයාගැනීමට හා තවත් විශේෂාංග රැසකට සහය දක්වන උපාංගයකි. මෙය දැනට ප්‍රසිද්ධ මාධ්‍ය වාදක රැසකටම සහය දක්වයි. මේ අතර අයිටියුන්ස්, විනැම්ප්, වින්ඩෝස් මීඩියා ප්ලේයර්, ෆූබාර්, රියල් ප්ලේයර්, පැන්ඩෝරා, ලාස්ට්.එෆ්එම් ප්ලේයර්, ජූක්බොක්ස්, සොනික්, ජෙට්ඕඩියෝ මෙන්ම තවත් මෘදුකාංග රැසක්ම තිබෙනවා. මෙහි තිබෙන සිග්නාටියුන්ස් නම් විශේෂාංගය මගින් ඔබ සවන්දෙන ගීතය බොහෝ බ්ලොග්, ඊමේල් හා සංවාද මණ්ඩප වලට එක්කරන්නටත් පුළුවන්. උදාහරණයක් සඳහා මගේ සටහන අග බලන්න. දැනට බ්ලොගර්, ජීමේල්, තන්ඩර්බර්ඩ්, යාහූ, වර්ඩ්ප්‍රෙස්, ටයිප්පෑඩ් මෙන්ම තවත් පද්ධති රැසකටම සහය ලබාදෙනවා. මුලින්ම ෆයර්ෆොක්ස් සඳහා හඳුන්වාදුන් අමතර එක්කිරීමක් වන මෙය දැන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවෙනුත් දැන් ලබාගන්නට පුළුවන්. ෆොක්සිටියුන්ස්

Do you listen to music when you surf? If you do, here’s a nice tool for you 😀 Foxytunes, let’s you manage your media player from your browser. Get more info about the song, more info on the album, artist, album art and lots more! Foxytuens currently supports a bunch of media players including Winamp, Windows Media Player, Foobar, Real Player, Pandora, Last.fm Player, Jukebox, Sonic, JetAudio etc. A special feature named Signatunes lets you add your currently playing song to your blog posts, email messages and forums. It currently supports Blogger, Gmail, Thunderbird, Yahoo, WordPress, Typepad and a whole lot more. It was first introduced for Firefox. Now it’s also available for IE. Foxytunes

—————-
Listening to: Justin Timberlake – What Goes Around…Comes Around
via FoxyTunes

සිංහල රොකට්ඩොක් | Sinhala RocketDock

දැනට ජනප්‍රිය වෙමින් පවතින තවත් මෘදුකාංග දියත්කරණයක් වන රොකට්ඩොක්හි සිංහල පැකේජය නව අනුවාදයත් සමගම ලබාගත හැකියි. ඇපල් පරිගණක වල ප්‍රසිද්ධ මෘදුකාංග දියත්කරණය වන ඩොක් එක අනුගමනය කරමින් වින්ඩෝස් සඳහා නිකුත් වන මෙම මෘදුකාංගය නොමිලේ ලබාගත හැක්කකි. රොකට්ඩොක් වෙත කෙලින්ම කවුළු කුඩාකිරීම, විස්ටාහි කවුළු ප්‍රතිරූපණ, ධාවනය වන වැඩසටහන් සංදර්ශක, ඇදගෙන ගොස් අතහැරිය හැකි අතුරුමුහුණත, PNG හා ICO වර්ගයේ අයිකන සඳහා සහය, තමන් කැමති ආකාරයකට වෙනස් කරගැනීමේ හැකියාව, මෝබිඩොක්, ඔබ්ජෙක්ට්ඩොක්, RK ලෝන්චර් හා Y’z Dock හි පැළඳුම් (Skins) සඳහා සහය, යුනිකේත හැකියාව මෙන්ම තවත් විශේෂාංග ‍රැසක්ම මෙහි අන්තර්ගතය. රොකට්ඩොක්

ඔබේ පරිගණකය උදුනකට දාන්න ලෑස්ති වෙන්න! | Get ready to put your PC in an Oven!

සියළුම පරිගණක ප්‍රොසෙසර වලට බලපාන පුධානම සතුරා වන්නේ උෂ්ණත්වයයි. ඔබේ පරිගණකය ගලවා බැලුවොත් ප්‍රොසෙසරය මත සවිකර තිබෙන හීට් සින්ක් සහ පංකා දැකිය හැකිවේවි. මේ උෂ්ණත්වයෙන් ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය අඩුවීම අවම කිරීමටයි.
මෙම උෂ්ණත්ව ගැටළුව සඳහා විසඳුමක් ලෙස නාසා ආයතනය අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන චිපයක් නිර්මාණය කර තිබෙන බව ආරංචියි! සිලිකන් කාබයිඩ් මගින් නිපදවා ඇති මෙම චිපය ෆැරන්හයිට් අංශක 1112ක උෂ්ණත්වයකට පවා ඔරොත්තු දෙන බව සඳහන්. මූලික පරීක්ෂණ මගින් ෆැරන්හයිට් අංශක 932ක උෂ්ණත්වයක පැය 1700ක කාලයක් පුරා මෙම චිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ පරීක්ෂණත් වල සාර්ථකත්වය සමග අනාගතයේදී පංකා නොමැති අධිවේගී චිප් පවා ලබාගන්නට හැකිවේය යන්න බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි.

ගිස්මෝඩෝ මගිනි.

Heat is the main enemy of all processors. If you take your PC apart, you’ll see heat sinks and fans dealing with this – so it reduces the effect on processor efficiency.
The latest reports say that NASA is developing a Silicon Carbide chip that’ll be able to face extreme temperatures like 1112 degrees Fahrenheit. In preliminary tests, the chip operated at a temperature of 932 degrees Fahrenheit for 1700 hours. With the success of these experiments, many hope that fan less high speed processors will be available in a short time.

Via Gizmodo