නුවර IT ප්‍රදර්ශනේ

ඔන්න ඉතින් අද උදේ ගියා නුවර IT ප්‍රදර්ශනය බලන්න. කලින් ලිපියෙ තියෙන්නෙ පින්තූර වගයක්. අයියෝ කියලා වැඩක් නෑ. සෙනග නම් හිටියා තමයි. ඒත් අම්බානක කම්මැලියි. ඔහේ එහෙට මෙහෙට ඇවිද්දා විතරයි. වැඩකට ඇති දෙයක් දැක්කෙ නෑ. ප්‍රභාත් සහ ප්‍රවීනත් ඇවිල්ලා හිටියෙ. ඔය ඉන්නෙ පින්තූරේ 😀

චැහ් ඒක ගැන ලියන්න දෙයක් නෑනෙ. අම්බානක සෙනග, රස්නෙයි දාඩියයි, සද්දෙයි… ශාලාව මැද චිත්‍රපට දාලා, පැත්තක ගේම් ගහනවා. අනිත් හැම තැනකම වගේ ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් තිබ්බා වෙබ්කැම් මගින් තමන්ව දැකබලාගන්න හැකි විදියට 😛 තව ඉතින් තඩි එල්සීඩී මොනිටර සහ ටීවී ටිකක් තිබ්බා.

හික් ඉතිං එච්චරයි. පින්තූර නම් අල‍වෙලා තියෙන්නෙ ෆෝන් එක හෙල්ලිච්ච නිසා සහ ඒක කැමරාව අඳුරු තැන් වල පිස්සු නටන නිසා. ඒ ගැන ඉතිං සමාවෙන්න ඕන.

At the Kandy it exhibition

Okay guys i’m here at the Kandy it exhibition thingy. It’s pretty boring at the moment and heat is unbearable. I’m here with prabath and praveen. More info later. Here are some photos.

DSC00332_2.JPG

DSC00328_2.JPG

DSC00326_2.JPG

DSC00333_2.JPG
Posted in Uncategorized

වර්ඩ්ප්‍රෙස් සිංහලෙන්! WordPress in Sinhala!

ඔව් මෙන්න ඔබ පුල පුලා බලා සිටි (හික් 😀 ) වර්ඩ්ප්‍රෙස් සිංහල බසින් නිකුත් කළා!! දැනට ස්ථාපනය කළ හැකි සිංහල වර්ඩ්ප්‍රෙස් පැකේජය http://si.wordpress.org මගින් ලබාගන්නට පුළුවන්. ඉදිරියේදී නිකුත් වීමට නියමිත 2.7 අනුවාදයත් මෙම අඩවියෙන්ම ලබාගන්නට හැකිවේවි. දැන් ඉතින් බලා නොඉඳ ස්ථාපනය කරන්න! 😀

දැනටමත් ඉංග්‍රීසි ස්ථාපනයක් තියෙනවා නම් සිංහල පැකේජය යොදන ආකාරය අඩවියේ සඳහන් කර තියෙනවා. එය එතරම් අපහසු කාරණයක් නෙවෙයි.

වර්ඩ්ප්‍රෙස් සිංහල කිරීමට අදහස ආවෙ ගිය පාර සිංහල බ්ලොග් මැරතන් සඳහා නුවර තිබුණු වැඩසටහනත් එක්කයි. අපේ මිත්‍ර කාලිංග මේ ගැන කිව්වට පස්සෙ හැකි ඉක්මණින්ම කටයුත්ත ආරම්භ වුණා. වැඩේ සාර්ථක කරගන්න කට්ටියගෙන් හොඳ සහයෝගයක් ලැබුණ එක ගැන නම් කියන්න බැරි තරම් සන්තෝසයි. ටික කාලයක් ගත වුණා තමයි, ඒත් වැඩේ හරිනෙ 😀

මෙන්න කණ්ඩායම: ආනන්දවර්ධන, මලින්ත (මම), ඩිලාන්, කසුන්, නිලක්ෂ, බුධාජීව, සුදාරක, තරිඳු, තිලිණ, කාලිංග සහ හර්ෂණ

කියන්න බැරි තරම් සන්තෝසයි. 😀

ජංගම දුරකථනයෙන් බ්ලොග් ලිවීම සඳහා අප්පිරිය වුණු මොබිටෙල් M3

ඉතින් ආයෙමත් ලියන්නයි මේ සූදානම. අනේ ඉතින් මොකට කියනවද මේ පාරත් මොබිටෙල් m3 හින්දා ඔළුවත් අප්සට් කරගෙන ඔහේ ඉන්නවා උඩ බලාගෙන. මොනවා කරන්නද ඉතින් 😀 හෙට ආයෙමත් slt එකට විසිට් එකක් දාලා මොකක්හරි කරගන්න බලන්න ඕන. මෙහෙම ගියොත් දෙකින් එකක් වෙලයි නවතින්නෙ. හරියන වැඩක් නෙවි. එක්කො පිස්සු හැදෙයි, නැත්තං කොම්පියුටරේ උස්සලා පොළවේ ගහයි. අනේ මන්දා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වල හැටියට මේවත් ප්‍රශ්නද කියලා හිතෙනවා ඇති. ඒත් ඉතින් මට දැනට තියෙන‍ ලොකුම ප්‍රශ්නෙ මේක තමා 😀

පහුගිය දවස් ටිකේ දකින්න ඇති පින්තූර කිහිපයක් දාලා තිබ්බා test කිය කිය. ඒවා එව්වෙ ජංගම දුරකථනයෙන්. ඒක ගත්තු දවස් වල දැක්කා ඒකෙම තියෙනවා Blogger වලට පින්තූර එහෙම පෝස්ට් කරන පහසුකමක්. මං ඉතින් ඒක අතඇරලා තියෙන නිසා කරන්න දෙයක් තිබුණෙ නෑ. කොහොම හරි වර්ඩ්ප්‍රෙස් වලට ඊමේල් මගින් ලිපි ලියන්න පුළුවන්. ෆෝන් එකෙන් ඊමේල් යවන්න පුළුවන් හින්දා ඒක අටවලා බැලුවා. ඒකට POP3 ගිණුමක් මගින් ලිපි ලියන්න පුළුවනි. කොහොම වුණත් ජීමේල් වගේ සේවා පාවිච්චි කරන්න එපා කියලා තිබ්බා.

අටවලා බැලුවට ඒක හරියටම වැ‍ඩ කළේ නෑ. පින්තූර එහෙම අමුණලා එවපු වෙලාවල් වල අකුරු තොගයක් ඇවිල්ලා වැඩේ සම්පූර්ණයෙන්ම අල වුණා. ඊට පස්සෙ තමයි Postie ගැන දැනගන්න ලැබුණෙ. ඒක මගින් පින්තූර එවීමත් හරියටම කරගන්න පුළුවන් වුණා. වර්ඩ්ප්‍රෙස් මගින් එවපු ඊමේල් පරික්ෂා කරන්න cron එකකුත් ඇටෙව්වා. දැන් අවුලක් නැතිව වැඩ. ඒත් ඉතින් කොහෙවත් ගියේ නෑ තවම ජංගමව ලිපි ලියන්න 😀

ෆෝන් එක ගත්තු දවස්වලම ගාලු යන ගමන් ලිපි ලිව්වා මතකත් ඇති. ඒකෙ පොඩි අවුලකට තිබ්බෙ පින්තූර එහෙම සබැඳුමක් විදියට ආපු එක තමයි. ඒ මදිවට ඒ ප්ලගින් එක හින්දා තව තව අවුල් වගයකුත් ආවා.

වර්ඩ්ප්‍රෙස් ගැන කියනකොට, සිංහල පරිවර්තන දැන් ඉවරයි. ඉවරයි කියන්නෙ 2.6.3 සඳහා. අපි ලෝන්ච්පෑඩ් එකේ කරපු හින්දා අලුත්ම එක නෙවෙයි ඉවර කරේ. 2.7 සඳහා අවශ්‍ය කටයුතු දැන් ඉවර කරන්න ඕන. ඒ වගේම සිංහල වර්ඩ්ප්‍රෙස් නිකුත් කරන්න වෙබ් අඩවියකුත් නිකුත් කරන්න අදහසක් තියෙනවා.

අදට එපමණයි. ජයවේවා.