Facebook වෙතත් නව පෙනුමක්

දැන් හැම අන්තර්ජාල සේවාවක්ම වගේ තම තමන්ගේ වෙබ් අඩවි අලුත් කරන්න පටන් අරගෙන වගෙයි. මේ ළඟදී deviantART වෙතත්, Last.fm වෙතත් අලුත්ම පරිශීලක මුහුණත් නිර්මාණය කර තිබුණා. Last.fm කෙසේවෙතත් deviantART හි නව පෙනුම නම් අදහගන්න බැරි තරම් ලස්සනයි, විශිෂ්ටයි.

ඒ අස්සෙ Facebook එකත් අලුත් පෙනුමක් ලබාගන්නයි සූදානම් වෙන්නේ. තවම අවසන් කරලා නැහැ ඒත් අවශ්‍ය නම් http://www.new.facebook.com/ මගින් ඔබට නව සංස්කරණයට පිවිසිලා බලන්න පුළුවන්.

අලුත් විශේෂාංග හැටියට සරල මෙනුව, ටැබ් ක්‍රමය වගේම Publisher Box යන අලුත් විශේෂාංගයත් එක්කර තියෙනවා. දැනට ඉහළින් තියෙන සබැඳුමෙන් අලුත් පෙනුම බලන්න පුළුවනි. ඒත් තව ටික දිනකින් හැමෝටම මේක බලාගන්න පුළුවන් වේවි.

[Facebook’s New Interface Simplifies Profiles]

සම්පත් බැංකුවේ Mobile Cash

ඔන්න ඉරිදා සුදාරක මලයා සල්ලි වගයක් එව්වා සම්පත් බැංකුවේ Mobile Cash සේවාව හරහා. මේක ගැන අහලා තිබුණට තවම පාවිච්චි කරලා තිබුණෙ නෑ. ඉතින් මම අද ෆෝන් එකත් අරගෙන ගියා සම්පත් බැංකුවට එවපු මුදල ගන්න.

පාවිච්චිය හරිම පහසුයි. එවන කෙනාට ටෙලිබෑන්කින් පහසුකම සමග සම්පත් බැංකුවේ ගිණුමක් සහ සීඩීඑම්ඒ හෝ ජංගම දුරකථනයක් තියෙන්න ඕන. ලබාගන්න කෙනාටත් ඉතින් දුරකථනයක් තියෙන්න ඕන. මුදල් යවන්න ලබාගන්න කෙනාගේ දුරකථන අංකයත්, ජාතික හැඳුනුම්පත් අංකයත් අවශ්‍යයි.

මුදල යැව්වට පස්සෙ ලබාගන්න කෙනාට කෙටි පණිවිඩයක් ලැබෙනවා.

මං ඉතින් බැංකුවට ගිහිල්ලා අහලා බැලුවා මේක ගන්නෙ කොහොමද කියලා. එතකොට තමයි දැනගත්තෙ ඒටීඑම් යන්තරෙන් කෙලින්ම ගන්න පුළුවන් බව. ඒටීඑම් යන්තරේ වෙනමම Mobile Cash කියලා විකල්පයක් තියෙනවා. ඒක තෝරලා ජාතික හැදුනුම්පතේ අංකයයි, කෙටි පණිවිඩයේ තියෙන රහස් අංකයයි, එවපු ගණනයි සඳහන් කළාම කෙලින්ම මුදල් ලබාගන්න පුළුවන්. ලබාගත්තට පස්සේ තවත් කෙටි පණිවිඩයක් ලැබෙනවා ලබාගත් බවට.

හික් මහලොකු දෙයක් නෙවෙයි තමයි. ඒත් බොහොම පහසුයි. සරලයි. ආයෙ පෝලිම් වල රස්තියාදු වෙන්න ඕනත් නෑ. හිතට වැදුණු දෙයක් නිසා ලියන්න හිතුණා. 😀

Sampath Mobile Cash

Last.fm අලුත් වෙලා

Last.fm අඩවියට අලුත් පෙනුමක් එකතු වෙලා. හැබැයි එකම ලෙඩේ කවුරුවත් මේ අලුත් පෙනුමට කැමති නැති එක තමයි 😀 අලුත් විශේෂාංග කිහිපයක් නම් එකතුවෙලා තියෙනවා. කොහොම වුණත් අලුත් පෙනුම ගැන ලියා තිබූ බ්ලොග් සටහනේ ප්‍රතිචාර දැක්කම තමයි පුදුම හිතුණෙ. කවුරුවත්ම කැමති නැහැ වගෙයි මේ අලුත් නිර්මාණයට. ඔබට මොකද හිතෙන්නෙ?

මටත් හිතෙනවා පරණ විදිය හොඳයි කියලා. ඒත් පරණ විදියට මාරු කරන්න නම් දැනට විකල්පයක් නැහැ වගෙයි. චැහ් බලාගෙන යනකොට අලුත් එක ගැන ලියන්න කිසිම දෙයක් නැහැ චගෙයි 😛

Last.fm The Next Generation

ෆයර්ෆොක්ස් සිංහල කළේ කවුද?

සිංහල ෆයර්ෆොක්ස් අනුවාදය නිකුත් කරන්න ඩනිෂ්ක මහන්සි වුණු හැටි අපි හැමෝම දන්නවා. රෑ පුරා නිදිමරාගෙන ඒකෙ වැඩ කටයුතු කළේ ෆයර්ෆොක්ස් 3 නිකුත් කරනකොට කොහොමහරි සිංහල භාෂාව තියෙන අනුවාදයත් ඒ සමග නිකුත් කරන්න. ඒ කටයුත්ත සාර්ථකව කරගන්න හැකිවුණා.

ඒත් දැන් මොකක්ද වෙලා තියෙන්නෙ? ඩනිෂ්ක මේ තරම් මහන්සි වෙලා වැඩ කරලත් අන්තිමේදී ඒ ගැන මාධ්‍ය වල ගිය තොරතුරු සම්පූර්ණයෙන්ම විකෘති වෙලා. දැන් අපට අහන්න ලැබෙන්නෙ ICTA මගින් මේ සිංහල බ්‍රවුසරය සංවර්ධනය කළ බව. මොකක්ද මේ වැඩේ තේරුම?

‍ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති වලට මේ ප්‍රවෘත්තිය විකාශය වුණු හැටි බලන්න: “මේ සඳහා ‍ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නව අන්තර්ජාල ගවේෂකයක් සංවර්ධනය කර තිබෙනවා.” මොකක්ද මේ? ප්‍රවෘත්තියත් සම්පූර්ණයෙන්ම වැරදියි නේද?

ඒ විතරක් නෙමෙයි මෙන්න මෙතැනත් බලන්න: http://www.colombopage.com/archive_08/July15191506SL.html

එතැන කියා තියෙනවා “The Information and Communication Technology Agency of Sri Lanka (ICTA) along with the University of Moratuwa officially launched the latest internet browser Mozilla Firefox 3.0 in Sri Lanka today”

මේ කටයුත්ත සාර්ථක කරගන්න මෙතරම් මහන්සි වුණු ඩනිෂ්ක පැත්තක ඉඳිද්දි මේ ප්‍රවෘත්ති මෙහෙම පළවෙන්න හේතුව මොකක්ද? අඩුම තරමේ ඩනිෂ්කගේ නමවත් සඳහන් නොකරන්නෙ ඇයි? ඇයි මෙහෙම දේවල් සිද්ධ වෙන්නෙ?

Firefox 3.0.1

ෆයර්ෆොක්ස් 3.0.1 යාවත්කාලීන කිරීම නිකුත් කරලා. මේ මගින් සුළු සුළු දෝෂ කිහිපයක් සැකසෙන බවයි ආරංචිය. සිංහල අනුවාදයේත් සුළු වෙනස්කම් කිහිපයක් කර තියෙනවා. දැන්ම යාවත්කාලීන කරගන්න Help -> Check for Updates මත ක්ලික් කරන්න.

Firefox 3.0.1
Firefox 3.0.1

Release Notes