නැතිවුණු ලැප්ටොප් හොයාගන්න Prey

කාලෙකට පස්සෙ ලියන්න හිතුණා බ්ලොග් පෝස්ට් එකක්. ඉස්සර නම් තාක්ෂණික අනං මනං ගැන ලියලා, පස්සෙ කාලෙක ඒක අත්ඇරියා. දැන් ඉතින් ආයෙමත් ඉඳලා හිටලා ලියන්න හිතුණා.

මේ ලියන්න යන්නේ ලැප්ටොප් පාවිච්චි කරන උදවියට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි.

Prey

ලැප්ටොප් එකක් කියන්නෙ ටිකක් වියදම් කරලා ලබාගන්න උපකරණයක්නේ. ගොඩ දෙනෙක්ගේ ජීවිත දුවන්නෙ ඔය යන්තරේ ඇතුළෙ තමයි. ඉතින් ඔය මැසිමක් නැතිවුණොත් එහෙම ජීවිතේ pause කරා වගේ තත්ත්වයක් දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් අවාසනාවට ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න වුණොත්, ලැප්ටොප් එක හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලබාදෙන මෘදුකාංගයක් තමයි මේ Prey කියන්නෙ.

මේක භාවිතා කරන්න ඔවුන් ලබාදෙන මෘදුකාංගය අපේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕන මුලින්ම. මේක වින්ඩෝස්, ලිනක්ස් හා මැක් තුනටම තියෙන නිසා කිසිම අවුලක් නෑ. ඊටපස්සෙ ඔවුන්ගේ වෙබ් අඩවියට අපේ යන්තරේ එකතු කරන්නයි තියෙන්නෙ. මේ මෘදුකාංගය ස්ථාපනයට කරාට පස්සේ ඒක තියෙන බවක්වත් දැනෙන්නෙ නෑ.

බැරිවෙලාවත් යන්තරේ අස්ථානගත වුණොත් අපට කරන්න තියෙන්නෙ Prey වෙබ් අඩවියට ගිහින් යන්තරේ නැතිවුණු බව සලකුණු කරන එකයි.

Prey Report

එතකොට මැසිම අහල පහල WiFi hotspot එකක් තියෙනවා නම් ඒකට ස්වයංක්‍රීයව සම්බන්ධ‍ වෙලා අපි සටහන් කරන කාල වේලාවට අනුව Prey මගින් විස්තර සහිත වාර්තා අපට ලබාදෙනවා. මේ වාර්තාවට Geo-location මගින් ස්ථානය (WiFi හෝ GPS), මැසිමේ තොරතුරු, ඒ අවස්ථාවේ තිරපිටපතක්, කැමරාවක් තියෙනවා නම් ඒකෙන් ලබාගන්න පින්තූරයක්, දැනට වෙනස් වෙලා තියෙන ගොනු, සක්‍රිය වෙලා තියෙන සම්බන්ධතා, ධාවනය වන මෘදුකාංග වගේ විස්තර රැසක් අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි, මැසිම ළඟපාතක තියෙනවා නම් හොයාගන්න alert sound එකක් නිකුත් කරන්නත්, මේ හොරකම් කරපු මැසිමක් බව කියන පණිවිඩයක් යවන්නත්, වෝල්පේප‍ර් වෙනස් කරන්නත් මේ මෘදුකාංගයට පුළුවන්.

ලැප්ටොප් එකක් නැතිවුණොත් ඒක හොයාගන්න පුළුවන් වෙයිද කියන එක කියන්න අමාරු වැඩක්. හොරකම් කරපු මනුස්සයා ඕක ෆෝමැට් කරොත් එහෙම නේද? ඒ වුණත් මේ වගේ මෘදුකාංගයකින් මැසිම හොයාගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙනවා කියන එක කවුරුත් පිළිගනීවි. එහෙම දේවල් වෙලා මීට කලින් සිදුවෙලා තියෙනවා: Girl Recovers Her Stolen Mac By Remotely Using Its Built-In Webcam

පාවිච්චි කරලා බලන්න 🙂

[Prey]

eBay කතා

මොකක්හරි හේතුවක් හින්දා මට කවදාවත් ebay එකෙන් කිසිම දෙයක් ගන්න හිතිල නෑ 😀 හේතුව මොකක්ද කියල නම් තාම ෂුවර් නෑ. ඒ වුණාට අලුත් ෆෝන් එක ගත්තට පස්සෙ නම් ඒක පැත්තෙ ගිහින් මොනවහරි නොගෙන බෑ කියල හිතුණ.

ඉතින් මොකද කරේ, ebay එකට ගිහින් එකවුන්ට් එකකුත් අටවගෙන වැඩේට බැස්ස. ඉස්සෙල්ලම ඕන වුණේ මොකක්හරි හොඳ ඉයර්ෆෝන් එකක් ගන්න. මං ගාව කලින් තිබුණෙ නුවරින් ගත්තු Phillips එකක්. ගාන නම් හොඳටම වැඩියි. ඒත් වෙන ගන්න දෙයක් මෙහෙ තිබුණෙ නෑ. ebay එකෙන් ගන්න අදහසක් තිබුණෙත් නෑ ඒ දවස්වල. කොහොමහරි ඉතින් ඔය ගත්තු එක ගොඩක් කල් පාවිච්චි කරා. කැඩුණා. ආයෙත් ගන්න වුණේ ඒ වර්ගෙම තමයි. 🙁

ඉතින් මොකද කරේ, හොයන්න පටන් ගත්ත අලුත් ඉයර්ෆෝන් එකක්. In-ear තමයි ගන්න ඕන. නැත්තං බස් එකක එහෙම යද්දි මෙලෝ දෙයක් ඇහෙන්නෙත් නෑ, ඇහෙන්න සද්දෙ වැඩි කරාම කන් දෙකත් ඉවර වෙන එකනෙ වෙන්නෙ. ඉතින් ‍ඔහොම හොයන අතරේ හම්බවුණා Skullcandy කියල බ්‍රෑන්ඩ් එකක්. Review නම් හොඳයි. ඉතින් මුලින් තෝරගත්තු Smokin වර්ගෙ එකක් ගන්න ලෑස්ති වෙලා, ඊට වඩා Ink’d කියන එක හොඳයි කියල තිබුණ නිසා ඒකක් ගන්න හිතාගත්ත.

ඉතින් ebay එකට ගිහින් ඕක ටයිප් කරාම හෙන ලැයිස්තුවක් ආවා.  සාමාන්‍යයෙන් අඩුවට තිබුණත් ගෙන්නගන්න යන වියදම දැක්කම වැඩේ අත්හරින්න තමයි හිතුණෙ. ඊටපස්සෙ තමයි Sort by කියන කෑල්ල දැක්කෙ. ඉතින් Price + Shipping: Lowest First දුන්නා 😀 හිතේ තිබුණු චකිතය හින්ද වැඩි ආරස්සවට කියල හිතල Top-rated Sellers විතරක් පෙන්නන්න කියලත් දැම්ම.

ඉතින් හොඳ එකක් තෝරගත්තා. මිළදී ගත්තා. ඉතින් ඒ වෙලාවෙ ඇතිවුණු ජොලිය හින්ද ෆෝන් එකට කේස් එකකුත්, ස්ක්‍රීන් ප්‍රොටෙක්ර් එකකුත් ගත්තා.

Skullcandy Ink'd

දැන් ඉතින් ඕක එනකල් බලාගෙන ඉන්නත් එපැයි. කොහොමහරි ඇමරිකාවෙ ඉඳන් ඉයර්ෆෝන් එක එන්න සති කීපයක් යයි කියල හිතාගෙන හිටිය. ඒත් හරියටම සතියකින් කේස් එකයි, ඉයර්ෆෝන් එකයි එවල කියල වැටිල තිබුණ.

කොහොමහරි ඉතින් සතියකට පස්සෙ බඩු ඇවිල්ල තිබුණ. 😀

ඉතින් ඉස්සෙල්ලම බැලුවෙ කේස් එක. ඒක හොංකොං වලින් හින්ද Free Shipping. ඒකට ගියෙ රුපියල් දෙසීයක් විතරයි 😀 හොඳ තත්ත්වයක තිබුණ. හරියට ෆිට් වෙනවා. කිසිම අවුලක් නෑ.

අල වුණු ඉයර්බඩ් එක
අල වුණු ඉයර්බඩ් එක

ඊටපස්සෙ ඉයර්ෆෝන් එක. ඒක තමා ගොඩක්ම බලාපොරොත්තුවෙන් හිටියෙ. සති‍යෙන් ආපු එක ගැනත් පුදුමයි. ඉතින් දඩිබිඩි ගාලා (එක්කෙනෙක් නම් මේ දඩිබිඩි කියන එකට හිනාවෙනව 😛 ) ගලවල අරගෙන ෆෝන් එකට හයි කරල සින්දුවක් දැම්මා. හැක්? මේ මොකද? පැත්තකින් සද්දෙ ඇහෙනවා. අනිත් පැත්ත එහෙම්පිටින්ම අවුල්. මං ඒක අරගෙන ඉයර්බඩ් එක ගලවල බැලුවම තමයි දැක්කෙ වෙලා තියෙන දේ. ඒක තැලිල ඇතුලට ගිහින්.

එවෙලෙ ඇතිවෙච්ච හැඟීම් නම් ඉතින් කියලා වැඩක් නෑ. මාර අප්සට් එක. වීරයා වගේ ඕඩර් කරල  දැන් අලයක්නෙ හම්බවෙලා තියෙන්නෙ. මං හිමින් සීරුවෙ මල්ලිට කිව්ව ඒක අප්සට් වෙලා කියලා 😀

දැන් ඉතින් මොනව කරන්නද, අප්සට් එකේම ebay එක පැත්තට ගිහින් එවපු එක අවුල් කියල seller ට මැසේජ් එකක් යැව්වා. ඒකෙ return බාරගන්නෙ නෑ කියල තිබුණ නිසා කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ.

කොහොමහරි ඉතින් රෑ වෙලා ඊමේල් බලද්දි පිළිතුරක් ඇවිල්ල තිබුණා.

එවපු එකට හානි වෙලා තිබීම ගැන සමාව ඉල්ලලා, මට ඒව ආපහු යවන එක වියදම් වැඩි නිසා කැඩුණු එක තියාගන්න කියල අලුත් එකක් එවෙලෙම එවනව කියල තමයි පණිවිඩේ තිබුණෙ. ඇත්තටම එවෙලෙ නම් පුදුම හිතුණා. 😀

ඉතින් අද තමයි අලුත් එක ආවේ. මේකෙ නම් කිසිම ප්‍රශ්නයක් නෑ. නියමෙට වැඩ.

ඕක තමයි ඉතින් මගේ පළමු ebay අත්දැකීම. කොහොම වුණත් ස්ක්‍රීන් ප්‍රොටෙක්රේ නම් තාම ආවෙ නෑ. 😛

මින්ට් ජනේලය ළඟින් තබා ඇපල් කෑම

ඔන්න ඉතින් කලින් ලිපියෙදි කිව්ව විදියට ඉඩ මදියි කියලා ඇපල් මැක් අයින් කළාට එදා දවස ඉවර වෙනකොට නිකං මොකක්ද මොකක්ද වගේ. ඉතින් මොකද කළේ ආයෙමත් දැම්මා මැක් OS. හික්. දැන් දවස් දෙකක් විතර ඒකෙ ඉඳන් වැඩ කළා. ගූගල් පිහිටෙන් වීඩියෝ ඩ්‍රයිවරයක් හොයාගත්ත. දැන් වීඩියෝ වැඩ කරනව. ශබ්දත් අවුලක් නෑ. Ethernet බොහොම අමාරුවෙන් හදාගත්ත ඒත් ඒකෙ පොඩි පොඩි අවුල් වගයක් තියෙනවා. Wireless නම් වැඩ කරන්නෙම නෑ තවම.

සිංහල නම් බොහෝ දුරට වැඩ කරනවා. සිංහල keylayout එකකුත් හොයාගෙන දැම්මා. ඒකත් දෝෂ සහිතව වැඩ. මේ ගැන විස්තර ටික ඔක්කොම දුන්නා දසුන් අයියට. ඉදිරියේදි මේ ගැටළු විසඳන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

මැක් වලට එන මෘදුකාංග ගොඩක් නියමයි. මං සාමාන්‍යයෙන් දාන්න ඕන ෆයර්ෆොක්ස් සහ VLC දැම්මා. මේකෙ මෘදුකාංග ස්ථාපනය කිරීම ගොඩක් වෙලාවට පහසුයි. අපට කරන්න තියෙන්නෙ .dmg ගොනුව බාගෙන ඒකෙ තියෙන වැඩසටහන් ගොනුව Applications‍ ෆෝල්ඩරයට දාන එක විතරයි.

චැට් කටයුතු සඳහා iChat තිබුණත් මං Adium දාලා බැලුවා. ඒක නම් නියම මෘදුකාංගයක්.

iTunes නම් පුදුම හිතෙන විදියට වැඩ කරනවා. වින්ඩෝස් වලදි නම් මට පේන්න බැරිම මෘදුකාංගයක් තමයි. ඒත් මැක් වලදි ගොඩක් වේගවත්. Cover Flow එහෙම හිතන්නවත් බැරි තරම් වේගයෙන් වැඩ.

ඉතින් දැනට එපමණයි. මැක් වල සිංහල තවත් ටිකක් දියුණු වුණාට පස්සෙ ඊළඟ ලිපිය මැක් එකකින්ම ලියන්න හීනයක් තියෙනවා. 😀

iTunes Coverflow
iTunes Coverflow
My Blog in Firefox (Mac)
My Blog in Firefox (Mac)

ගූගල් දෝසෙ!

google-errorඔන්න කවදාවත් දැකපු නැති දෙයක් සිද්ද වුණා. දැන් ටිකකට කලින් ගූගල් සෙවුම් ප්‍රතිඵල අමුතුවට පේන්න ගත්තා. තවත් දෙතුන් දෙනෙක්ගෙන්ම ආරංචි වුණා ඒ අයටත් ඒ ප්‍රශ්නෙමයි කියලා. ප්‍රශ්නෙ මොකක්ද කිව්වෙ නෑනෙ. හැම ප්‍රතිඵලයකටම යටින් This site may harm your computer කියලා පේන්න ගත්තා 😀 දැන් නම් හරිගිහිල්ලා වගෙයි. මං නම් ඇත්තටම ටිකක් බයවෙලා හිටියෙ, කොටින්ම කියනවනම් හදගැස්මත් ටිකක් වැඩිවුණා. කට්ටිය නම් කියන්නෙ මේක ඓතිහාසික අවස්ථාවක් කියලා. 😀

English Translation: Well here’s something we haven’t seen. I began to see strange google search results few minutes ago. Another few guys complained that they are getting the same prob. The prob is, we began to see This site may harm your computer on every result! It’s back to normal now but I was really worried. It even made my heart rate increase 😛 Guys are saying that it’s a historical event.

Update: Here’s the official report: http://googleblog.blogspot.com/2009/01/this-site-may-harm-your-computer-on.html

Thanks Chamila!

වර්ඩ්ප්‍රෙස් 2.7 දැන් සිංහලෙන්

ඔන්න දැන් වර්ඩ්ප්‍රෙස් 2.7 සිංහල බාසාවෙනුත් ලබාගන්න පුළුවන්. අද තමයි වැඩ ටික ඉවර වුණේ. සහය දුන්න හැමෝටම ස්තූතියි. දැන්ම ගිහින් http://si.wordpress.org මගින් අලුත් අනුවාදය ලබාගන්න. මේ අනුවාදයත් එක්ක ස්වයංක්‍රීය යාවත්කාල කිරීමේ පහසුව තියෙන නිසා ආපහු ඉදිරියට අප්ඩේට් කරන්න දඟලන්න අවශ්‍ය වෙන එකක් නැහැ. 🙂

WordPress 2.7 Sinhala Screenshot