Trying out imified
ඉක්මන් වෛරස පරීක්ෂණයකට Panda Nanoscan!
මගේ සටහන කියවන (වින්ඩෝස් භාවිතා කරන) හැමෝම වගේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් පාවිච්චි කරනවා ඇතිනේ? ඒකක් නැතුව නම් ඉතින් වින්ඩෝස් ලෝකයේ ජීවත්වෙන්න ටිකක් අමාරුයි 😀
හරි. ප්‍රතිවෛරස මෘදුකාංගයක් පාවිච්චි කරනවා කියලා හිතමුකෝ. දැන් ඔය පාවිච්චි කරන මෘදුකාංගය හරියටම වැඩ කරනවද කියලා දන්නවද? වැඩ කරනවා වගේ පෙනුනට ඇත්තටම වැඩද? ඒක නියමිත වෙලාවට අප්ඩේට් වෙනවද? ඒකට අහු නොවෙන වෛරස දැන් පරිගණකයේ තියෙනවද?
ඒක හරියටම කියන්න බැහැ. මොකද හොඳම ප්‍රතිවෛරස මෘදුකාංගය කියලා කියන්න පුළුවන් මෘදුකාංගයක් නැති නිසා. විවිධ වැඩසටහන් වල විවිධ උපායන් වගේම දුර්වලතා තියෙන නිසා මේක තමයි හොඳම කියන්න බැහැ.
ඒ නිසා, පුළුවන් වෙලාවට තවත් ස්කෑනරයකින් පරිගණකය පරීක්ෂා කරලා බලන එක ගොඩක් හොඳයි. සාමාන්‍ය ඔන්ලයින් ස්කෑන් කිරීමකට ගොඩක් වෙලා යන නිසා, ඉතාමත් ඉක්මනින් මේ කටයුත්ත කර දෙන සේවයක් තමයි මේ හඳුන්වා දෙන්නට යන්නේ. Panda NanoScan: ලෝක ප්‍රසිද්ධ පැන්ඩා ප්‍රතිවෛරස සමාගමේ සේවයක්. ඉතාමත් ඉක්මණින් පරිගණකයේ පරීක්ෂාවක් කර බලන්න පැන්ඩා නැනෝස්කෑන් මගින් පුළුවන්. (විනාඩියක් දෙකක් විතර – මගේ ඩයල්අප් සම්බන්ධතාවයෙනුත්)
දැනට පැන්ඩා නැනෝස්කෑන් මගින් වෛරස වර්ග 2,720,658 පමණ සොයාගන්න පුළුවන්. කිලෝබයිට් 400ක් පමණ වන නිසා ඉක්මණින් ප්‍රවේශනය වී ඉක්මණින් ස්කෑන් කිරීම අවසන් කරනවා. නිකං ඉන්න වෙලාවක නිකමට වගේ පැන්ඩා නැනෝස්කෑන් ක්‍රියාත්මක කරලා බලන්න. හැමදේටම වඩා ආරක්ෂාව වැදගත්නේ, නේද?
PS: I don’t write the English Translation anymore. Should I write it again? Please comment if you want it back 🙂
ගූගල් ටෝක් දැන් භාෂා පරිවර්තකයෙක්! | Google Talk is now a Translator Too!
අපේ ජනප්‍රියම ක්ෂණික පණිවිඩකරු ගූගල් ටෝක් දැන් භාෂා පරිවර්තන කාර්යයටත් අතගහලයි තියෙන්නේ! ඔව්. විවිධ භාෂා කතා කරන යාළුවෝ ගොඩක් ඉන්නවානම් මේ වගේ විශේෂාංගයක් කියලා නිමකරන්න බැරි තරම් වටිනවා නේද? මේ සේවය ක්‍රියාත්මක වෙන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් පාදක කරගෙනයි.
- Arabic > English (ar2en)
- German > English (de2en)
- German > French (de2fr)
- Greek > English (el2en)
- English > Arabic (en2ar)
- English > German (en2de)
- English > Greek (en2el)
- English > Spanish (en2es)
- English > French(en2fr)
- English > Italian (en2it)
- English > Japanese (en2ja)
- English > Korean (en2ko)
- English > Dutch (en2nl)
- English > Russian (en2ru)
- English > Chinese (en2zh)
- Spanish > English (es2en)
- French > German (fr2de)
- French > English (fr2en)
- Italian > English (it2en)
- Japanese > English (ja2en)
- Korean > English (ko2en)
- Dutch > English(nl2en)
- Russian > English (ru2en)
- Chinese > English(zh2en)
යම් භාෂා පරිවර්තකයක් එකතු කරගන්න නම් භාෂා පරිවර්තක කේතය සමග @bot.talk.google.com ලියා නව මිතුරෙක් ලෙස එකතු කරගන්න. (Add මගින්) උදාහරණයක් විදියට ජර්මන් බස ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නට නම් de2en@bot.talk.google.com මිතුරෙක් ලෙස එකතු කරගන්න.
gHacks මගිනි.
ලෝන්චි අලුත් වෙයි
මම කාලෙකට කලින් කියපු ලෝන්චි මෘදුකාංගයේ අලුත්ම අනුවාදයක් ඊයේ නිකුත් කළා. මේ නව 2.0 අනුවාදය කලින් අනුවාදයට වැඩිය පහසුකම් කිහිපයක් වැඩියෙන් ලබාදෙනවා. අලුත්ම Skin එකක්, Fade-in සහ Fade-out Effects, වැඩිදියුණු කළ Plugins… නියමයි!
ස්ථාපනය කරනකොට පරිස්සමින්. මොකද පැරණි අනුවාදයේ සැකසුම් ඔක්කොම මැකෙන නිසා. අවශ්‍යනම් පරණ සැකසුම් ටික ලියලා තියාගන්න එක කෝකටත් හොඳයි. අනිත් එක පරණ Plugins/Skins මේ අනුවාදය එක්ක වැඩකරන්නේ නැහැ.
කලින් පාවිච්චි කරලා නැත්නම් පාවිච්චි කරලා බලන්න. කවදාවත් අතහරින්නේ හිතෙන්නෙ නැති නියම මෘදුකාංගයක්.
[ලෝන්චි]