යූටියුබ් වීඩියෝ කෙලින්ම ඔබේ පරිගණකයට! | Get Youtube Videos to your PC Directly!

යූටියුබ් වීඩියෝ ගොනු ලබාගැනීමේ ක්‍රම විශාල සංඛ්‍යාවක් දැනටමත් පවතිනවා. අප බොහෝ දෙනෙක් මේ ක්‍රම භාවිතා කළත්, මෙහිදී තිබෙන විශාලම ගැටළුව වනුයේ මෙම ගොනු ෆ්ලෑෂ් වීඩියෝ ගොනුවක් (FLV) ආකාරයෙන් ලැබීමයි. (ඇත්තටම ඔබට VLC හෝ ගොම් ප්ලේයර් වැනි මෘදුකාංගයකින් මේවා වාදනය කළ හැකියි.) මෙය පරිගණකයේ ස්ථාපනය කර ඇති මෘදුකාංගයකින් අපට අවශ්‍ය මාදිලියකට (WMV, MPG, 3GP ආදී) පරිවර්තනය කර ගත හැකි වුවත්, මේ සඳහා අමතර මෘදුකාංග යොදාගැනීමට සිදුවීම විශාල කරදරයක්. මේ සඳහා හඳුන්වා දී ඇති නවතම අඩවියක් ලෙස වීකන්වර්ට් හඳුන්වා දිය හැකියි. මෙමගින් ඔබ ලබාදෙන යූටියුබ් ලිපිනයක් කෙලින්ම අවශ්‍ය ගොනු මාදිලියකින්ම ලබාගත හැකියි. මේ අතර wmv, mov, mp4, 3gp, mp3 හා flv වර්ග පවතිනවා. මෙය තවත් එක් අඩවියක් පමණයි. තවත් අඩවි කිහිපයක් පවතිනවා. ඒ ගැනත් ලියන්නම්.

We all know that we can get Youtube videos to our computers without much trouble. (Acutally, they are extremely low in quality, but what to do?) but the biggest problem is getting those videos as Flash Video Files (FLV) You need to use a converting program to convert these videos to wmv, mpg or any other format. (Of course you can use a program like VLC or GOM Player to play these files.) But I hate the extra hassle these things require. Another solution for this hassle is VConvert. This site converts specified Youtube addresses to wmv, mov, mp4, mp3, 3gp formats and let’s you download the converted file. This is one of those many sites out there. Pay a visit and check how it works. I’ll write about the others later.

ගූගල් ගිණුමේ ඉඩ වැඩිකරන්න | Increase Google Storage Space

ගූගල් තැපැල් ගිණුමක් (ජීමේල්) භාවිතා කරන ඔබගේ ඉඩකඩ දැනටමත් අවසන් වී ඇත්නම් ඉඩ ටිකක් වැඩි කරගන්නට කාලය ඇවිත් නේද? ගූගල් මගින් වසරකට ඩොලර් විස්සකට ගිගාබයිට් හයක සිට අමතර ඉඩකඩ සැපයීම ආරම්භ කර තිබෙනවා. ඔබගේ ගූගල් ගිණුමේ ඉඩකඩ භාවිතාව පිටුවට ගොස් ඔබේ වත්මන් ඉඩ භාවිතාව පරීක්ෂා කළ හැකියි. වැඩිපුර ඉඩ අවශ්‍ය නම් මෙම පිටුව මගින් මිළදී ගත හැකියි. වැඩිපුර ලබාගන්නා ඉඩ ඔබගේ සේවාවන් අතර (ජීමේල්, පිකාසා) අවශ්‍ය පරිදි බෙදී යයි.

If you are a faithful user of Google Services (like Gmail, Picasa) and you have run out of space, it’s time to get some more. Google is now offering Additional space from 6GB to 250GB. The 6GB package is out for $20. To check your current space usage visit this page. To grab some more space simply visit here. 🙂

‍බ්ලොග් දත්ත | Blog Statistics: August 10, 2007

බ්‍රවුසර හා පද්ධති දත්ත | Browser and System Stats:

213 – 42.60% – Firefox 2.0.0
158 – 31.60% – MSIE 6.0
98 – 19.60% – MSIE 7.0
13 – 2.60% – Firefox 2.0
7 – 1.40% – Safari 1.2
2 – 0.40% – Firefox 1.5.0
2 – 0.40% – Unknown
2 – 0.40% – Opera 9.22
1 – 0.20% – Opera 9.10
1 – 0.20% – Firefox 2.0 (
1 – 0.20% – Mozilla 5.0
1 – 0.20% – Opera 9.01
1 – 0.20% – Opera 8.50

429 – 85.80% – Windows XP
29 – 5.80% – Windows Vista
12 – 2.40% – Windows 2000
11 – 2.20% – Windows 2003
11 – 2.20% – Unknown
5 – 1.00% – Linux
3 – 0.60% – Mac OS X

Well it’s happy to see that Firefox usage is increasing!

ද්විත්ව-බූට් පද්ධතියකින් ලිනක්ස් ඉවත්කිරීම | Removing Linux from a Dual-Boot Config

ලිනක්ස් මෙහෙයුම් පද්ධති ඉතාමත්ම විශිෂ්ටයි. මමත් දැනට කිහිපයක්ම පාවිච්චි කර තිබෙනවා. නමුත් ඒවා වැඩිකල් මේ පරිගණකයේ තියාගන්න විදියක් නැහැ. දෘඪ තැටියේ ඉඩ මදියි. ගිගාබයිට් 40ක තැටියකින් මේ දවස්වල මොනවා කරන්නද? ඒ නිසා ටික දවසක් පාවිච්චි කරලා අයින් කරන්නම වෙනවා. ඒත් ඉතින් අයින් කරන්න විදියක් නම් පැහැදිළිව නැහැ. මෙන්න මේ විදියටයි මම ලිනක්ස් අයින් කළේ: (පරීක්ෂා කර ඇත්තේ ෆෙඩෝරා කෝර් 3, කෝර් 6 හා උබුන්ටු සමග) දෘඪ තැටිය සකසා තිබෙන්නේ C: හි වින‍්ඩෝස් හා D: හි ලිනක්ස් වශයෙන්. මෙහිදී ලිනක්ස් සමග ස්ථාපනය කළේ ග්‍රබ් බූට් ලෝඩරයයි.

  • වින්ඩෝස් පාලක පැනලයේ පරිපාලක මෙවලම් හි පරිගණක කළමනාකරණ යටතේ එන තැටි කළමනාකරණය වෙත පැමිණීම.
  • එහිදී D: තැටිය තෝරා ෆෝමැට් කිරීම. (මෙවිට ලිනක්ස් මුළුමනින්ම ඉවත් වී යයි.)
  • දැන් පරිගණකය නැවත ආරම්භ කිරීම.
  • සාමාන්‍යයෙන් භාවිතා වුණේ ග්‍රබ් බූට් ලෝඩරය නිසා දැන් වින්ඩෝස් ආරම්භ වීමට හැකියාවක් නැහැ.
  • මෙනිසා වින්ඩෝස් ආරම්භක තැටියෙන් බූට් කර රිකවරි කොන්සෝල් වෙත ගොස් පහත සඳහන් විධාන නිකුත් කිරීම.
  • fixboot c:
  • fixmbr c:
  • පරිගණකය නැවත ආරම්භ කිරීම. දැන් එය වින්ඩෝස් මගින් ආරම්භ වේ.

මෙය නිවැරදි ක්‍රමයක්දැයි මා දන්නේ නැහැ. නමුත් මට සිතාගත හැකි වූ එකම ක්‍රමය මෙය පමණයි. කොහොම වුණත් එය සාර්ථක වූ බව නම් මා දන්නවා. 😀

Linux is great. It’s one hell of an OS 😀 – I used quite a few but I can’t keep them on my pc for a long time. I don’t have much space left on this 40 gig drive. What can you do with 40 gigs in a time like this? So I had to remove those. I wasn’t able to find a definitive way of removing so I did this. (Tested this with Fedora Core 3, Core 6 and Ubuntu) Configuration: C: Windows and D: Linux

  • Go to Windows > Control Panel > Administrative Tools > Computer Management > Drive Management
  • Select the Drive that holds Linux and format it
  • Reboot (now it shouldn’t boot with windows since there was GRUB installed.)
  • Insert the Bootable Windows Installation disk
  • Boot from the that disk
  • Go to recovery console
  • Give the following Commands
  • fixboot c:
  • fixmbr c:
  • Reboot and you’ll get Windows

I really don’t know if this is right or wrong. But it worked for me 😀

සන්ටෙල් CDMA දත්ත වේගය | Suntel CDMA Data Speeds

මා අන්තර්ජාලයට සම්බන්ධ ‍වන්නේ සන්ටෙල් සීඩීඑම්ඒ දුරකථනයක් මගින්. දුරකථන මාදිලිය Axesstel AXW-P800. මෙය පරිගණකයට සම්බන්ධ වන්නේ USB ‍කේබලයක් මගින්. ‍සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රියේ සිට පාන්දර 4-6 කාලය තුළ මෙමගින් තත්පරයට කිලෝබයිට් විස්සක (20KB/s) දත්ත හුවමාරු වේගයක් අත්විඳිය හැකියි. එනම් දළ වශයෙන් 160kbps පමණ වේගයක්.
I get connected with a Suntel CDMA phone. Phone model is Axesstel AXW-P800, it’s kinda low in features though. Connectivity is USB. I even managed it to work with linux too. At midnight to dawn, I can experience a transfer rate of 20 Kilobytes per second. (20KB/s) That’s roughly about 160kbps.