ගූගල් සමාගමෙන් නිකුත් කරන ගූගල් ටෝක් මෘදුකාංගය කෙටි කලකින්ම බොහෝ ජනප්‍රියතාවයක් ලබාගත්තකි.
හැමදාමත් ඉංග්‍රීසියෙන්ම කතා කර එපාවී සිටිනවානම්, හොඳම දේ සිංහලෙන් කතා කිරීමයි! ක්‍රමය
ඉතා සරලයි. www.fonts.lk මගින් සිංහල පැකේජය ලබාගෙන ගූගල් ටෝක් හි චැට් කිරීමේදී
ඉංග්‍රීසි වදන් වෙනුවට සිංහල වදන් ඇතුළත් කරන්න. නමුත් භාවිතාකරුවන් දෙදෙනාම සිංහල පැකේජය
පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුමයි!
මලින්ත෴
බුදුරැස්
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ පළාත් බොහොමයක බුදු පිළිම වලින් බුදුරැස් විහිදීම ගැන අසන්නට ලැබුනා. නමුත් එය අප අසා ඇති බුදුරැස් නෙවෙයි. සිවුර අසළින් නිකුත් වූ කොළ පැහැ ආලෝක ධාරාවක්. විවිධාකාර පුද්ගලයන් මේ පිළිබඳව විවිධාකාර මත පළකළා. නමුත් මෙය හුදෙක් දෘෂ්ටි මායාවක්ම විය හැකියි.
මෙම රූපය මගින් එය පැහැදිළි වනවා. මෙහි කහ පැහැය හා රතු පැහැය බුදු පිළිමයේ සිවුර හා බුද්ධ ශරීරය වර්ණගන්වා ඇති වර්ණ දෙකයි. සිවුර හා සම වෙන්වන ස්ථානය පෙන්වීමටයි මෙය දක්වා තිබෙන්නේ.
දැන්, මෙම රතු පැහැ වෘත්තය මැද ඇති සුදු පැහැ තිත දෙස මද වේලාවක් බලා සිටින්න. (බලා සිටින වේලාව වැඩිවීම මායාව දැකීමට ඉවහල් වේ!) දැන් එම සුදු පැහැ තිත දෙසම බලාගෙන හිඳිමින් හිස සෙමෙන් සෙමෙන් පිටුපසට ගන්න. පිටුපසට යන තරමට දෘෂ්ටි මායාව හොඳින් දර්ශය වේ. මේ ක්‍රමය නැත්නම් තිරයට හොඳින් ළංවී සුදු පැහැ තිත දෙස බලා සිට වේගයෙන් හිස පිටුපසට ගන්න. එවිටද මෙම දර්ශනය හොඳින් දැකගත හැක.
මෙම දෘෂ්ටි මායාවේදී අපට දර්ශනය වන කොළ පැහැය නරඹන්නන් දුටු කොළ පැහැයට සමාන බවක් පෙන්නුම් කරයි.
ඉතින්, මෙම බුදුරැස් විහිදීම දෘෂ්ටි මායාවක්ම විය හැකියි නේද?
මලින්ත෴
සැලකිය යුතුයි: මෙය මගේ මතයක් පමණි! කරුණාකර ඔබේ අදහස් හා යෝජනා දක්වන්න.
සිංහල කියවන්න
ඔබලාට මේ බ්ලොග් එකේ අක්ෂර කියවන්න සිංහල තියෙන්‍න ඕනෑ. කරුණාකර www.fonts.lk අඩවියෙන් වැඩි විස්තර ලබාගන්න.
මලින්ත෴
නව ආරම්භයක්!
ජයවේවා මිතුරනි,
මේ මගේ නව බ්ලොග් එකයි.
ඔබ එයට කැමැති වෙතැයි ප්‍රාර්ථනා කරමි.
මෙය සිංහල භාෂාවෙන් ලිවීමට තීරණය කළේ සිංහල යුනිකේත වැඩසටහන තවතවත් පතුරුවා හැරීමේ අරමුණද ඇතිවය.
ඔබේ අදහස් දක්වන්නට මැලි නොවන්න.
මලින්ත෴
