මලින්තගේ සටහන | Malinthe’s Note

Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe

Archive for August, 2006

දෘඪතැටියක කතාවක්

මගේ මිතුරෙක් වන අකලංකගේ පරිගණකයේ දෘඪ තැටියට වෛරසයක් ඇතුළුවී නැවත වින්ඩෝස් ඇතුල් කරන්නට සිදුවිය. වින්ඩෝස් ඇතුල් කිරීම සිදුකළේ දෘඪ තැටිය ගලවාගෙන ගොස් වෙනත් ස්ථානයකිනි. එය ඔහුගේ පරිගණකයට සවිකළ පසු පරිගණකය ක්‍රියාත්මක ‍නොවූ නිසා ඔහු දෘඪ තැටිය මගේ තවත් මිතුරෙකු වන හිරෝෂන් හට දී තිබිණ. ඔහුටද එය සකස් කරගන්නට නොහැකි විය. ඉන්පසුවයි එම දෘඪ තැටිය මට ලැබුණේ.

අකලංක කී පරිදි එහි වටිනා වීඩියෝ දර්ශන හා ගීත රැසක්ම තිබේ. මට ඒවා ලබාගන්නටද අවශ්‍ය වී තිබිණ. ඉතින්, එම දෘඪ තැටිය මට ලැබීමෙන් පසු මම එය මගේ පරිගණකයට සවිකළෙමි. වැඩක් වූයේ නැත. එය හඳුනාගන්නේද නැත. මා නැවත අකලංකට කතා කළ විට ඔහු කීවේ එහි පරිපථය පිළිස්සී ඇති බවයි.

පරිපථය පිළිස්සී නම් එය අතහැරිය හැක. නමුත් මට එහි තිබූ ගොනු අත්‍යාවශ්‍ය විය. වාසනාවකට මෙන් මා සතුව එම වර්ගයේම තවත් දෘඪ තැටියක් තිබිණි. මම එක්වරක් යම් වෙබ් අඩවියක දුටු ලිපියකට අනුව හොඳින් ක්‍රියාකරන දෘඪතැටියේ පරිපථය, අකලංකගේ දෘඪ තැටියට සවිකළෙමි. පරිගණකයට සම්බන්ධ කළෙමි. කාර්යය සාර්ථකය! පරිගණකය එම දෘඪ තැටිය හඳුනාගත් අතර එහි ගොනුද ඉතා හොඳින් සුරැකිව තිබිණි. මම ඒවා පහසුවෙන්ම මගේ පරිගණකයට පිටපත් කරගත්තෙමි. එයින් කියවෙන්නේ දෘඪ තැටියක් ක්‍රියාවිරහිත වුවද, එය බේරාගැනීමට සුළු හෝ අවස්ථාවක් තිබෙන බව‍ නොවේද?

මලින්ත෴

  • 0 Comments
  • Filed under: Uncategorized
  • සිංහලෙන් ගූගල් කතා!

    ගූගල් සමාගමෙන් නිකුත් කරන ගූගල් ටෝක් මෘදුකාංගය කෙටි කලකින්ම බොහෝ ජනප්‍රියතාවයක් ලබාගත්තකි.
    හැමදාමත් ඉංග්‍රීසියෙන්ම කතා කර එපාවී සිටිනවානම්, හොඳම දේ සිංහලෙන් කතා කිරීමයි! ක්‍රමය
    ඉතා සරලයි. www.fonts.lk මගින් සිංහල පැකේජය ලබාගෙන ගූගල් ‍ටෝක් හි චැට් කිරීමේදී
    ඉංග්‍රීසි වදන් වෙනුවට සිංහල වදන් ඇතුළත් කරන්න. නමුත් භාවිතාකරුවන් දෙදෙනාම සිංහල පැකේජය
    පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුමයි!
    මලින්ත෴

  • 1 Comment
  • Filed under: Uncategorized
  • බුදුරැස්

    පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ පළාත් බොහොමයක බුදු පිළිම වලින් බුදුරැස් විහිදීම ගැන අසන්නට ලැබුනා. නමුත් එය අප අසා ඇති බුදුරැස් නෙවෙයි. සිවුර අසළින් නිකුත් වූ කොළ පැහැ ආලෝක ධාරාවක්. විවිධාකාර පුද්ගලයන් මේ පිළිබඳව විවිධාකාර මත පළකළා. නමුත් මෙය හුදෙක් දෘෂ්ටි මායාවක්ම විය හැකියි.

    මෙම රූපය මගින් එය පැහැදිළි වනවා. මෙහි කහ පැහැය හා රතු පැහැය බුදු පිළිමයේ සිවුර හා බුද්ධ ශරීරය වර්ණගන්වා ඇති වර්ණ දෙකයි. සිවුර හා සම වෙන්වන ස්ථානය පෙන්වීමටයි මෙය දක්වා තිබෙන්නේ.

    දැන්, මෙම රතු පැහැ වෘත්තය මැද ඇති සුදු පැහැ තිත දෙස මද වේලාවක් බලා සිටින්න. (බලා සිටින වේලාව වැඩිවීම මායාව දැකීමට ඉවහල් වේ!) දැන් එම සුදු පැහැ තිත දෙසම බලාගෙන හිඳිමින් හිස සෙමෙන් සෙමෙන් පිටුපසට ගන්න. පිටුපසට යන තරමට දෘෂ්ටි මායාව හොඳින් දර්ශය වේ. මේ ක්‍රමය නැත්නම් තිරයට හොඳින් ළංවී සුදු පැහැ තිත දෙස බලා සිට වේගයෙන් හිස පිටුපසට ගන්න. එවිටද මෙම දර්ශනය හොඳින් දැකගත හැක.

    මෙම දෘෂ්ටි මායාවේදී අපට දර්ශනය වන කොළ පැහැය නරඹන්නන් දුටු කොළ පැහැයට සමාන බවක් පෙන්නුම් කරයි.

    ඉතින්, මෙම බුදුරැස් විහිදීම දෘෂ්ටි මායාවක්ම විය හැකියි නේද?

    මලින්ත෴

    සැලකිය යුතුයි: මෙය මගේ මතයක් පමණි! කරුණාකර ඔබේ අදහස් හා යෝජනා දක්වන්න.

  • 2 Comments
  • Filed under: Uncategorized
  • සිංහල කියවන්න

    ඔබලාට මේ බ්ලොග් එකේ අක්ෂර කියවන්න සිංහල තියෙන්‍න ඕනෑ. කරුණාකර www.fonts.lk අඩවියෙන් වැඩි විස්තර ලබාගන්න.

    මලින්ත෴

  • 0 Comments
  • Filed under: Uncategorized
  • නව ආරම්භයක්!

    ජයවේවා මිතුරනි,
    මේ මගේ නව බ්ලොග් එකයි.
    ඔබ එයට කැමැති වෙතැයි ප්‍රාර්ථනා කරමි.
    මෙය සිංහල භාෂාවෙන් ලිවීමට තීරණය කළේ සිංහල යුනිකේත වැඩසටහන තවතවත් පතුරුවා හැරීමේ අරමුණද ඇතිවය.
    ඔබේ අදහස් දක්වන්නට මැලි නොවන්න.
    මලින්ත෴

  • 3 Comments
  • Filed under: Uncategorized
  • අදහස් | Comments

    • රට්කෝ ම්ලාඩිච්: @ naveen, Thanks for your kind words, buddy. @ මලින්ත, වෛරස් එනවා නම් වින්ඩෝස්, open source...
    • naveen: @ රට්කෝ ම්ලාඩිච් I 100% agreed with u. i also think like that :wink:
    • රට්කෝ ම්ලාඩිච්: නාගයෝ, දැන් මේකට අභියාචනාධිකරණ ේ නඩුවක් වැටිලයි...
    • රට්කෝ ම්ලාඩිච්: @ මලින්ත & නවීන්, මම මගේ ගෙදර Internet පාවිච්චි කරන්නේ 1996 සිට....
    • Nagaya: Apoi mama dan dawas gaanak mobitel ekata giya,,,anthimata epa wela….mage dialog sim eka daagaththa…mona karadarakda…apita wena wada nathuwata…..hathanma gaanak...
    • Nagaya: Thnkx Malithe for the info about ///Sampath Mini debit card….I got mine….. And I’m using Vixta Linux….I can see your blog with correct rendering…not like on XP...
    • SRIshanu (ශ්‍රීශානු): දැන් බ්ලොග් ලියන්නෙත් නෑ… අයිපොඩ්ඩ නිසා… :mrgreen:
    • naveen: ela machan ehema thamai inna ona :razz:

    Twitter Updates

      Recently Played Songs

      • The Doors – Riders on the Storm
      • The Beatles – All You Need Is Love
      • The Beatles – Here Comes the Sun/The Inner Light [transition]
      • The Beatles – Glass Onion
      • The Beatles – Get Back

      Stats

      TopOfBlogs