මලින්තගේ සටහන | Malinthe’s Note

Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe

Archive for September, 2007

ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. අද ඉඳන් ආයෙත් ලියන්නයි හිතාගෙන ඉන්නෙ. තවම මේ සටහන කියවන අය ඉන්නවනම් සමාවෙන්න :D
Couldn’t write from a long time. Will write from today. If there’s anyone who still reads my blog, I apologies. :D

  • 1 Comment
  • Filed under: Uncategorized
  • ෆොක්සිටියුන්ස් | FoxyTunes

    ඔබත් අන්තර්ජාලයේ සැරිසරන අතර ගීත රසවිඳින්නෙක්ද? එහෙනම් මෙන්න විශිෂ්ට මෘදුකාංගයක්. ෆොක්සිටියුන්ස්, ඔබ අන්තර්ජාලයේ සැරිසරන අතර ඔබගේ ගීත වාදකය හැසිරවීමට, ඔබ අසන ගීතය පිළිබඳව තවත් විස්තර, ඇල්බම් කවර, ගායක තොරතුරු සොයාගැනීමට හා තවත් විශේෂාංග රැසකට සහය දක්වන උපාංගයකි. මෙය දැනට ප්‍රසිද්ධ මාධ්‍ය වාදක රැසකටම සහය දක්වයි. මේ අතර අයිටියුන්ස්, විනැම්ප්, වින්ඩෝස් මීඩියා ප්ලේයර්, ෆූබාර්, රියල් ප්ලේයර්, පැන්ඩෝරා, ලාස්ට්.එෆ්එම් ප්ලේයර්, ජූක්බොක්ස්, සොනික්, ජෙට්ඕඩියෝ මෙන්ම තවත් මෘදුකාංග රැසක්ම තිබෙනවා. මෙහි තිබෙන සිග්නාටියුන්ස් නම් විශේෂාංගය මගින් ඔබ සවන්දෙන ගීතය බොහෝ බ්ලොග්, ඊමේල් හා සංවාද මණ්ඩප වලට එක්කරන්නටත් පුළුවන්. උදාහරණයක් සඳහා මගේ සටහන අග බලන්න. දැනට බ්ලොගර්, ජීමේල්, තන්ඩර්බර්ඩ්, යාහූ, වර්ඩ්ප්‍රෙස්, ටයිප්පෑඩ් මෙන්ම තවත් පද්ධති රැසකටම සහය ලබාදෙනවා. මුලින්ම ෆයර්ෆොක්ස් සඳහා හඳුන්වාදුන් අමතර එක්කිරීමක් වන මෙය දැන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවෙනුත් දැන් ලබාගන්නට පුළුවන්. ෆොක්සිටියුන්ස්

    Do you listen to music when you surf? If you do, here’s a nice tool for you :D Foxytunes, let’s you manage your media player from your browser. Get more info about the song, more info on the album, artist, album art and lots more! Foxytuens currently supports a bunch of media players including Winamp, Windows Media Player, Foobar, Real Player, Pandora, Last.fm Player, Jukebox, Sonic, JetAudio etc. A special feature named Signatunes lets you add your currently playing song to your blog posts, email messages and forums. It currently supports Blogger, Gmail, Thunderbird, Yahoo, Wordpress, Typepad and a whole lot more. It was first introduced for Firefox. Now it’s also available for IE. Foxytunes

    —————-
    Listening to: Justin Timberlake - What Goes Around…Comes Around
    via FoxyTunes

  • 0 Comments
  • Filed under: Uncategorized
  • දැනට ජනප්‍රිය වෙමින් පවතින තවත් මෘදුකාංග දියත්කරණයක් වන රොකට්ඩොක්හි සිංහල පැකේජය නව අනුවාදයත් සමගම ලබාගත හැකියි. ඇපල් පරිගණක වල ප්‍රසිද්ධ මෘදුකාංග දියත්කරණය වන ඩොක් එක අනුගමනය කරමින් වින්ඩෝස් සඳහා නිකුත් වන මෙම මෘදුකාංගය නොමිලේ ලබාගත හැක්කකි. රොකට්ඩොක් වෙත කෙලින්ම කවුළු කුඩාකිරීම, විස්ටාහි කවුළු ප්‍රතිරූපණ, ධාවනය වන වැඩසටහන් සංදර්ශක, ඇදගෙන ගොස් අතහැරිය හැකි අතුරුමුහුණත, PNG හා ICO වර්ගයේ අයිකන සඳහා සහය, තමන් කැමති ආකාරයකට වෙනස් කරගැනීමේ හැකියාව, මෝබිඩොක්, ඔබ්ජෙක්ට්ඩොක්, RK ලෝන්චර් හා Y’z Dock හි පැළඳුම් (Skins) සඳහා සහය, යුනිකේත හැකියාව මෙන්ම තවත් විශේෂාංග ‍රැසක්ම මෙහි අන්තර්ගතය. රොකට්ඩොක්

  • 0 Comments
  • Filed under: Uncategorized
  • සියළුම පරිගණක ප්‍රොසෙසර වලට බලපාන පුධානම සතුරා වන්නේ උෂ්ණත්වයයි. ඔබේ පරිගණකය ගලවා බැලුවොත් ප්‍රොසෙසරය මත සවිකර තිබෙන හීට් සින්ක් සහ පංකා දැකිය හැකිවේවි. මේ උෂ්ණත්වයෙන් ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය අඩුවීම අවම කිරීමටයි.
    මෙම උෂ්ණත්ව ගැටළුව සඳහා විසඳුමක් ලෙස නාසා ආයතනය අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන චිපයක් නිර්මාණය කර තිබෙන බව ආරංචියි! සිලිකන් කාබයිඩ් මගින් නිපදවා ඇති මෙම චිපය ෆැරන්හයිට් අංශක 1112ක උෂ්ණත්වයකට පවා ඔරොත්තු දෙන බව සඳහන්. මූලික පරීක්ෂණ මගින් ෆැරන්හයිට් අංශක 932ක උෂ්ණත්වයක පැය 1700ක කාලයක් පුරා මෙම චිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ පරීක්ෂණත් වල සාර්ථකත්වය සමග අනාගතයේදී පංකා නොමැති අධිවේගී චිප් පවා ලබාගන්නට හැකිවේය යන්න බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි.

    ගිස්මෝඩෝ මගිනි.

    Heat is the main enemy of all processors. If you take your PC apart, you’ll see heat sinks and fans dealing with this - so it reduces the effect on processor efficiency.
    The latest reports say that NASA is developing a Silicon Carbide chip that’ll be able to face extreme temperatures like 1112 degrees Fahrenheit. In preliminary tests, the chip operated at a temperature of 932 degrees Fahrenheit for 1700 hours. With the success of these experiments, many hope that fan less high speed processors will be available in a short time.

    Via Gizmodo

  • 2 Comments
  • Filed under: Uncategorized
  • එක පාරටම වැඩසටහන් කිහිපයක්ම ආරම්භක මෙනුවෙන් දියත් කරගන්න අවශ්‍යනම් මොකද කරන්නේ? එකක් දියත් කරලා, නැවතත් ආරම්භක මෙනුවට ගිහින් තවත් එකක් දියත් කරන්නද? එපාවෙන වැඩක් නේද? මෙන්න ඒ සඳහා විසඳුමක්. අද How-To Geek හි තමයි මේ පහසුකම ගැන ලියලා තිබුණේ. ඊළඟ වතාවේ ඕනෑම වැඩසටහනක් ආරම්භක මෙනුවෙන් දියත් කරන විට Shift යතුර ඔබාගෙන ඉන්න. එවිට ඔබ ක්ලික් කළ වැඩසටහන පසුබිමේ ප්‍රවේශනය වේවි - නමුත් ආරම්භක මෙනු‍ව වැසී යන්නේ නැතුව. නමුත් පොඩි සීමා කිහිපයක් තියෙනවා. මෙය ක්‍රියාත්මක වෙන්නේ එක්ස්පී වර්ගයේ මෙනුවේ All Programs වල පමණයි. විස්ටා වර්ගයේ මෙනුවේ ක්‍රියාත්මක වෙන්නේම නැහැ. නමුත් එක්ස්පී හා විස්ටා දෙකේම ක්ලැසික් මෙනුවේ නම් හොඳින්ම ක්‍රියාත්මක වෙනවා.

    Keep Start Menu from closing after opening Applications [How-To Geek]

    What are you going to do if you have to launch a few programs from the Start Menu? Launch one, go to the Start Menu again click on the next again and again? Boring isn’t it? Well here’s a solution. I found it on How-To Geek today. So next time when you click on your program keep the Shift Key Pressed. The program will load in the background but the Menu wont close. There are some limitations though. It’ll work in the All Programs menu in XP Style menu. Vista Style menu doesn’t support it. But both XP and Vista classic menus support this feature.

    Keep Start Menu from closing after opening Applications [How-To Geek]

  • 0 Comments
  • Filed under: Uncategorized
  • වින්ඩෝස්හි ගැන කියන විට Blue Screen of Death ගැන ‍ගොඩක් දෙනෙක් දන්නවා ඇති. (දන්නෙ නැත්නම් මෙතැන බලන්න) මෙය සාමාන්‍යයෙන් වින්ඩෝස්හි බරපතල දෝෂයක් උද්ගත වූ විටයි අපට දකින්නට ලැබෙන්නේ. එසේනම් කුමක්ද මේ Black Screen of Darkness කියන්නේ?

    විශාල වින්ඩෝස් විස්ටා බෙදාහරින්නෙකුට පසුගියදා යැවුණු ලිපියක, මයික්‍රොසොෆ්ට් හි නියෝජිතයෙක් මෙය කුමක්දැයි විස්තර කර දී තිබුණා. මෙම පණිවිඩයේ පිටපතක් Computerworld මගින් ලබාගෙන තිබෙනවා. මේ එහි උපුටාගැනීම් කිහිපයක්:

    “මේ සතියේ සිට මයික්‍රොසොෆ්ට් මගින් ඌනිත ක්‍රියාකාරිත්වය (Reduced Functionality) යන විශේෂාංගයක් විස්ටා හි ක්‍රියාත්මක කරනු ඇති. මෙමගින් ව්‍යාජ වින්ඩෝස් විස්ටා සංස්කරණවල ක්‍රියාකාරිත්වය නවතා දැමේ. එමනිසා ව්‍යාජ පිටපතක් භාවිතා කරන ඕනෑම අයෙකු, පැයකට පසු කළු තිරයක් - ආරම්භක මෙනුව හා ටාස්ක් බාරයක් නොමැති - ඩෙස්ක්ටොප් එකක් නොමැති තත්ත්වකට මුහුණ දෙනු ඇත.”

    මෙයින් පැහැදිළි වන්නේ අනාගතයේදී කිසිවෙකුට ව්‍යාජ වින්ඩෝස් පිටපත් භාවිතා කිරීමට නොහැකි වන බවද? නමුත් මෙම කඩඉමත් පසුකිරීමට කිසිවෙකු අනිවාර්යයෙන්ම ක්‍රමයක් සොයාගනු ඇත. :D

    Black Screen of Darkness to Haunt Vista Pirates [Computerworld]

    Most would know what Blue Screen of Death means. (if you don’t read this) This usually occurs when something fatal happens in Microsoft Windows. So what an earth is Black Screen of Darkness?

    A message was sent to a large Windows Distributor recently from a Microsoft Representative. He had explained what this is. A copy was retrieved from Computerworld. Here are some excerpts:

    “…Microsoft has activated a function in Vista called ‘Reduced Functionality.’ This is a specific function in Vista that effectively disables nongenuine copies of Windows. Therefore anyone who has a pirated copy of Vista will experience: A black screen after one hour of browsing
    No start menu or task bar - No desktop…”

    So does this mean anyone wont be able to use non genuine (pirated) versions of Windows in the Future? I don’t think so. Someone will find a way to overcome this obstacle really soon. :D

    Black Screen of Darkness to Haunt Vista Pirates [Computerworld]

  • 1 Comment
  • Filed under: Uncategorized
  • මීට පෙර හඳුන්වා දුන් ජී2පී අඩවිය ඔබට මතක ඇති. (මතක නැත්නම් බලන්න ජී2පී) දැන් මම හඳුන්වා දෙන්නට සූදානම් වන්නේ එම්පී3 ගොනු පමණක් සෙවීමේ හැකියාව ඇති විශේෂ සෙවුම් යන්ත්‍රයක්. මෙය මීට කිහිප ‍දිනකට පෙර ලයිෆ්හැකර්හිත් හඳුන්වා දී තිබුණා. ජී2පී මෙන්ම මෙම සෙවුම් යන්ත්‍රයත් ජාලයේ ඇති එම්පී3 ගොනු සොයා සුචිගත කර තිබෙනවා. මේ අනුව සාමාන්‍යයෙන් අපට අවශ්‍ය වන ඕනෑම ගීතයක් පාහේ සොයාගැනීම ඉතාමත්ම පහසුවෙන් කරන්නට පුළුවනි. යම් ගොනුවක් පරිගණකයට ලබාගන්නට පෙර අසා බැලීමේ හැකියාවත් මෙහි තිබෙනවා. ස්ක්‍රීමර්

    Do you remember a site named G2P? (if you don’t, check G2P) Today I’m going to introduce another special MP3 search engine. This was also featured in Lifehacker a few days ago. Like G2P, this indexes various MP3 files around the net. We can find any song (but only MP3 files) by a simple search. It also provides previews before downloading so you know what you’ll get. There are no ads and spoofs in this site so you can be sure of safety. SkreemR

  • 1 Comment
  • Filed under: Uncategorized
  • මගේ මව ප්‍රියංකා අමරතුංග ලියූ එකැස් ගැහැනිය නවකතාව අද දින සිට 16 වනදා දක්වා BMICH හි පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී දැන් ලබාගත හැකියි. වෙනත් පොත් අලෙවිසැල් මගින්ද ලබාගත හැකියි.

    Ekes Geheniya (One Eyed Woman), a novel written by my mother Priyanka Amaratunga, will be available in the International Book Fair at the BMICH. It will also be available on other book stores around Sri Lanka.

    උපුටාගැනීම් කිහිපයක් | Some Excerpts:

    ”එකම ගවුම, එකම මේස් දෙක කහ පාට ගැහෙනතුරුම දාන්න මට සිද්ධ වුණා. තාත්තා අර නතාලියාට ඇඳුම් පැළඳුම් වලට, රත්තරං බඩු වලට ලෝභ නැතිව වියදම් කරද්දී, මමයි අම්මයි දුක් වින්දා.” - නවෝදා

    ”මගේ මාමණ්ඩි වුණාට මම සීයා එක්ක වචන විසිපහක්වත් කතා කරලා නෑ. අපි බැඳපු දවසෙ මගේ ඔළුව අතගාලා කිව්වා විවාහ ජීවිතේ හරිම සංකීර්ණයි. ගැටළු සහගතයි. කල්පනාවෙන් බුද්ධිමත්ව ජීවිතේ ගෙනියන්න කියලා.” - කලණි

    ”තාත්තාව ආදාහනය කළේ උපන් රටේ නෙමෙයි. මම හිතක් පපුවක් නැති කෙනෙක් නෙමෙයි නංගි. මට ඉගැන්නුවේ තාත්තා. මිනිස්සුන්ගේ යම් යම් දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒත් මං තාත්තාට වෛර කරන්නෙ නෑ.” - පණ්ඩුල

    ”දිවැස් ඕන නෑ කලණි. අපේ රටේ කාන්තාවන් බහුතරයකගේ තේමා ගීතය වෙලා තියෙන්නේ ඒක තමයි. ඒත් ඉතින් ඔය ගීතය ගයලා හරියන්නේ නෑ. කුරුල්ලා කූඩුව ඇතුළට ගෙන්න ගන්න කිරිල්ලි දැනගන්න ඕන.” - චානක පද්මසිරි

    ”මේ ගැහැනු රූපයේ මතුපිට සුන්දරත්වයට යටින් මොකක්දෝ දුක කතාන්දරයක් තියනවා වගෙයි නවෝදා. මේ හිනාවට යටින්, මේ බැල්මට යටින් දුකක්, තරහක්, වෛරයක් වගේ හැඟීම් ගොඩාක් මට පේනවා. මේකෙ ඇස් නම් ඔයාගෙ වගෙයි. මේ මනඃ කල්පිත රූපයක්ද?” - දිලිප් බ්රයන්

    මිළ: රු. 320/-
    ISBN 978-955-550459-3-3

  • 0 Comments
  • Filed under: Uncategorized
  • විකිපීඩියා යනු (අප හැමෝම දන්නා පරිදි :-) ) අසීමිත තොරතුරු සංඛ්‍යාවක් සහිත විශ්වකෝෂයක්. මෙහි විශේෂත්වය ඕනෑම අයෙකුට මෙහි සඳහන් වෙන ඕනෑම ලිපියක් වෙනස් කළ හැකිවීමයි. මෙනිසා ඕනෑම අයෙකුට බොහෝ විකිපීඩියා ලිපි තමන්ට කැමති ආකාරයට සකස් කරන්නට හැකියාව තිබෙනවා. මීට සති කීපයකට පමණ පෙර වර්ජිල් ග්‍රිෆිත් නම් ඇමරිකානු ශිෂ්‍යයෙක් විසින් විකිපීඩියා ස්කෑනරය නම් මෘදුකාංගය හඳුන්වාදීමත් සමග ඇතිවූයේ එසේ මෙසේ අවුලක් ‍නම් නොවෙයි! :D මෙම මෘදුකාංගය මගින් යම් ලිපියක් සංස්කරණය කර ඇත්තේ කවුදැයි සොයාගෙන එම අයිපී ලිපිනය (IP Address) අයිපී ලිපින නාමාවලියක් සමග හරස් යොමු කෙරෙයි. මෝල්ටාස්ටාර් වාර්තාවට අනුව ‍බොහෝ සමාගම් විසින් තමන්ට අවාසිදායක තොරතුරු ඉවත් කිරීමත්, තරඟකාරී සමාගම් වල ලිපි වලට ඍණාත්මක තොරතුරු ඇතුළත් කිරීමත් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙනිසා බොහෝ සමාගම් දැනටමත් ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරන බව ආරංචියි! මෝල්ටාස්ටාර් වාර්තාවේ තිබූ එළිදරව් කීපයක් මෙසේයි:

    • ඇපල් සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමේ ලිපි වලට ඍණාත්මක තොරතුරු එක්කරන බව
    • මයික්‍රොසොෆ්ට් සමාගම ඇපල් සමාගමේ ලිපි වලට ඍණාත්මක තොරතුරු එක්කරන බව
    • ‍ඩෙල් පරිගණක සමාගම ඔවුන්ගේ පාරිභෝගික සේවය පිළිබඳ ඍණාත්මක තොරතුරු ඉවත්කරන බව
    • කොකා කෝලා සමාගම ඔවුන්ගේ නිෂ්පාදන වල ප්‍රතිඵල පිළිබඳ ඍණාත්මක අදහස් ඉවත්කරන බව
    • මයිස්පේස් මගින් ඔවුන්ගේ වෙබ් අඩවිය ‘හැක්’ කළ බව කියවෙන තොරතුරු ඉවත්කරන බව සහ තවත් බොහෝ තොරතුරු!

    සම්පූර්ණ මෝල්ටාස්ටාර් වාර්තාව: Student’s program sends PR chaos in Wiki-scandal

    Wikipedia is an Encyclopedia with an enormous amount of information (as we all know :-) ) The main feature of Wikipedia is that anyone can edit almost any article listed there. Because of this feature anyone can change any article to their liking. Few weeks before, an American Student named Virgil Griffith released a program called Wikipedia Scanner (also called WikiScanner) that caused chaos among the most recognized companies in USA and the World. :D This program finds edits done to articles and the IP Address of the editor. Then the IP Addresses are cross referenced with an IP Address Directory. According to the MaltaStar Report, many famous companies have removed negative information from articles regarding their products, and they have added negative information to their rivals articles. This revelation has caused many companies to act defensively on further actions :D Here are some revelations from the MaltaStar Report:

    • Apple adds negative information to Microsoft’s articles
    • Microsoft adds negative information to Apple’s articles
    • Dell removes negative information regarding their customer service
    • Coca Cola removes negative information about it’s effects
    • MySpace removes information on their website hack and many more…

    Full Report: Student’s program sends PR chaos in Wiki-scandal

  • 3 Comments
  • Filed under: Uncategorized
  • ඩ්‍රොප්බොක්ස් | DropBoks

    ප්‍රමාණයෙන් විශාල ගොනු හුවමාරු කරන වෙබ් අඩවි සිය ගණනක් ඇති. නමුත් මේ තියෙන්නේ ගොනු හුවමාරු ක්‍රමයක්ම නෙවෙයි. ඩ්‍රොප්බොක්ස් මගින් ඔබට අවශ්‍ය ගොනුවක් ආරක්ෂා සහිතව අන්තර්ජාලයේ ගබඩා කර තබන්නට පුළුවන්. දැනට ගිගාබයිට් එකක ඉඩක් ලබාදෙන මෙහි භාවිතා කළ හැක්කේ මෙගාබයිට් පනහක (50MB) ගොනු පමණයි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ HTTPS හා සංකේතනය මගින් ඔබේ ගොනු ඉතා ආරක්ෂිතව තබාගැනීමයි. ඉදිරියේදී ගොනු හුවමාරු පහසුකම්ද ලබාදෙන බව ඔවුන්ගේ බ්ලොග් අඩවියෙහි සඳහන් කර තිබුණා. ඩ්‍රොප්බොක්ස්

    There must be hundreds of File Sharing Sites all over the Internet. But this is not another File Sharer. Dropboks lets you Store your files on the Internet with high security. It currently provieds 1GB of storage and there’s a file size limit of 50MB. It’s specialty is it switches to HTTPS when you log in. Your files are encrypted so they have maximum security. Dropboks will offer File Sharing in the near future. Dropboks

    “HTTPS is used to indicate a secure HTTP connection. It refers to the combination of a normal HTTP interaction over an encrypted Secure Sockets Layer (SSL) or Transport Layer Security (TLS) transport mechanism. In a nutshell, HTTPS ensures protection from eavesdroppers and man-in-the-middle attacks.” -Dropboks

  • 2 Comments
  • Filed under: Uncategorized
  • අදහස් | Comments

    • රට්කෝ ම්ලාඩිච්: @ naveen, Thanks for your kind words, buddy. @ මලින්ත, වෛරස් එනවා නම් වින්ඩෝස්, open source...
    • naveen: @ රට්කෝ ම්ලාඩිච් I 100% agreed with u. i also think like that :wink:
    • රට්කෝ ම්ලාඩිච්: නාගයෝ, දැන් මේකට අභියාචනාධිකරණ ේ නඩුවක් වැටිලයි...
    • රට්කෝ ම්ලාඩිච්: @ මලින්ත & නවීන්, මම මගේ ගෙදර Internet පාවිච්චි කරන්නේ 1996 සිට....
    • Nagaya: Apoi mama dan dawas gaanak mobitel ekata giya,,,anthimata epa wela….mage dialog sim eka daagaththa…mona karadarakda…apita wena wada nathuwata…..hathanma gaanak...
    • Nagaya: Thnkx Malithe for the info about ///Sampath Mini debit card….I got mine….. And I’m using Vixta Linux….I can see your blog with correct rendering…not like on XP...
    • SRIshanu (ශ්‍රීශානු): දැන් බ්ලොග් ලියන්නෙත් නෑ… අයිපොඩ්ඩ නිසා… :mrgreen:
    • naveen: ela machan ehema thamai inna ona :razz:

    Twitter Updates

      Recently Played Songs

      • The Doors – Riders on the Storm
      • The Beatles – All You Need Is Love
      • The Beatles – Here Comes the Sun/The Inner Light [transition]
      • The Beatles – Glass Onion
      • The Beatles – Get Back

      Stats

      TopOfBlogs