Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
28 Mar
ඇපල් සෆාරි අද ස්ථාපනය කළා. ටිකක් පාවිච්චි කරලා බැලුවා. මං මේකෙ ගොඩක්ම කැමති රෙන්ඩරින් වලට තමයි. හරිම ලස්සනට වැඩේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සිංහල අකුරු එක්ක. කොහොම වුණත්, මේක දිගටම පාවිච්චි කරන එක ගැන නම් මට එච්චර විශ්වාසයක් නෑ.
කොහොමහරි, මං දැන් කියන්නම් මං ඒකට වැඩිය කැමති නැත්තෙ ඇයි කියලා. ඉස්සෙල්ලම ගත්තොත් තීම් එක. ඇපල් මැක් තීම් එක ගොඩක් ලස්සනයි. ඒත් මේකත් එක්ක ඇපල් එකේ ඒ නියම තීම් එකම එන එකට මම කැමති නෑ. අඩුම තරමේ ඒක මාරු කරගන්නවත් විදියක් තිබුණ නම් හොඳයි. වින්ඩෝස් පරිසරයේදි වෙනස් තීම් එකක් තිබීම හරිම අමුතු වැඩක්.
ඊළඟට පරිශීලක අතුරුමුහුණතේ වේගය. ඒක ගොඩක් මන්දගාමීයි. ෆයර්ෆොක්ස් එක්ක බලනකොට ගොඩක් මන්දගාමියි. ඒ කියන්නෙ මෙනු විවෘත වීම, ස්ක්‍රොල් කිරීම වගේ වැඩකටයුතු. අනිත් එක ස්ක්‍රොල් කිරීම. ෆයර්ෆොක්ස් වල Smooth Scrolling වලට හුරුවෙලා තියෙන නිසා ඒක නැතුව හරිම අමාරුයි.
තව ඉතින් මැද මවුස් බොත්තම ක්ලික් කරලා පිටුව ස්ක්‍රොල් කිරීමත් කරන්න විදියක් නෑ.
ඒත් දැන්මම සෆාරි අයින් කරන්නෙ නැහැ. තව ටිකක් සෆාරිය ගිහිල්ලා බලන්න ඕන. ![]()
ආශ්රිත ලිපි
2 Responses for "සෆාරිය ගැන අදහස් | Thoughts on Safari"
මාත් දැම්මා. මටත් එච්චර ඇල්ලුවෙ නැහැ. firefox, ie, opera හැම එකකින්ම හරියට පේන මගේ බ්ලොග් එක safari කැතට තමයි රෙන්ඩර් කරන්නේ. phonetic IM එකකින් සිංහල ටයිප් කරන්න බැහැ.
ඔවුන් කියන තරම් වේගයේ වෙනසක් මා දැක්කෙත් නැහැ
සෆාරිවල වේගයේ විශේෂ අඩුවක් නම් මම දැක්කෙ නෑ. firefox තරම්ම නොවුනත් හොඳ වේගයක් තියෙනවා. තීම් සම්බන්ධ කරුණට නම් මමත් එකඟ වෙනවා
Leave a reply