මලින්තගේ සටහන | Malinthe’s NoteTips, Tricks, Tech News and Random Thoughts by Malinthe

පූසෝ තවම නිදි

by Malinthe Samarakoon » click here for full post

කෝඩියි යූලයි තවම නිදි. අනේ මන්දා… පූසන්ට ඉතිං වෙන වැඩක් තියෙනවයැ? කනවා බොනවා නිදාගන්නවා. හිතුණොත් තව පූසෙක් එක්ක වලියක් දාගන්නවා. සමහර පූසොන්ට කන බණේම තමයි. සමහර පූසෝ ඤාව් ගාන්නෙත් නෑ. සමහර පූසෝ උපාසකයො වගෙයි. පූසොත් විවිධයි විසමයි. හැබැයි බල්ලො වගේ නෙමෙයි, පූසො හුරුබුහුටියි – පොඩියි – පයින් පාරක් දෙන්න පුළුවන් විසිවෙලා යන්න! ;)

මම නම් සාමාන්‍යයෙන් පූසොන්ට පයින් ගහන්නෙ නෑ.

ඒ වුණාට පූසො නම් අපට ඉන්න දෙන්නෙ නෑ. මං කලින් කිව්ව ටිටීට තියෙනවා අමුතු පුරුද්දක්. ඌ බොහොම කැමතියි කාගේ හරි කකුලේ වෙලෙමින් පිස්සු කෙලින්න. ඌට නම් මාර පිස්සු තොගයක් තියෙන්නෙ. ෂැක් තවම පින්තූරයක් හොයාගන්න බැරිවුණානේ. අද උදේ කුකුෂ්කින් ඇවිල්ලා අපේ කකුල් හපමින් මාර ජංජාලයක් කළේ. දැන් නම් පේන්නවත් නෑ.

ආ මෙන්න බකී දොර ළඟට වෙලා නිදියගෙන ඉන්නවා. බකී කියන්නේ අපි සුනඛ මහත්තයා. එයාගෙ පින්තූරයක් ගන්න බෑ එළිය වැටෙන හින්දා හරියට පේන්නෙ නෑ.

ඔන්න කෝඩිගෙයි යූලාගෙයි පින්තූරයක් ගත්තා – තාම දොයි දෙන්නම! :lol: ඔය ලොකු පූසා තමයි කෝඩි. අනිත් එක්කෙනා තමයි යූලා.

බකියා ගැන තවත් කතාවක් පසුව.

Related posts - ආශ්‍රිත ලිපි:

  1. අල දවස
  2. චිත්‍රපටවල සටන් දර්ශන කැපීම
  3. මෙරු
  4. වර්ඩ්ප්‍රෙස් 2.7
  5. සමනළයා


3 comments Click to reply »

Vishva Kumara
අප්‍රේල් 19th, 2008

So Sweet, :wink:

බක්මහ අකුණු සහ සිංහල බ්ලොග් මැරතන් at Apramana | Beyond Dimensions
අප්‍රේල් 19th, 2008

[...] සීතල වතුර, පොල් කිරි, උනු තේ… මලින්ත රෑ නිදාගෙන තියෙන්නෙ පූසොත් එක

ඩනිෂ්ක
අප්‍රේල් 20th, 2008

මාරු නම් ටික :)

Add your reply