ඔන්න ඉරිදා සුදාරක මලයා සල්ලි වගයක් එව්වා සම්පත් බැංකුවේ Mobile Cash සේවාව හරහා. මේක ගැන අහලා තිබුණට තවම පාවිච්චි කරලා තිබුණෙ නෑ. ඉතින් මම අද ෆෝන් එකත් අරගෙන ගියා සම්පත් බැංකුවට එවපු මුදල ගන්න.
පාවිච්චිය හරිම පහසුයි. එවන කෙනාට ටෙලිබෑන්කින් පහසුකම සමග සම්පත් බැංකුවේ ගිණුමක් සහ සීඩීඑම්ඒ හෝ ජංගම දුරකථනයක් තියෙන්න ඕන. ලබාගන්න කෙනාටත් ඉතින් දුරකථනයක් තියෙන්න ඕන. මුදල් යවන්න ලබාගන්න කෙනාගේ දුරකථන අංකයත්, ජාතික හැඳුනුම්පත් අංකයත් අවශ්‍යයි.
මුදල යැව්වට පස්සෙ ලබාගන්න කෙනාට කෙටි පණිවිඩයක් ලැබෙනවා.
මං ඉතින් බැංකුවට ගිහිල්ලා අහලා බැලුවා මේක ගන්නෙ කොහොමද කියලා. එතකොට තමයි දැනගත්තෙ ඒටීඑම් යන්තරෙන් කෙලින්ම ගන්න පුළුවන් බව. ඒටීඑම් යන්තරේ වෙනමම Mobile Cash කියලා විකල්පයක් තියෙනවා. ඒක තෝරලා ජාතික හැදුනුම්පතේ අංකයයි, කෙටි පණිවිඩයේ තියෙන රහස් අංකයයි, එවපු ගණනයි සඳහන් කළාම කෙලින්ම මුදල් ලබාගන්න පුළුවන්. ලබාගත්තට පස්සේ තවත් කෙටි පණිවිඩයක් ලැබෙනවා ලබාගත් බවට.
හික් මහලොකු දෙයක් නෙවෙයි තමයි. ඒත් බොහොම පහසුයි. සරලයි. ආයෙ පෝලිම් වල රස්තියාදු වෙන්න ඕනත් නෑ. හිතට වැදුණු දෙයක් නිසා ලියන්න හිතුණා.

4 comments Click to reply »
ජූලි 22nd, 2008
අනේ බං මටත් එවපංකො කීයක් හරි. අතේ සතේ නෑ බං
ජූලි 22nd, 2008
සල්ලි යවන්න සම්පත් ගිණුමක් තියෙන්න ඕන. මට එකක් නෑනෙ තාම
ජූලි 24th, 2008
මේ ක්‍රමයට පිටරටටත් සල්ලි අරින්න පුලුවනිද?
ජූලි 24th, 2008
@කිංස්ලි: ඒක නම් හරියටම දන්නෙ නැහැ. මං හිතන්නෙ පිටරටට යවන්න බැහැ.