පිස්සාගේ අයිපොඩ් එක!

by Malinthe Samarakoon on August 14, 2008

මොකට කියනවද ඉතින් මං අයිපොඩ් එකක් ගත්තනෙ! හික් :D කොටින්ම කියනවා නම් පිස්සු වැඩක් තමයි. මොකද මෙච්චර වැඩ කරන්න තියෙද්දි මේකක් ගත්තු එක. මේක එකපාරටම ආපු හැඟීමක්. එකක් ගන්න තදටම අවශ්‍ය වුණා. කොහොම කොහොම හරි ගිගාබයිට් හතරක අයිපොඩ් නැනෝ එකක් ගත්තා දැන් දවස් දෙක තුනකට කලින්.

ඇත්තටම මේක මහ විකාර වැඩක් කියලා තමයි හැමෝම කිව්වෙ. මටත් ඉතින් තීරණයක් ගන්න‍ අමාරු නිසා දන්න හැමෝගෙන්ම ගන්නද එපාද කියලා ඇහුවා. ගොඩක් අය ඉතින් එපා කියලා තමයි කිව්වෙ. කොටින්ම කියනවනම් මල්ලිත් පැහැදිළි opinion එකක් දුන්නෙ නෑ. ඇත්තටම ඉතින් අපරාදෙ කියලත් හිතුණා. ඒත් ඉතින් ටවුමට ගිය වෙලාවෙ මට තවත් බලාගෙන ඉන්න බැරිවුණා. සිංගර් මෙගා එකේ තියෙනවා කියලා දැනගත්ත ගමන් ගිහින් ගත්තා එකක් :P මං මුලින් හිතාගෙන හිටියෙ Zen වගේ එකක් ගන්න.

ගෙදර ගේන්න කලින්ම බස් එකේදි එළියට අරගෙන බැලුවා. ගොඩක් සිහින්. හැබැයි පිටුපස glossy ගතිය වැඩි නිසා තදට ඇඟිලි සලකුණු හිටිනවා. ගෙදර ගෙනැල්ලා වින්ඩෝස් මගින් තමයි අටවගත්තෙ. ප්‍රථම වතාවට iTunes ටිකක් වැඩිපුර පාවිච්චි කරලා බැලුවා. හැබෑටම ඒක වරදක් නෑ. මං ගාව තිබ්බෙ පරණ iTunes අනුවාදයක්. ඉස්සෙල්ලම අයිපොඩ් එකේ මෘදුකාංග යාවත්කාලීන කළ නිසා අලුත් iTunes අනුවාදයත් ගන්න සිදුවුණා.

මුල් වරට ක්‍රියාත්මක කරද්දි ඇතිවුණු හැඟීම පුදුමාකාරයි. මොකද අයිපොඩ් තිරයේ කියන්න බැරි තරම් විශිෂ්ට පෙනුමක් තිබුණු නිසා. ශබ්දයේ තත්ත්වයත් වරදක් නැහැ. මගේ ජංගම දුරකථනයට වඩා ගොඩක් හොඳ ශබ්ද තත්ත්වයක් තියෙනවා. අද පොඩි in-ear headphone එකකුත් ගත්තා. (ඒක නම් එතරම්ම හොඳ එකක් නෙවෙයි වගේ. ඒත් නුවර මේවා හොයාගන්න අමාරුයිනෙ :P ) කොහොම වුණත් මම උසස්ම තත්ත්වයේ ඒවා පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන කියන්න අමාරුයි.

ලිනක්ස් වලිනුත් පාවිච්චි කරලා බැලුවා. Mint මගින් හඳුනගෙන ස්වයංක්‍රීයවම Rhythmbox ක්‍රියාත්මක කළා. ලෙඩක් නැතිව ක්‍රියාත්මක වෙනවා වගෙයි :)

දැන් තමයි තේරෙන්නෙ මිනිස්සු අයිපොඩ් වලට මෙතරම් වහ වැටිලා තියෙන්නෙ ඇයි කියලා. මට නම් හිතෙන හැටියට ඒ පරිශීලක අතුරුමුහුණත හින්දා වෙන්න ඕන (User Interface) පාවිච්චිය බොහොම පහසුයි. ලස්සනයි. වේගවත්. ආපු මුල් දවස් වල අයිපොඩ් නැනෝ එකේ cover flow පොඩ්ඩක් අල වෙලා තිබුණු බවක් වෙබ් අඩවි කිහිපයක දැක්කා. ඒත් මම අලුත් අප්ඩේට් එක දාපු නිසාද කොහෙද එහෙම දෝෂ දැක්කෙ නැහැ.

ම් ඉතින්… මට කියන්න බැරි තරම් සතුටුයි. මොකද මේකක් ගන්න එක මගේ හීනයක් වෙලා තිබුණු නිසා :lol: ෂුවර් නැත්නම් මං ලියපු පරණ සටහන් බලන්නකො. පසුතැවිල්ලක් නෑ (දැනට) ඒත් ඉස්සරහට මොනවා හිතෙයිද කියන්න බෑ. බලමුකො.

ආ අර හිසරදය තත්ත්වය නම් අඩු වැඩි වෙනවා. කට්ටිය කියන්නෙ දොස්තර කෙනෙකුටවත් පෙන්නන්න කියලා. ඒත් යන්න කම්මැලියිනෙ :D

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

12 comments

ඔරිම ජිනල් earphone ගත්තම තමයි කොලිටිය එන්නෙ :D

by තිලිණ on 2008 August 14 at pm 7:00. Reply #

අනේ අපොයි.පිස්සුවක තරම.කමක් නෑ ඉතින් ආසාවනේ සිංගර් එක එහෙම දැන ගත්තනං ඊලඟ බ්‍රාන්ච් එක ගහන්න ගේ ඉස්සරහ අයියේ

by ප්‍රභාෂ්වර on 2008 August 14 at pm 7:28. Reply #

“මුල් වරට ක්‍රියාත්මක කරද්දි ඇතිවුණු හැඟීම පුදුමාකාරයි. ”

“ගෙදර ගේන්න කලින්ම බස් එකේදි එළියට අරගෙන බැලුවා”

“පසුතැවිල්ලක් නෑ (දැනට) ඒත් ඉස්සරහට මොනවා හිතෙයිද කියන්න බෑ. බලමුකො.”

ප්‍රථම ප්‍රේමය ගැන වත් මේ තරං උනන්දුවකින් මේ තරං ලස්සනට ලියාවිද? :D

by Anandawardhana on 2008 August 14 at pm 7:33. Reply #

ආනන්ද මාමාට ප්‍රථම ප්‍රේමය දැනුනේ එහෙම වෙන්න ඇති …නේ ? :wink:
මලිත්තා දැන් ඉතින් ටික දවසක් ගියාම නහයෙන් අඩන්න එපා බිල් ගෙවාගන්න විදිහක් නෑ කියලා :mad: යන්තන් ටික දවසක් යනකන්වත් කනක් ඇහිලා ඉන්න දෙන්න අපට :grin:

by සු෴ on 2008 August 14 at pm 8:24. Reply #

ආ ඒක කියන්න බැරිවුණා නෙව. මේ මාසෙ බිල ටිකක් අඩුවෙලා ඒ හින්දා පොඩි ජොලියකින් හිටියෙ ;)

by Malinthe Samarakoon on 2008 August 14 at pm 8:29. Reply #

“ගෙදර ගේන්න කලින්ම බස් එකේදි එළියට අරගෙන බැලුවා”

Hmmm Anandawardhana, I don’t think he would write something like that about his first love :smile:

by Dhanu on 2008 August 14 at pm 9:17. Reply #

@ Dhanu – ::”“ගෙදර ගේන්න කලින්ම බස් එකේදි එළියට අරගෙන බැලුවා”

Hmmm Anandawardhana, I don’t think he would write something like that about his first love :smile: ::”

ඒක නම් මොනවා වුනත් ඇත්ත කතාව :D :D

අවවාදයයි – අයිපොඩ් භාවිතා කරන ගමන් තමන් විසින් තමාටම පිස්සා යැයි කියා ගැනීම නිසා පිස්සු සෑදීමේ සම්භාවිතාවය වැඩි වීමට ඉ‍ඩ ‍ඇත. මොකද ඔය තියෙනවායි කියන හිසරදේ නිසා වැඩේ බරපතල වෙන්න පුළුවන්! :D

හැකි ඉක්මනින් හිතට ප්‍රථම ප්‍රේමයෙන්ද, ගතට පවුලේ වෛද්‍යවරයාගෙන්ද ප්‍රතිකාර ගැනීම මැනවි.

:D :D :D

by සුපුන් සුදාරක on 2008 August 14 at pm 11:01. Reply #

අනේ දෙවියනේ මූට වුණු වියෝයා….

කට කැඩෙනකං… වැරදුනා.. අත කැඩෙනකං ලිව්වා චැට් එකේ මූට මේක ගන්න එපා කියල… :wink: හික් හික්…. පොඩි එකාගෙ ආසාවනේ… මේ පාර අඩු වෙච්චි බිලට හිලව්වෙන්න තමයි ඕක අරං තියෙන්නෙ… නැත්තං හරි නෑනෙ…. :mrgreen:

හැබැයි පුතෝ… ප්‍රථම ප්‍රේමයක් පටලවාගත්තොත් ඉතිං අයිපෝඩ් නෙමෙයි, කඩල ගොට්ටක් කන්නවත් අතේ පිච්චිය නැතිවේවි…! :razz:

by SRIshanu (ශ්‍රීශානු) on 2008 August 15 at am 8:37. Reply #

ආසාවනේ පොඩි එකාගෙ .

@ ධනු- මරු කතාව මචං

by නිදහස on 2008 August 15 at am 11:25. Reply #

හිසරදය සුව වීමට, කනට අයිපොඩ්ද, පයට මොබිටෙල්ද තබා හිසට මින්ට් මිශ්‍ර නානු ගා ස්නානය කිරීම මැනවි :lol:

by සුපුන් සුදාරක on 2008 August 15 at pm 4:34. Reply #

අදයි දැක්කෙ මලින්තගෙ වැඩේ. දවස් දෙකම හිටියෙ නැහැනෙ ආසාවට ඔහොම කරනව. පසුතැවෙන්න එපා.

by sanjeew on 2008 August 18 at am 8:26. Reply #

ඔරිජිනල් ear phone එකක් ගන්න. නියම Audio Quality දැනෙන්නෙ එතකොට තමා. Portable music players වල audio quality එක තියෙන්නෙ earphone එකේ.

by Harshadewa on 2008 August 19 at pm 3:48. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.