ෆෝන් එක ගත්තට සිංහල නැතුව වැඩක් තියෙනවද? මේක තමා ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නෙ. නොකියා එකක් ගන්න තිබුණා මොකද ඒවයෙ සිංහල තියෙනවනෙ. ඒත් ඉතින් ගත්තට පස්සෙ කරන්න දෙයක් නෑ. කොහොම වුණත් සිංහල නැතුව ඉන්න බැරි හින්දා (මොකද එන ඊමේල් හිටන් වැඩිහරියක් සිංහලනෙ) ට්‍රයි කරා ‍ඩයලොග් එකේ සිංහල බ්‍රවුසරය ගන්න. කොහෙද ඒක ගන්න දන්න හැම දේම කළා. හරියන පාටක් නෑ.

මං ගත්තු Sony Ericsson G502 A2 මත දුවන එකක් හින්දා මේ ළඟක් වෙනතුරුම ඒකෙ filesystem එකට යන්න විදියක් තිබුණෙත් නෑ. ඒත් මේ ළඟදි වාසනාවට වගේ a2uploader කියලා මෘදුකාංගයක් නිකුත් කරලා තිබුණා. මේක පාවිච්චි කරලා ෆෝන් එකේ ෆයිල්සිස්ටම් එකට යන්න පුළුවන්. ඉතින් මාත් රිංගුවා ඒක ඇතුළට. ඉතින් වැඩ ගොඩයි. ෆ්ලෑෂ් මෙනු ටිකක් දැම්මා, අලුත් කැමරා ඩ්‍රයිවරයක් දැම්මා… එච්චර තමයි ඉතින් :D මේකට වැඩිය mods නිකුත් කරලා නැහැ භාවිතය අඩු නිසා.

එතකොට තමයි ෆොන්ට් දාන අදහස ආවෙ. මුලින්ම සාමාන්‍ය සිංහල ෆොන්ට් එකක් දාලා බැලුවා. වැඩේ ගොඩ. ඒත් ඉංගිරිසි අකුරු පේන්න නෑ :D ඊටපස්සෙ දසුන් අයියා කිව්ව නිසා ඉස්කෝල පොත කියන ෆොන්ට් එක දැම්මා. (වින්ඩෝස් වලට එන්නෙ) එතකොට නම් මෙන්න ඉංගිරිසිත් වැඩ. ඒත් ඉතින් ජාවා වැඩසටහන් වල අකුරු මහා විසාල වුණු නිසා වැඩේ අතඇරියා.

ඉතින් ආයෙ ටිකක් වෙලා ඉඳලා බැලුවා ඇයි මේ ජාවා වැඩසටහන් වල විතරක් සයිස් එක ලොකු වෙන්නෙ කියලා. බැලින්නම් ඒකට පාවිච්චි වෙන්නෙ වෙන ෆොන්ට් එකක්. ඉතින් මොකද කරේ ඒ ෆොන්ට් එක පිටපත් කරගෙන ෆොන්ට්ලැබ් මගින් සිංහල අකුරු ටික දැම්මා ඒකට. ඊටපස්සෙ වැඩ. දැන් සිංහල තියෙන්නෙ ජාවා වැඩසටහන් වලට විතරයි. ඒත් මදෑ.

කොහොම වුණත් වැඩේ සීයට සීයක්ම සාර්ථක නෑ. මොකද සිංහල පේන විදිය අන්තිම සවුත්තුයි. ඒ කියන්නෙ සාමාන්‍ය පරිගණකයකට සිංහල පැච් එකක් ස්ථාපනය නොකර ෆොන්ට් එක විතරක් දැම්මම පේන විදියට තමා දැනට පේන්නෙ. Something is better than nothing කියන්නෙ නිකං නෙවෙයිනෙ. කලින් තිබ්බෙ කොටු ගොඩක් විතරයි. දැන් ඉතිං යන්තමට හරි කියවන්න පුළුවන්නෙ :D ඒත් ඉතින් සිංහල හරියට පේන්න මොකක්හරි කරන්න පුළුවන් මිත්‍රයෙක් ඉන්නවා නම් පොඩි සපෝට් එකක් දෙන්න.

Opera Mini on G502

Opera Mini on G502

Gmail Mobile on G502

Gmail Mobile on G502

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත