Mac OS ගැන කතා
by Malinthe Samarakoon on May 1, 2009
ඔන්න ඉතිං දීර්ඝ විරාමයකට පස්සෙ ආයෙමත්. පහුගිය දවස් ටිකේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුණු නිසා සහ ලියන්න තරම් හිතක් නොතිබුණු නිසා කිසිම දෙයක් ලියවුණේ නෑ. අද ඉතිං මොනවහරි ලියන්න ඕන කියලා හිතුණා.
මගේ අනිත් පරිගණකය ක්‍රියාත්මක වෙන්නෙ නැතුව ගියා. ඒකට හයිකරලා තිබ්බ 40GB දෘඪ තැටියේ තමයි මං මැක් දාලා තිබ්බෙ. ඉතින් ඒක ආයෙමත් මගේ මැසිමට දැම්මා. ඒ හින්දා මේ දවස් දෙක තුනේ මැක් පාවිච්චි වුණා වැඩියි.
මට දැනට තියෙන ලොකුම අවශ්‍යතාවය තමයි මැක් වල සිංහල හරියටම වැඩ කරන විදියට හදාගන්න එක. දැනට තියෙන තත්ත්වය නරකම නෑ. නිකලස් හදපු ෆොන්ට් එකේ තිබුණු පොඩි අඩුපාඩු ටිකක් ගැන මමයි දසුන් අයියයි දන්වලා තියෙන්නෙ. ඒකෙ තියෙන අවුල් ටිකත් හැදේවි කියලා බලාපොරොත්තු වෙනවා. යතුරුපුවරුවේ අවුල් වගයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් සිංහල ටයිප් කරගන්න පුළුවන් වුණත් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒක හදන්න දසුන් අයියත් ට්‍රයි එකක් දුන්නා. ඒත් වැඩේ හරියටම හරිගියේ නෑ. ෆොන්ට් එක හරියටම හැදෙනකල් ඒක පරක්කු කරන්න වෙයි වගේ.
ඉතින් ඊයෙ මැක් එකේ රවුම් ගගහ ඉන්නකොට මතක් වුණා බොලේ මං මේකට සිංහල ෆයර්ෆොක්ස් දැම්මෙ නෑ නේද කියලා
මැක් වල මෘදුකාංග ස්ථාපනය කරන එක බොහොම පහසු වැඩක්. ඒ හින්දා මං සිංහල අනුවාදය බාගෙන දාලා බැලුවා. මටම පුදුමයි! මැක් වල අකුරු රෙන්ඩර් කරන විදිය කියන්න බැරි තරම් ලස්සන හින්දා ෆයර්ෆොක්ස් හරිම ලස්සනට පේනවා.



13 comments
ඊර්ෂියාවේ බෑ!
by -බිன்ku- on 2009 May 1 at pm 2:02. #
මේ සිංහල ෆොන්ට් එක Malithi Web නෙමෙයිද?
පේන්නෙ නං ඒ වගේ. ඒත් වින්ඩෝස් හා ලිනක්ස් වලට වඩා render වෙනවා නම් අපූරුයි වගේ.
by ප්‍රවීන් ඉන්ද්‍රනාම on 2009 May 1 at pm 2:46. #
@බිன்ku:
@ප්‍රවීන්: මලිති වෙබ් තමයි. මැක් වලට හරියන්න වෙනස් කරලා තියෙන්නෙ. http://web.nickshanks.com/typography/sinhala/
by Malinthe Samarakoon on 2009 May 1 at pm 2:51. #
බොහෝම ලක්සනයි නෙව
මේක ඇතුලෙ ඉඳන් යතුරු ලියන්නෙ කොහොමද? නිකම්ම ෆොන්ට් එක දැම්මම ලියන්න පුලුවන් වෙනවද?
by Anandawardhana on 2009 May 1 at pm 4:34. #
@Anandawardhana: බෑ නෙව. මේකට යතුරුපුවරුවක් තියෙනව මෙතන: http://m10lmac.blogspot.com/2008/06/sinhala-font-and-keyboard-for-testing.html
100% හරියට වැඩකරන්නෙ නෑ හැබැයි. තව කුරුමිණියො ඉන්නව. හදන්ට වේවි.
by Malinthe Samarakoon on 2009 May 1 at pm 4:37. #
අනේ ලස්සන බෝල අකුරු ආසාවෙ බෑ.
by අනූ on 2009 May 1 at pm 6:11. #
එළ නිවුස් එකක්. මේ දවස් වල මම මැක් DVD එකක් බානවා imageshack එකෙන්. (ඉඩ තියෙන විදියට, අපිට කොයින්ද අන්ලිමිට් කනෙක්ෂන් ?)
ඉක්මනටම දාල බලන්න ඕනෑ…
by Thilina on 2009 May 1 at pm 7:39. #
මාත් IT Center එකේ ඉන්න කාලෙ ඇපල් රස බැලුවනේ. පාවිච්චි කලේ ඉන්ටනෙට් යන්න විතරයි. ඉතිං සිස්ටම් එකත් ටිකක් අතගාල බැලුව. දැං තිබුණනං සිංහලත් වැඩකරන හැටි බලන්න තිබුණ. ආසාවෙ බෑ.
by ගයාන් තාරක on 2009 May 1 at pm 8:47. #
අප්පටසිරි…ඊ….ඊඊඊඊඊ…
පිස්සු හැදෙනවා ඕයි… මාර ලස්සනයි… හැබැයි අරයා තරම් නම් නෑ…
by සුපුන් සුදාරක on 2009 May 2 at pm 1:52. #
අපොයි දෙයියනේ මේ යකාව නං ඉක්මනටම අංගොඩ අරින්න වෙයි වගේ ! පිස්සුව හොඳටම තද වෙලා
by ප්‍රවීන් ඉන්ද්‍රනාම on 2009 May 2 at pm 1:53. #
විස්ටා වලට පොඩි application එකක් තියනව, ඔය වගේම font rendaring කරන්න.. විශ්වාස නැත්නම් මෙන්න screenshot එකක්..
http://img169.imageshack.us/img169/4126/capturew.jpg
ඔය වගේම නැති උනත් තිබ්බට වඩා ලස්සනයි.
youtube video එකකින් තමයි මේ ගැන දැනගත්තේ…
http://www.youtube.com/watch?v=o-cEEZyFue8
දාල බැලුවම පිස්සු හැදුනා..; D
by harindu on 2009 July 22 at pm 11:39. #
@harindu: මමත් දාලා බැලුවා. නියමෙට තියෙනව
by Malinthe Samarakoon on 2009 July 22 at pm 11:41. #
MAC වලට ලගින් යනවා ලිනක්ස් වල සිංහල fonts ඔය තරම්ම හොදද කියලා නම් කියන්න අමාරුයි, ඒත් මාත් මලිති ෆොන්ට් එක දාපු වෙලාවේ ඔය වගේම ලස්සනට තිබ්බා බලන් ඉන්නත් ආසයි එකම අවුල තියෙන්නේ මලිති ෆොන්ට් එක copyright නිසා හෝ වෙනයම් හේතුවක් නිසා බැදි අකුරු හා රේපය ආදියට render වෙන්නේ අවුල් සහගත විදියට
by madura on 2010 January 16 at pm 10:00. #