දුම්රිය, ගමනාගමන අල සහ අන්තර්ජංජාල
by Malinthe Samarakoon on October 18, 2009
ඕන්න ආයෙමත් කලකට පස්සේ. ලියන්න දේවල් කීපයක්ම තියෙනව අද. මුලින්ම දුම්රිය සහ ගමනාගමනය ගැන තමයි.
ටික දවසකට කලින් කොළඹ ගියා පොඩි වැඩ වගයකට. ඉතින් එතකොට මුහුණ දෙන්න සිද්ධ වුණු දේවල් කීපයක් ගැන තමයි මුලින්ම.
මං බස් වල යන්න කැමතිම නෑ දැන්. හේතුව මොකක්ද මං දන්නෙ නෑ ඒත් බස් එකක ගියොත් මුළු ගමනම නිදාගෙන තමයි යන්න වෙන්නෙ. ඒ හින්ද පුළුවන් හැම වෙලාවෙම දුම්රිය පාවිච්චි කරන්න තමයි වැඩි කැමැත්ත. ඒකෙ ගියාම කිසි අපහසුවක් දැනෙන්නෙ නෑ. කූල් එකේ යන්න පුළුවන්. ඉඩකඩත් තියෙනව. හුළං වැදි වැදී වටපිටාවත් හොඳට බලාගෙන නිදහසේ ගමනක් යන්න කියාපු ක්‍රමය තමයි ඉතින් ඒ. ඉතින් ඊයෙත් මේකෙන්ම තමයි යන්න ලෑස්ති වුණේ.
ඉතින් කලින් දවසෙ ටිකට් වෙන් කරල තිබ්බ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට. ඊටපස්සෙ ඉතින් යන දවසෙ උදේ පාන්දරම නැගිටගෙන ආවෙ නැතෑ ස්ටේසමට. එනකොට අපේ අප්පච්චිගෙ යාලුවෙක් එළියට වෙලා බැන බැන ඉන්නව දැක්ක. අහල බලද්දි දුමිරිය අවලංගු කරල. ගේට්ටුවත් වහලා. බැලින්නම් මේ දවස් ටිකේ වැස්ස හින්ද රේල් පාරට ගලක් පෙරලිලලු. ඉතින් මොනව කරන්නද. ටිකට් ටික ආපහු දීල සල්ලි අරගෙන ආපහු එන්න දුම්රිය තියෙයිද කියල ඇහුවම කිව්වෙ තියේවි කියල. නැතිවුණොත් එහෙන් ටිකට් වල සල්ලි ගන්න පුළුවන් කිව්ව. ඊටපස්සෙ නැග්ග බස් එකක. කොච්චර අකමැති වුණත් කරන්න දෙයක් නෑනෙ. යන්නම එපැයි
ඒත් ටිකක් දුර එද්දි මෙන්න බොලේ මේක එකපාරටම නැවැත්තුව. තව බස් එකක් ආව. ඔක්කොටම ඒකට නගින්න කිව්ව. හැමෝම බැන බැන නැග්ග. ඊටපස්සෙ ඉතින් ටිකක් නින්ද ගියා. බස් එකක දුර යද්දි ඔළුව උස්සගෙන ඉන්න මාර අමාරුයි මට.
ඉතින් වැඩ කටයුතු ඉවර වෙලා කාලිංගවත් හම්බවෙලා ආව කොටුවට. එනකොට දුම්රිය නම් තියෙනව. ඒත් පේරාදෙණියට විතරලු යන්නෙ. ඒත් ඉතින් කමක් නෑ කියල ආව.
කොහොමහරි ඉතින් හරියටම 3. 35 ට විතර පිටත් වුණා. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ ඔහොම ගියා. යන අතරතුර අන්තර්ජාලයට සම්බන්ධ වෙලා යාලුවොන්ටත් ටිකක් කතා කරා. අවුලක් නෑ. ඊටපස්සෙ ආයෙමත් ටිකක් නින්ද ගියා.
ආයෙමත් ඇහැරෙනකොට හිටියෙ රඹුක්කන. නවත්තල. මොකක් වෙලාද මන්ද. කට්ටිය බැන බැන ඉන්නව. අනිත් පැත්තෙන් තව දුම්රියක් එනකල් යන්නෙ නෑලු. ඉතින් හිටිය ඔහොම පැය එකහමාරක් විතර. මාර කම්මැලියි. ඔය වෙලෙ ස්ටේටස් අප්ඩේට් ටිකකුත් දැම්ම. කට්ටියටත් කතාකරා. ඔහොම ඉතින් ඉන්නව ඉන්නව යන පාටක් නෑ. ස්ටේෂන් එකේ කැන්ටින් එකට උණු උණු රොටි ඇවිල්ල තිබ්බ. ඉතින් ඒකක් ගිල දැම්ම.
ඊටපස්සෙ ඉතින් දුම්රියේම තියෙන භෝජන රථයට ගියා. ඒකෙන් බිව්ව තේකක්. ඒක නම් නියමයි. ඒ තේකක් රුපියල් තිහයි.
ඉතින් ටික වෙලාවකට පස්සෙ දුම්රිය පිටත් වුණා. පිටත් වෙනකොට දැනුම් දුන්නෙ නුවරටම යනව කියල. ඉතින් නියමයිනෙ කියල හිතාගෙන හිටිය. ඔහොම තව ටිකක් දුර ගිහින් ආයෙ නැවැත්තුවා. ආයෙ බලාගෙන හිටිය. ගොඩාක් වෙලා නවත්තගෙන ඉඳල ආයෙ පිටත් වුණා. ඔහොම ඉතින් නවත්ත නවත්ත දිගටම ආව.
අන්තිමට පේරාදෙණියෙ නැවැත්තුව. මේවෙනකොට වෙලාව 8.45 ට විතර ඇති මං හිතන්නෙ. ඉතින් පේරාදෙණියෙ නැවැත්තුවට පස්සෙ බැහැල ඇවිදගෙන ආව පයින්. මං හිතන්නෙ පොඩි පාලමක් අවුලක් තිබිල තියෙනව. ඒකයි එතනින් එහාට යන්න බැරිවුණෙ.
ඉතින් ඊටපස්සෙ ස්ටේසමේ ඉඳන් ඇවිදගෙන ආව එතන ඉඳන් මල් වත්ත හරියටම. ගොඩක් අය කරේ බනින එක තමයි. මාර මහන්සියි. කකුල් දෙකත් හොඳටම රිදෙනව. එතකොටම බස් එකක් ආව. ඒකෙ නැගල ටවුමට ඇවිත් ගෙදර යන බස් එකක් තිබිල ඒකෙ නැගල ගෙදර ආව. ගෙදර එනකොට දහයට විතර ඇති.
ඉතින් සාමාන්‍යයෙන් පැය තුනක් වගේ යන ගමනට එදා පැය හයක් විතර ගතවුණා.
යන අතරෙත් එන අතරෙත් මොබිටෙල් සම්බන්ධතාවය හොඳට වැඩකරා. ඒත් ගෙදරදි ඒක එහෙම්පිටින්ම අලයක් වෙලා තියෙන්නෙ ආයෙමත් සැරයක්.
ලොකුම ප්‍රශ්නෙ දැන් සම්බන්ධ වෙන එක තමා. අන්තර්ජාල සම්බන්ධෙ හදන්නත් කලින් ඉඳන්ම ගැටළු. සමහර වෙලාවට මොබිටෙල් ජාලයට සම්බන්ධ වෙන්නෙත් නෑ. ඒකටත් එක එක දෝෂ එනව. කෝල් එකක් ගන්න බෑ, එන කෝල් සම්බන්ධ වෙන්නෙ නෑ. වෙලාවකට දිගට හරහට missed call alerts එනව. එතකොට කල්පනා කරනව මේ මොකද කියල. ඇයි ෆෝන් එකත් වැඩ. ජාලයටත් සම්බන්ධ වෙලා තියෙන්නෙ.
අදත් අල ටිකක් තිබුණ. රීඩයල් කරල මහන්සි හින්ද Options වල Redial Attempts ගාන වැඩි කරල, Time between Redial attempts තත්පර 1කට දැම්ම. ඊටපස්සෙ ඉතින් කීයට හරි සම්බන්ධ වෙන්නෙ නැතෑ
ඔහොම තමයි ඉතින් මේ දවස්වල වැඩ. ගමනාගමනයත් අල, අන්තර්ජාලයත් අල.
13 comments
ආ ඒක තමයි එහෙනම් අද මාතරින් මහනුවර යන කෝච්චිය පේරාදෙනියට විතරක් යනවා කිව්වෙ. මම ඉතිං ගාල්ලෙන් නැගල කොළඹ කොටුවෙන් බැස්ස. කිසිම කරදරයක් නෑ ගාල්ලෙන් 2.30ට පිටත් උනා 5.30ට කොටුවෙ.
by රවින්ද on 2009 October 18 at pm 7:44. #
මේ සතියේ නුවර පැත්තේ එන්න හිතක් තියෙනවා…..
දවල් කෑමට මලින්තගේ ගෙදර එන්න බැරියෑ….
by Uraj Deemantha on 2009 October 18 at pm 8:49. #
by Malinthe Samarakoon on 2009 October 18 at pm 8:52. #
මූණු පොතේ Request එක confirm කරන්ඩෝ…..
බය වෙන්න එපෝ…
මම දවල් කෑමට මලින්තගේ ගෙදර එන්නේ නැතෝ….!!
by Uraj Deemantha on 2009 October 18 at pm 9:08. #
දුක තමයි! සුන්දර සිරි ලංකාවේ ගතවුනු තවත් එක් දවසක්!
by රොකියා on 2009 October 18 at pm 8:51. #
කියල වැඩක් නෑ
by Malinthe Samarakoon on 2009 October 18 at pm 8:52. #
හැමදාම අල වගෙ
මලින්ත හදන site වල අකුරු ලොකු කරන්න පුලුවන් ඒත් මේකෙ බෑනෙ
by අලය on 2009 October 18 at pm 8:53. #
IE6 වලද?
by Malinthe Samarakoon on 2009 October 18 at pm 8:55. #
නෑ මේ web site එකේ http://blog.malinthe.com
by අලය on 2009 October 18 at pm 9:21. #
ඔව්. මොන බ්‍රවුසර් එකෙන් බලද්දිද එහෙම වෙන්නෙ? IE6 නම්, මේකෙ ෆොන්ට් සයිස් දාලා තියෙන්නෙ px වලින්. ඒක හින්දා එහෙම වෙන්නෙ මං හිතන්නෙ.
by Malinthe Samarakoon on 2009 October 18 at pm 9:42. #
http://www.jasminenews.com මේ site එකේ උඩ කෙලවරේ තියෙන්නෙ · Small · Medium · Large අන්න ඒකයි මම කිව්වේ එහෙම තිබ්බනම් ලේසියි.
by අලයා on 2009 October 19 at pm 8:33. #
මමත් කොච්චර අල උනත් කෝච්චියෙම තමයි ගමන් බිමන්…
by ගයන්ත on 2009 October 20 at pm 1:03. #
hi welcome all of you to my blog.
Thank you!
by Nirmal on 2009 October 31 at pm 10:39. #