මං දැන් කම්මැලිකම යන්නත් එක්ක බලනවා ස්පයිඩර් මෑන් 3 – ඒ අතරේ ලියන්නම් බකියා ගැන කතන්දරයක්. බකී කියන්නේ අපේ සුනඛ මහතා කියලා කලින් කිව්වා නේද මම? ඔව් මේ සුනඛ මහතා බොහොම බුද්ධිමත් කෙනෙක්. ඌට මාර මොළයක්නෙ තියෙන්නෙ.

දැන් ගොඩක් වෙලාවට අපි ඌව අල්ලගෙන දම්වැල දාලා තියෙනවා. නැතිනම් මාර වදයක් – හැමෝටම බුර බුර යනවා චණ්ඩියා වෙන්න. කොහොම වුණත් අපි බකියාව අල්ලන්න හිතාගෙන ළඟට ගියොත් මූ කොහොම හරි ඒක දැනගෙන අල්ලන්න කලින් පනිනවනේ. දැන් සාමාන්‍ය විදියට වෙන හේතුවකට ළඟට ගියොත් පනින්නෙ නෑ. ඒත් අල්ලන්න හිතාගෙන ගියොතින් නම් අල්ලන්න හම්බවෙන්නෙ නෑ කීයටවත්. මං මේ කල්පනා කළේ මූට මෙච්චර ඉවක් ලැබුණේ කොහොමද කියලා. නැතිනම් කොහොමද ඒක තේරුම් අරගෙන පැනලා යන්නෙ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *