ජංගම දුරකථනය යාවත්කාලීන කිරීම

අද ටිකක් භයානක වැඩක් කළා. වාසනාවට වැඩේ ගොඩ. උදේ නිකං ෆෝන් ගැන විස්තර ටිකක් හොය හොය ඉඳිද්දි මං ගාව තියෙන එක ගැන ප්‍රතිචාර ටිකක් දැක්කා. ඒකෙ අල ගොඩක් හරියනවලු අලුත්ම firmware එකක් දැම්මනම්. මං ෆෝන් එකෙන්ම බැලුවත් ඒකෙන් කිව්වෙ දැන් තියෙන්නෙ අලුත්ම නිකුතුව තමයි කියලා. ඒත් Hutch Firmware එකක් තියෙනවා ඊට වඩා ගොඩක් අලුත්. ඉතිං අපේ නාගයාගෙනුත් පොඩ්ඩක් විමසලා බැස්සා ගේමට.

බාගත්තා අලුත්ම Firmare එක. මේක generic එකක් නෙවෙයි. Hutchison. ඕන කෙහෙල්මලක් කියලා a2uploader එකේ පිහිටෙන් (දෙයියො සිහිකරගෙන) ඒක ෆ්ලෑෂ් කරා. ක්‍රියාත්මක කළා. මෙන්න බොලේ වැඩ! ඉතිං තව මොනවද 😀

ඉතිං අලුත් එක ඇතුලෙ රවුම් ගගහ ඉන්නකොට දැක්කා වීඩියෝ කෝල් ගන්නත් පුළුවන් කියලා. මේකෙ ඉදිරිපස කැමරාවක් නැති හින්දා ඉතිං වැඩකුත් නෑ. ඒත් ඉතින් something is better than nothing නෙ. පොඩ්ඩක් පරික්ෂා කරලා බැලුවා ඒකත් වැඩ. කාලිංගගෙන් කෝල් එකක් ගෙන්නගත්තා, මූණ පෙනේ. 😀 මොබිටෙල් එකේ 555 ට අරගෙනත් බැලුවා. ඒකත් වැඩ.

අනික් විශේෂම දේ තමයි වේගය. Interface එක දැන් ගොඩක් වේගවත්. කලින් වගේ ගාටන්නෙ නෑ. ඒක නම් ඉතින් ලොකු සහනයක්.

ඉතින් ‍ෆොන්ට් ටිකත් ආයෙ හදලා සිංහලත් දාගත්තා. නැත්තං වැඩක් කරන්න බෑනෙ. ඉතින් ඔච්චර තමයි 😛

new_menu
G502 New Menu
G502 Video Calling
G502 Video Calling

27 thoughts on “ජංගම දුරකථනය යාවත්කාලීන කිරීම

  1. බිය නොවනු…..මැරෙනා සැටි මා පෙන්නමි…..
    මං නම් ජංගම දුරකථනයට දෙන්න පුලුවන් ඔක්කොම වද දීලා තියෙන්නේ…..

  2. machan mokada ubee phone eke model eka?
    mage eka nokia 6300 eka.eketh aluth os eka dammoth 3g call balanna puluwan wewida?

  3. @ නාගයා.

    අපිත් සදා එරික්සන් තමයි!!

    වැඩි කැමැත්ත Walkman වලට 🙂

    Kamera වලදි නම් ඉතින් 850ට අකමැත්තක් නැතුවමත් නෙවෙයි!! 😀

  4. මේක A2 uploader මඟින් upload කරන හැටිත් දාන්න පුළුවන්ද? හොයල බැලුවා ඒත් එක එක සයිට් වල එක එක විදියට ලියලා තියෙන්නෙ.

  5. FS සහ Main දෙක ඩවුන්ලෝඩ් කරගන්න. ඊටපස්සෙ a2uploader එකේ Add වලට ගිහින් ඒ දෙකම තෝරගන්න. ඊටපස්සෙ Flash බොත්තම ඔබන්න. එතකොට Firmware එක ෆ්ලෑෂ් වේවි. ඒ ඉවර වුණාම custpack එකක් දාන්න ඕන. ප්‍රවේශමෙන් කරන්න.

  6. එපා එපා…එහෙම නෙවේ,,,,
    සැමවිටම Generic Cust Pack තෝරාගන්න….
    එහෙම එකක් නැතිනම් English ඇති එකක්…..
    Branded Cust Pack හා FS/Main තෝරාගැනීමෙන් වලකින්න……

  7. ඕනිනම් edit කරලා ගන්න..මම නම් ඒ වැඩේ කරනවා,,,,,,ඕකෙ තියෙන්නේ xml files කීපයක් 😀

  8. මලිංත අයියේ මගේ තියෙන්නෙ සෝනි එරික්සන් k530i. මගේ එකටත් වැඩකැලි ටිකක් දාන්න පුලුවන්ද? A2 uploader ගැන ලිපියක් දාන්නකො අපිටත් ඉගන ගන්න. ම‍ටත් ආසයි ම‍ගේ එකටත් වැඩකෑලි ටිකක් දා ගන්න. A2 uploader ලබා ගන්න Link එකකුත් දෙන්න.

  9. @ev0luc: a2uploader is used only for A200 phones. You’ll have to use other software for other phones. You might’ve seen the reply at SBU. All cool?

    No Sinhala in this computer. Your comment was in spam, sorry about the delay 😉

  10. මලිංත අයියේ මොනාද other software අපිට ඉගන ගන්න හොඳ ලිපියක් දාන්නකො මේ ගැන.

  11. @ නාගයා : නැහැනෙ.

    @ මලිංත : අහ් බොහොම ස්තුතියි අයියා.

    නාගයා හොඳ ලිපියක් දාන්න මේ ගැන 🙂

  12. @namal: නැහැ විඩියෝ කෝල් තිබුණෙ නෑ (මං හිතන්නෙ ඉදිරිපස කැමරාවක් නැති හින්දා වෙන්න ඇති)

  13. ane mata meke firmware eka gena detail tiaka kiyannako..Link eka weda ne.. anika oka danaewa download karaganna thenwak ehema dennako..
    mageth thiyenne G502 ekak thama..puluwan nam mail ekak danna….

Leave a Reply to Malinthe Samarakoon Cancel reply

Your email address will not be published. Required fields are marked *