Mobitel M3 අල සහ තවත් කතා

ඔන්න ඉතින් අද නාගයාත් එක්ක ටවුමෙ රවුම් ගහලා, කකුල් දෙක පණ නැතුව ආවා ගෙදර. කාලෙකින් ඇවිදින්න ගියේ 😀 ඉතිං හවස ‍ජා‍ලෙ සැරිසරමින් ඉන්නකොට අපේ කාලිංග සහෝදරයා දමල ගැහුවෙ නැතෑ speedtest.net රිසල්ට් එකක් M3 එකකින්. හප්පොච්චියෙ මට නිකං පිස්සු වගේ. මේ තියෙන්නෙ ඔය රිසල්ට් එක තමා:

M3 (Kalinga)

M3 (Kalinga)

එතකොට තමයි මට මීටර් වුණේ මට එච්චර වේගයක් ලැබෙන්නෙ නෑ නේද කියලා. ඉතිං නිකමට වගේ ආයෙ පාරක් ටෙස්ට් දෙක තුනක් දාලා බලද්දි තමයි පේන්න ගත්තෙ මේක අල පාත්තියක් කියලා. (මේක 3.6mbps සම්බන්ධතාවය)

මෙන්න ඉතිං ඔය රිසල්ට්ස් කීපයක්:

M3 (Malinthe)

M3 (Malinthe)

M3 (Malinthe)

M3 (Malinthe)

M3 (Malinthe)

ඉතිං ඔහොම තමා තත්වෙ. වැඩේ කියන්නෙ මොබිටෙල් සිග්නල් උපරිමව තියෙන එක. ඩයලොග් HSDPA නම් අහලකවත් නෑ. හුලංටෙලුත් එහෙම තමා. මොකක්ද මේ වෙන්න යන්නෙ? කොළඹට කිරි ගමට කැකිරිද ???

ඔව් ඉතින් 1mbps ඇති කියලා කියාවි. ඒකත් ඉතින් හැමතිස්සෙම එන එකක් නෙවෙයිනෙ.

මේ පැකේජ් එක 3.6 කියන හින්දා, අඩුම තරමේ 2mbps වලින්වත් මොකක්හරි බාන්න තිබ්බනම් නරකද? (ආසාවට) 😀

Update:

හදිස්සි වුණා වැඩිද මන්දා. අද උදේ බැලුවා වේගයෙන් වෙනස් වෙලා 😀

M3 (Malinthe)

M3 (Malinthe)

Airtel, SLT ‍නිමා නොවන චාරිකාව සහ තවත් කතා

ඔන්න ඉතින් අද ගියා ටවුමට. මේ පාර මොබිටෙල් එකේ දත්ත භාවිතය සතියකට විතර කලින් පැනපු හින්ද හරිම අවුලක් වෙලා තියෙන්නෙ. ඉතින් එයාටෙල් එකේ අන්ලිමිටඩ් පාරක්වත් දාගන්න ඕන කියලා කල්පනා කරා. සම්බන්ධතාවය නම් එච්චරම stable නැති කතාවකුත් ඇහුණා. ඒත් ඉතින් අන්ලිමිටඩ්නෙ 😀

කොහොම වුණත් ඉතින් මෙහෙට අනිවාර්යයෙන්ම සංඥා ප්‍රශ්න එන බව දන්න හින්දා සහ network search එකක් දැම්මම එයාටෙල් එක පේන්නෙවත් නැති හින්දා මුලින්ම prepaid එකක් ගන්න කල්පනා කරා.

ඉතින් ගියා Airtel එක පැත්තට. ගත්තා ප්‍රීපේඩ් සිම් එකක්. මෙතන පාරිභෝගික සේවාව නම් ගොඩක් හොඳ පාටක් පෙනුණා. කලින් පාරක් ඩයලොග් එකට ගිහින් හිටපු එක්කෙනෙක්ගේ බෙරි වුණු අල සේවාවත්, එතනම හිටපු තවත් කෙනෙක්ගේ උසස් සේවාවත් අත්විඳල තියෙනවා. මොබිටෙල් එකේ නම් සේවාවේ අවුලක් නෑ ඒත් මූණු වල හිනාව මදි.

මගේ කොණ්ඩෙත් අම්බානක වැවිලා තිබ්බෙ. කොච්චර වැවුණත් හැබැයි ඉතින් කපන්න කම්මැලියි. 😀 ඒත් ඉතින් ගොඩක් වැවුණමත් හරිම අමාරුයි. මල වදයක්. ඉතින් වැනි වැනි ගිහිල්ල කොණ්ඩෙත් කපාගත්තා. හික්, ඔළුවෙන් බරක් අයින් කරා වගේ. මාර කූල් 😛

සිම් එක දාලා බැලුවා ෆෝන් එකට කොණ්ඩෙ කපන්න කලින්. අවුලක් නම් පේන්න තිබ්බෙ නෑ. ඒත් HSDPA සිග්නල් අඩුයි වගේ.

ඉතිං මේ වැඩේට පස්සෙ ගියා නුවර SLT එකට. ADSL වැඩේට මොකක්හරි කරගන්න කියලා හිතාගෙන. කොහෙද… ඒකත් හැමදාම අල. නිමා නොවන චාරිකාවක්ම තමා. මෙහෙට ලූප් නැතිලු. මොන කෙහෙල්මලක්ද කියලා හිතෙන් බැන බැන ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා දසුන් අයියත් එක්ක SLT එකට අම්බානක බැන්නා.

ගෙදර ඇවිත් Airtel සිම් එක දාලා බලද්දි 2G නම් වැඩ. ඒත් 3G පේන තෙක් මානෙකවත් නෑ. ඉතිං ඒ වැඩෙත් ඉවරයි.