දුම්රිය, ගමනාගමන අල සහ අන්තර්ජංජාල

ඕන්න ආයෙමත් කලකට පස්සේ. ලියන්න දේවල් කීපයක්ම තියෙනව අද. මුලින්ම දුම්රිය සහ ගමනාගමනය ගැන තමයි.

ටික දවසකට කලින් කොළඹ ගියා පොඩි වැඩ වගයකට. ඉතින් එතකොට මුහුණ දෙන්න සිද්ධ වුණු දේවල් කීපයක් ගැන තමයි මුලින්ම.

මං බස් වල යන්න කැමතිම නෑ දැන්. හේතුව මොකක්ද මං දන්නෙ නෑ ඒත් බස් එකක ගියොත් මුළු ගමනම නිදාගෙන තමයි යන්න වෙන්නෙ. ඒ හින්ද පුළුවන් හැම වෙලාවෙම දුම්රිය පාවිච්චි කරන්න තමයි වැඩි කැමැත්ත. ඒකෙ ගියාම කිසි අපහසුවක් දැනෙන්නෙ නෑ. කූල් එකේ යන්න පුළුවන්. ඉඩකඩත් තියෙනව. හුළං වැදි වැදී වටපිටාවත් හොඳට බලාගෙන නිදහසේ ගමනක් යන්න කියාපු ක්‍රමය තමයි ඉතින් ඒ. ඉතින් ඊයෙත් මේකෙන්ම තමයි යන්න ලෑස්ති වුණේ.

DSC05492ඉතින් කලින් දවසෙ ටිකට් වෙන් කරල තිබ්බ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට. ඊටපස්සෙ ඉතින් යන දවසෙ උදේ පාන්දරම නැගිටගෙන ආවෙ නැතෑ ස්ටේසමට. එනකොට අපේ අප්පච්චිගෙ යාලුවෙක් එළියට වෙලා බැන බැන ඉන්නව දැක්ක. අහල බලද්දි දුමිරිය අවලංගු කරල. ගේට්ටුවත් වහලා. බැලින්නම් මේ දවස් ටිකේ වැස්ස හින්ද රේල් පාරට ගලක් පෙරලිලලු. ඉතින් මොනව කරන්නද. ටිකට් ටික ආපහු දීල සල්ලි අරගෙන ආපහු එන්න දුම්රිය තියෙයිද කියල ඇහුවම කිව්වෙ තියේවි කියල. නැතිවුණොත් එහෙන් ටිකට් වල සල්ලි ගන්න පුළුවන් කිව්ව. ඊටපස්සෙ නැග්ග බස් එකක.‍ කොච්චර අකමැති වුණත් කරන්න දෙයක් නෑනෙ. යන්නම එපැයි 😀 ඒත් ටිකක් දුර එද්දි මෙන්න බොලේ මේක එකපාරටම නැවැත්තුව. තව බස් එකක් ආව. ඔක්කොටම ඒකට නගින්න කිව්ව. හැමෝම බැන බැන නැග්ග. ඊටපස්සෙ ඉතින් ටිකක් නින්ද ගියා. බස් එකක දුර යද්දි ඔළුව උස්සගෙන ඉන්න ‍මාර අමාරුයි මට.

ඉතින් වැඩ කටයුතු ඉවර වෙලා කාලිංගවත් හම්බවෙලා ආව කොටුවට. එනකොට දුම්රිය නම් තියෙනව. ඒත් පේරාදෙණියට විතරලු යන්නෙ. ඒත් ඉතින් කමක් නෑ කියල ආව.

කොහොමහරි ඉතින් හරියටම 3. 35 ට විතර පිටත් වුණා. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ ඔහොම ගියා. යන අතරතුර අන්තර්ජාලයට සම්බන්ධ වෙලා යාලුවොන්ටත් ටිකක් කතා කරා. අවුලක් නෑ. ඊටපස්සෙ ආයෙමත් ටිකක් නින්ද ගියා. 😀

ආයෙමත් ඇහැරෙනකොට හිටියෙ රඹුක්කන. නවත්තල. මොකක් වෙලාද මන්ද. කට්ටිය බැන බැන ඉන්නව. අනිත් පැත්තෙන් තව දුම්රියක් එනකල් යන්නෙ නෑලු. ඉතින් හිටිය ඔහොම පැය එකහමාරක් විතර. මාර කම්මැලියි. ඔය වෙලෙ ස්ටේටස් අප්ඩේට් ටිකකුත් දැම්ම. කට්ටියටත් කතාකරා. ඔහොම ඉතින් ඉන්නව ඉන්නව යන පාටක් නෑ. ස්ටේෂන් එකේ කැන්ටින් එකට උණු උණු රොටි ඇවිල්ල තිබ්බ. ඉතින් ඒකක් ගිල දැම්ම. 😀

ඊටපස්සෙ ඉතින් දුම්රියේම තියෙන භෝජන රථයට ගියා. ඒකෙන් බිව්ව තේකක්. ඒක නම් නියමයි. ඒ තේකක් රුපියල් තිහයි.

DSC05534ඉතින් ටික වෙලාවකට පස්සෙ දුම්රිය පිටත් වුණා. පිටත් වෙනකොට දැනුම් දුන්නෙ නුවරටම යනව කියල. ඉතින් නියමයිනෙ කියල හිතාගෙන හිටිය. ඔහොම තව ටිකක් දුර ගිහින් ආයෙ නැවැත්තුවා. ආයෙ බලාගෙන හිටිය. ගොඩාක් වෙලා නවත්තගෙන ඉඳල ආයෙ පිටත් වුණා. ඔහොම ඉතින් නවත්ත නවත්ත දිගටම ආව.

අන්තිමට පේරාදෙණියෙ නැවැත්තුව. මේවෙනකොට වෙලාව 8.45 ට විතර ඇති මං හිතන්නෙ. ඉතින් පේරාදෙණියෙ නැවැත්තුවට පස්සෙ බැහැල ඇවිදගෙන ආව පයින්. මං හිතන්නෙ පොඩි පාලමක් අවුලක් තිබිල තියෙනව. ඒකයි එතනින් එහාට යන්න බැරිවුණෙ.

ඉතින් ඊටපස්සෙ ස්ටේසමේ ඉඳන් ඇවි‍දගෙන ආව එතන ඉඳන් මල් වත්ත හරියටම. ගොඩක් අය කරේ බනින එක තමයි. මාර මහන්සියි. කකුල් දෙකත් හොඳටම රිදෙනව. එතකොටම බස් එකක් ආව. ඒකෙ නැගල ටවුමට ඇවිත් ගෙදර යන බස් එකක් තිබිල ඒකෙ නැගල ගෙදර ආව. ගෙදර එනකොට දහයට විතර ඇති.

ඉතින් සාමාන්‍යයෙන් පැය තුනක් වගේ යන ගමනට එදා පැය හයක් විතර ගතවුණා. 😀

යන අතරෙත් එන අතරෙත් මොබිටෙල් සම්බන්ධතාවය හොඳට වැඩකරා. ඒත් ගෙදරදි ඒක එහෙම්පිටින්ම අලයක් වෙලා තියෙන්නෙ ආයෙමත් සැරයක්.

ලොකුම ප්‍රශ්නෙ දැන් සම්බන්ධ වෙන එක තමා. අන්තර්ජාල සම්බන්ධෙ හදන්නත් කලින් ඉඳන්ම ගැටළු. සමහර වෙලාවට මොබිටෙල් ජාලයට සම්බන්ධ වෙන්නෙත් නෑ. ඒකටත් එක එක දෝෂ ‍එනව. කෝල් එකක් ගන්න බෑ, එන කෝල් සම්බන්ධ වෙන්නෙ නෑ. වෙලාවකට දිගට හරහට missed call alerts එනව. එතකොට කල්පනා කරනව මේ මොකද කියල. ඇයි ෆෝන් එකත් වැඩ. ජාලයටත් සම්බන්ධ වෙලා තියෙන්නෙ.

අදත් අල ටිකක් තිබුණ. රීඩයල් කරල මහන්සි හින්ද Options වල Redial Attempts ගාන වැඩි කරල, Time between Redial attempts තත්පර 1කට දැම්ම. ඊටපස්සෙ ඉතින් කීයට හරි සම්බන්ධ වෙන්නෙ නැතෑ 😀

ඔහොම තමයි ඉතින් මේ දවස්වල වැඩ. ගමනාගමනයත් අල, අන්තර්ජාලයත් අල. 😀

මොබිටෙල් ජාල ජංජාල Part 2

මෙන්න අලුත්ම තත්ත්වය. පහුගිය දවස් වල කළ පැමිණිලි කිරීම් සහ මිතුරන්ගෙන් ලැබුණු ස‍හයෝගය නිසා මොබිටෙල් සමග පැවති අවුල් විසඳා තියෙන බවක් තමයි පේන්නෙ. මොබිටෙල් මගින් දන්වපු විදියට එහි යාවත්කාල කිරීම් කර තියෙන නිසා දැන් සියල්ල යථා තත්ත්වයට පත්වෙන්න ඕන.

අද උදේ ෆෝන් එකෙනුත් මොඩම් එකෙනුත් පරීක්ෂා කරලා බැලුවා. කිසිම අවුලක් නැතුව සම්බන්ධ වුණා. වේගයත් පේන විදියට හොඳයි.

Speedtest 1
Speedtest 2
Speedtest 3
Speedtest 4
Speedtest 5

කාලෙකට පස්සෙ තමයි මෙහෙම වේගයක් දැක්කෙ. ඉතින් සතුටුයි 😀

මේකෙන් ඉතින් ගන්න පුළුවන් ආදර්ශය තමයි සේවාවේ අවුලක් තියෙනව නම් අනිවාර්යයෙන්ම ඒ ගැන පැමිණිලි කරන්න.

මොබිටෙල් ජාල ජංජාල

Update: http://blog.malinthe.com/2009/08/29/mobitel-part-2/

මගේ අන්තර්ජාල සම්බන්ධතාවය ගැන කවුරුවත් දන්නවනෙ. ඒ වෙන මොකක්වත් නෙමෙයි මොබිටෙල්! ඒත් මේ ගැන දැන් නම් කියන්න තියෙන දේවල් ඉස්සර වගේ සුන්දර නෑ. ඉස්සරම කාලෙට වඩා ටිකක් මිල ගණන් අඩු කරත් තවම ගණන් වැඩියි. ගිය මාසෙත් අහස පොළොව උහුලන්නෙ නැති බිලක් ඇවිල්ල තියෙන්නෙ. ඒත් ඒක වෙනම ප්‍රශ්නයක්.

මේ කියන්න යන්නෙ ඉතාම ඉහළ මිලක් අය කරලා අපට ‍ලබාදෙන සේවාවේ තත්ත්වය ගැන. ඒක ගැන නම් කතාකරන්න වචන නැහැ. අන්තිමයි. මං ආසම වචනෙ = pathetic!

දැන් මාස කීපයකට කලින් නම් YouTube එක්ක ලොකු ගැටලුවක් ‍තිබුණා. ඒක නම් දැන් බොහෝ දුරට හරි ගිහිල්ලා. ඒත් දැන් තියෙන අවුල තමයි මේක එකදිගට සම්බන්ධ කරලා තියාගන්න එකේ අමාරුව. සමහර වෙලාවට වැඩක් කර කර ඉන්න අතරතුරත්, සමහර වෙලාවට වැඩක් නොකර Idle තියෙන වෙලාවටත් සම්බන්ධතාවය නැතිවෙලා යනවා.

විසන්ධි වුණාම තමයි නියමම වැඩේ. බොහොම කලාතුරකින් එකපාරින් සම්බන්ධ කරගන්න පුළුවන් වුණත් අනික් හැම වෙලාවකදිම වගේ වෙන්නෙ මොකක්හරි දෝෂ පණිවිඩයක් එන එක. (628, 619 – මට හරියට මතක නෑ.) ඉතින් මොනව කරන්නද, මවුස් එක කැඩෙනකල් Redial ඔබන එක තමයි කරන්න වෙන්නෙ. මේ අවුල් හින්ද අපේ පරණ වචනයකුත් ආයෙ භාවිතා වුණා: එනවා යනවා ආචරණය!

මොකක්හරි විශේෂ වැඩක් කරන වෙලාවක මේ වැඩේ වුණාම හිතට එන ආවේගය! මවුස් එක කැඩෙනකල් ක්ලික් කරන එකයි මොබිටෙල් එකට අම්බානක බනින එකයි හැර වෙන කරන්න දෙයක් නෑ.

මේ ගැන කියලා ඊමේල් හතරක් පහක්ම යැව්වා. දෙකකට පිළිතුරු ආවත් විසඳුමක් නම් පේන්න නෑ තවමත්.

මේ ප්‍රශ්නය තියෙන්නෙ මොඩම් එකෙන් සම්බන්ධ වෙනකොට විතරක් නෙවෙයි. ජංගම දුරකථනයෙන් මොකක්හරි කරන්න ගියත් මේ ලෙඩේම එනවා. වෙලාවකට මොකක්හරි වැඩසටහනක් දාලා තියෙද්දි (eBuddy, Gmail, Opera Mini, Skype…) අතරමගදි සම්බන්ධතාවය නැතිවුණාම පුදුම තරහක් එන්නෙ. ඒ වෙලාවටත් ඉතින් කියවෙන දේවල් මම තමයි දන්නෙ!

ආරංචියි සමහර පැතිවලට නම් මෙහෙම අවුල් නෑ කියලා. අගනුවරින් බැහැර හින්දද මෙහෙම අඩු සැලකිල්ලක්?? මගේ තියෙන්නෙ 3.6mbps පැකේජය වුණත් ආසාවටවත් එච්චර වේගයක් දැකලා නෑ. අඩුම තරමේ 2mbps වත් ජීවිතේට දැකලා නෑ.

මං දැන් කලාතුරකින් ඩයලොග් එකේ ප්‍රීපේඩ් සම්බන්ධතාවය පාවිච්චි කරනව චිත්‍රපටයක් එහෙම ලබාගන්න ඕන වුණාම. ඒකට සිග්නල් ඇත්තෙත් නැති තරම්. ඒත් කවදාවත් සම්බන්ධ වෙන්න කරදරයක් නෑ. එකපාරින් කනෙක්ට් වෙනව. සාමාන්‍ය මට්ටමේ වේගයකුත් ලැබෙනව. සංඥා නැති හින්ද ඒ වේගය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්.

ඒත් මොබිටෙල් එකේ උපරිම සංඥා තිබිලත් මෙහෙම නම්…

මේ අන්තර්ජාල අල ගැන ලියන කීවෙනි ලිපියද කියලා මට ගානක් නැහැ. කිසිම සේවා සපයන්නෙක්ට අපට හොඳ සේවාවක් දෙන්න ඕනකමක් ඇත්තෙත් නෑ. මහලොකුවට දැන්වීම් දැම්මට ඉල්ලුවම දෙන්නත් බෑ. ඔච්චර දැන්වීම් වලට වියදම් කරන එකේ තමන්ගෙ සේවාව තව ටිකක් දියුණු කරන්න විදියක් හෙව්වනම් මොකද වෙන්නෙ? මේක හැම සේවා සපයන්නෙකුටම පොදුයි. Dialog, SLT, Mobitel, Airtel, Bell… ‍ඔක්කොම එකයි. ඩයලොග් එකෙන් තවමත් 3G සිග්නල් ළාවට හරි ලැබෙන්නෙ මොඩම් එකට විතරයි. මොබිටෙල් එකට කොච්චර සිග්නල් තිබ්බත් වැඩක් නෑ. ගණනුත් වැඩියි. SLT එකට ලූප් නැහැලු. එයාටෙල් එකට තවමත් 3G නෑ. ඒක නම් අලුත් හින්දා කියමුකො.

දැන් මේ ඇති. තව ලියන්න ගියොත් මොනව ලියවෙයිද කියලා කියන්න බැරි හින්ද නවත්තනව. 😀

මොබිටෙල් කතන්දර

මොබිටෙල් තමයි මොබිටෙල්. පූරුවෙ කරපු මොකක්හරි පවකට ADSL නැතුව ලතවෙන මට තියෙන එකම විසඳුම මොබිටෙල් විතරයි. ඒකත් ගොඩක් වියදම් වැඩි විසඳුමක්. ඒත් මොනව කරන්නද කියලා පාවිච්චි කරනවා. පහුගිය දවස් ටිකේ නම් මොබිටෙල් එකේ ගොඩක් අල ඇතිවුණා. මේ දවස්වලත් ‍වැඩි වෙනසක් නෑ. ඉතින් ඒ ගැන ලියන්න කියලා තමයි මේ කල්පනා කරේ.

මීට මාසෙකට විතර කලින් මොබිටෙල් වලින් Youtube එහෙම බලන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. ගොඩක් බරපතලයි කියන්නෙ කිසිම දෙයක් හරියකට බලාගන්න බෑ, තත්පර දෙක තුනෙන් බෆර් වෙන්න ගන්නවා. මේක ලොකු වදයක් වුණා. පැමිණිලි කරලා ටික කාලෙකට පස්සෙ ඒක හරිගියා. ඊටපස්සෙ වාසනාවට (හෝ අවාසනාවට) YouTube හොඳට වැඩ කරන්න ගත්තා. දැන් ඉතින් ඒ හින්දා ඕනවට වැඩිය දත්ත භාවිතා වෙච්ච හින්ද මේ දවස්වල නාහෙන් අඬ අඬ තමයි ඉන්නෙ 😀 අදත් පොඩි පොඩි අල ටිකක් ආවා ඒත් ඒක නම් එතරම් ගණන් ගත යුතු දෙයක් නෙවෙයි.

කොහොමහරි මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සම්බන්ධ වෙන එක සහ අතරමැදදි සම්බන්ධතාවය නැතිවෙන එක. වෙලාවකට සම්බන්ධ වෙන්න සියපාරක් විතර ට්‍රයි කරන්න ඕන. ඉතින් Mobile Partner දාලා මොකක් හරි දෝෂයක් මතුවුණාම Redial ඔබ ඔබ ඉන්න ඕන දත්මිටි කන ගමන්. ඒ වගේම මොකක්හරි වැඩක් කරන අතරතුර එහාමෙහා වෙලා Idle වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේකෙ සම්බන්ධතාවය නැතිවෙනව. එතකොට රීඩයල් චක්‍රය කරන්න ඕන ආයෙ මුල ඉඳන්. මේක ලොකු කරදරයක්. පැමිණිල්ලක් දැම්මා, මොබිටෙල් එකෙන් කතාකරලා විස්තරත් ඇහුවා. ඒත් තාම විසඳුමක් නෑ.

මොබිටෙල් අල
මොබිටෙල් අල

මේක ලොකුම කරදරයක් වෙන්නෙ ‍ෆෝන් එකෙන් සම්බන්ධ වෙනකොට තමයි. මොකද මොඩම් එකේ වගේම සම්බන්ධ නොවී තියෙන හින්ද හදිසියකට ඊමේල් එකක් යවාගන්න හැදුවත් වැඩේ අප්සට් කියලා රැඳිලා තියෙනව. චැට් වැඩසටහනක් දැම්මත්, ගූගල් එක්ක සින්ක් කරන්න හැදුවත් මේ වැඩේ වෙනකොට පුදුම තරහක් තමයි එන්නෙ. ඉස්සර නම් මෙහෙම වුණේ නෑ. දැන් මේක කියන්න බැරි තරම් වදයක්. හැබැයි මේ ලෙඩේ එන්නෙ නෑ නිකං GSM වල ඉඳිද්දි. ඒත් ඒක 3G වලට වඩා වේගයෙන් අඩු හින්දා කරදරයි.

(මේ යවන්න හදපු එක විනාඩි දහයක් විතර ට්‍රයි කරලා දැන් යවාගත්තා) 😀

ඉතින් ඔහොම තමයි මොබිටෙල් එකේ වැඩ මේ දවස්වල.

කොහොම කොහොම හරි මොබිටෙල් එකේ නුවර අලුත් ශාඛාවක් විවෘත කරා. අලුත් එක තියෙන්නෙ KCC එකේ. ළඟාවෙන්න පහසුයි, ඉඩකඩත් වැඩියි. කිසිම කරදරයක් නෑ දැන් නම්. කලින් තිබුණු තැනට යන්න ගියාමත් එපාවෙනව. ඒ මදිවට උපහාර හින්ද බිල් ගෙවන්න එන පෝලිම් ගොඩක් දිගට තිබුණු හින්ද පොඩි ඉඩක් තිබුණු කලින් තැන හරිම තදබදයි.

ඉතින් ඔහොම තමයි මේ දවස්වල විස්තර. අදට ඇති 😀

ටවුමේ රවුම් ගැසීම, නෙට්බුක් සහ තවත් විකාර වැඩ

ඉතින් ඊයෙ නාගයත් එක්ක ටවුමේ පොඩි රස්තියාදුවක් ගැහුව. ගියේ නම් නාග‍යගෙන් තැටියක් ඉල්ලගන්න. තාම දාලා බැලුවෙත් නෑ හැබැයි ඒක 😀 මේක ලියන්න පටන්ගන්නකොට තමයි ඒක මතක් වුණේ. ඉතින් බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී එකක් ගන්නත් එක්ක ගිය ගමනෙ විස්තර ටිකක් කියන්නයි මේ ලෑස්තිය.

කාලෙකට කලින් හම්බවුණු Walkmate කියල වැඩසටහන හින්ද දැන් වැඩියෙන් ඇවිදින්න හිතෙනව. මේකෙන් අපි කොච්චර අඩි ගණනක් ඇවිද්දද කියල හොයාගන්න පුළුවන්. (Pedometer) මේ වැඩසටහන 4shared වගේ අඩවියකින් හොයාගන්න පුළුවන් වේවි. Accelerometer එකක් තියෙන සෝනි එරික්සන් ෆෝන් වල මේක වැඩකරයි. ඉතින් ඊයෙ දොළොස්දාහක් විතර ඇවිද්ද. කලින් වා‍ර්තාව තිබුණෙ පහළොස්දාහක විතර. මේකෙ පොඩි අවුලකට තියෙන්නෙ සතිපතා පරණ දත්ත මැකෙන එක තමයි. ඒත් සාමාන්‍යයක් නම් බලාගන්න පුළුවන්. මගේ දැනට සාමාන්‍යය පන්දාස් ගාණක්.

ඉතින් ඊයෙ මෙච්චර ඇවිද්දෙ කොහෙද කියලා බලනවා ඇති. වෙන කොහෙද ඉතින් ටවුම පුරාම තමයි. නාගයට බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී හොයමින් ගොඩක් වෙලා කාලය ගත කළා. තිබුණු ගොඩක් ඒවා ඇල්ලුවෙ නෑ. ඒ හින්ද ඉතින් තව තවත් ඇවිදිමින් කාලය ගත කරපු එක තමයි කරේ.

ඉතින් මේ බ්ලූටූත් ගැජට් ගැන හොයමින් යන අතරේ ‍පරිගණක අලෙවිසැල් කීපයකට ගොඩ වදින්නත් අපි අමතක ‍කරේ නෑ. ඉතින් අපි සුපුරුදු පරිදි විවිධ දේවල් වල මිල ගණන් විමසලා බැලුවා. මේ පාර උපාංගය තමයි නෙට්බුක්!

මේකට නියම ප්‍රතිචාර තමයි ලැබුණෙ. අපි නෙට්බුක් කියල ඇහුවම සාමාන්‍යයෙන් ලැබුණු ප්‍රතිචාර තමයි ‘ආ නෝට්බුක්ද?’, ‘ඒ මොනවද?’, ‘ඒව නම් නෑ මල්ලි’ – සමහරුන්ගෙ මූණු වල අමුතු හිනාවක් තිබ්බ 😀 සමහරු එහෙම ඒව ගැන අහලවත් තිබුණෙ නෑ. චන්ද්‍රසේකර එකේ චීන නෙට්බුක් එකක් තිබ්බ, ඒකත් පනහක් විතර වුණා. ඒකට තව ටිකක් එකතු කරලා සාමාන්‍ය ලැප්ටොප් එකක්ම ගන්න පුළුවනි. වෙන තැන් වල නම් හොයාගන්න තිබ්බෙම නෑ. Eee එකකුත් පනහකටද කොහෙද තියෙනව කියල තව තැනකින් කිව්ව. ඉතින් නෙට්බුක් එකක් ගැන අදහස අතඇරල දැම්ම.

ඊටපස්සෙ ගියා DSLR කැමරා වල මිල ගණන් හොයන්න. හිතපු හැටියටම ඉතින් ‍හෙණ ගණන් තමයි. ඒත් ආසාවට බැලුව. නිකොන් ඒව තමයි ගොඩක්ම තිබ්බෙ. වෙන කිසිම එකක් නෑ. සමහර ඒව නම් ගොඩක්ම professional – ඒවයෙ ගණන් ඇහුවම නම් පිස්සු වගෙයි 😀

ඉතින් ඔය අස්සෙ ඇවිදල ඇවිදල මහන්සියට ඩෙවොන් එකෙන් සිසිල් බීම දෙකක් දාගත්තා. එතන හිටපු අයට මූට පිස්සුද කියල බලන්නත් ඇති. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. 😀

ඉතින් ඒ වැඩේ ඉවර වෙලා තව ටිකක් වෙලා ටවුමෙ හිටිය යාලුවෙක් කතාකරනකල්. ආයෙමත් රවුමක් ගැහුව. ආයෙමත් යක්ස තිබහක් ආව. ඒ පාර නම් කූල් වතුර බෝතලයක් අරගෙන ගිලලා දැම්ම. මේ මිනිස්සු කූල් කරපු වතුර වලට රුපියල් පහක් වැඩියෙන් අය කරනව. 😛

ගෙදර ආවම තමයි දොලොස්දාහෙ ර‍ඟේ තේරුණෙ. කකුල් රිදෙනව නියමෙට. ඒකෙත් පොඩි ගතියක් තියෙනව. කොහොම කොහොම හරි ඊයේ රෑ හොඳට නින්ද ගියා. දැන් නින්ද යනව ටිකක් හොරයි.