මහනුවර බ්ලොග් මැරතන් ප්‍රචාරක වැඩසටහන

අද හිතුණා හැමදාම ලියන මෘදුකාංග අරවා මේවා පැත්තකින් තියලා වෙනස් දෙයක් ලියන්න. හැමදාම එකම දේ ලියලම හරියන්නෙත් නෑනෙ. සිංහල බ්ලොග් මැරතන් එක ගැන කට්ටිය හැමෝම දන්නවනෙ දැන්? ඉතින් මේ වැඩසටහන ගැන පොඩි ප්‍රචාරයක් දෙන්න හිතාගෙන අද නුවර ටවුන් එකේ පොඩි ප්‍රචාරක වැඩසටහනක් දියත් කළා. අත්පත්‍රිකා සහ ස්ටිකර් ටිකක් මුද්‍රණය කරලා නුවර නගරයේ බෙදාහැරීම තමයි කළේ. අවාසනාවට මගේ කැමරාවත් හදන්න දීලා හින්දා ෆොටෝ ටිකක් ගන්න නම් ලැබුණේ නැහැ.

ආනන්දවර්ධන, කාලිංග, බුද්ධික සහ වරුණ නුවර ඇවිල්ලා හිටියා වැඩේට. ගුඩ්ෂෙඩ් එක පැත්තෙත්, මග දිගටත් අත්පත්‍රිකා/ස්ටිකර් බෙදාදුන්නා. කොහොම හරි තොගයක්ම බෙදාදෙන්න පුළුවන් වුණා. නුවර නෙට් කැෆේ වලිනුත්, පරිගණක ආයතන වලිනුත් හොඳ සහයෝගයක් ලැබුණා. ඒකත් ලොකු දෙයක්. පත්‍රිකා ගත්තු ගොඩක් අය ඒවා අවධානයෙන් කියවපු නිසා වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. මැරතන් එක විතරක්ම නෙමෙයි, බ්ලොග් කියන්නෙ මොනවද කියලා දැනගන්න එකත් මදිද?

හපොයි ලියන්න ගත්තට ලියන්න දෙයක් නෑනෙ බලාගෙන යනකොට මට ඉතින් මේවා ලියන එක එච්චර පහසු දෙයක් නෙවෙයි. වරුණ සහෝදරයා හෙට ලියාවි කියලා හිතෙනවා. එතකොටම කියවන්න බැරියැ හොඳ හොඳ විස්තර ටිකක්

කොහොම කොහොම හරි, බ්ලොග් මැරතන් එක බලන්න/ලියන්න එන්න – ඔබේ පැමිණීම + සහභාගිත්වය අපට ගොඩක් වටිනවා.

Update: හපොයි දැන් නම් කකුල් දෙක රිදෙනවා. ගොඩ කාලෙකට පස්සෙ මෙච්චර ඇවිද්දෙ 😆

මොබිටෙල් හි නව පෙරගෙවුම් කාඩ්පත

Mobitel Prepaid Card

අම්මා ඊයේ ගෙනත් තිබුණු මොබිටෙල් පෙරගෙවුම් කාඩ්පතක් දැක්කා. අඟල් 2 x 2.25 පමණ වෙන කාඩ්පතක්. නියම අදහසක් කියලයි මුලින්ම දැක්කම හිතුණේ. එනිසා ලියන්න හිතුණා. දැන් සාමාන්‍යයෙන් තියෙන කාඩ්පත් වලට වඩා වෙනස් නිමැවුමක්. 😀

Web Host changed for good!

පහුගිය දවස් ටිකේ මගේ බ්ලොග් එකට අම්බානක කරදර විඳින්න වුණා. මෙතැනට ආපු ගොඩක් අයටත් තදවෙන්න ඇති මොන කෙහෙල්මලක් වෙන්න යනවද කියලා? ඔව් ඉතින් අපේ Dreamhost සමාගමට පින්සිද්ධ වෙන්න බ්ලොග් සියලු කටයුතු ‘අප්සට්’ වෙලා තිබුණේ. දැන් කොහොමහරි කලින් තිබුණු සුදාරක මල්ලිගේ VHOST1ST වෙත නැවත බ්ලොග් එක ගෙනාවා. ඉදිරියට ගැටලු ඇති වෙන්නේ නැතිවෙයි කියලයි බලාපොරොත්තුව. සමාවෙන්න සිදුවූ සියලු අපහසුතා වලට 🙂

ඔහොම තමයි ඉතින් ඉගෙනගන්න වෙන්නෙ: Trial and Error! 😉

Sorry for the Site Problems

Update: Moved back to VHOST1ST – now back in business! 🙂

Due to some problems with the current host of Malinthe’s Note you might experience some slowdowns and problems. Sorry for the inconvenience. I’m strongly thinking about changing the current host due to the unacceptable quality of service.

I’m not writing much these days, ‘coz I must save the effort for the marathon. After all, 96 blog posts to be written! 🙂 It’s gonna be awesome!

Mobitel M3 Speed Test

අද ස්පීඩ් ටෙස්ට් කරලා බැලුවා speedtest.net මගින්. උදෑසන 7.45 ට පමණ. මම ගත්තේ Zoom 1024 පැකේජය. ඒ කියන්නෙ 1Mbps

මෙන්න ප්‍රතිඵල:

Perfect! 😆

Special Thanks to Buddhika Jayasinghe!