වර්ඩ්ප්‍රෙස් හි සිට ලියමි | Writing from WordPress

දැන් මලින්තගේ සටහන බ්ලොගර් වෙතින් ඉවත්වී වර්ඩ්ප්‍රෙස් මගිනුයි ධාවනය කෙරෙන්නේ. ඇත්තටම ඉතින් නිකං ඉන්න බැරුවට තමයි මේ වෙනස කරන්න තීරණය කළේ. බ්ලොගර් එකට වැඩිය ගොඩක් පහසුකම් වර්ඩ්ප්‍රෙස් එකේ තියෙන නිසාත්, බ්ලොගර් Themes දැකලා දැකලා අප්පිරිය වෙච්ච නිසාත් මේ වර්ඩ්ප්‍රෙස් ප්ලැට්ෆෝම් එකට ආවා. මට මුලින්ම හිතුණේ නියමයි කියලා. පහසුකම් ගොඩක් තියෙනවා. හොඳ Themes තියෙනවා. පුදුම සන්තෝසයක්! 🙂

එකතු වෙලා ඉන්න ඉදිරියටත් මලින්තගේ සටහන සමග! 😉

iPod Shuffle මිල අඩුවෙයි

මීට පෙර ඩොලර් 79 ක මිලක් පැවති iPod Shuffle හි මිල ඩොලර් 49ක් දක්වා අඩුකිරීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා. දැනට Shuffle ලබාගත හැක්කේ ගිගාබයිට් 1 ධාරිතාවයකින්. ඉදිරියේදී ගිගාබයිට් 2 ධාරිතාවයකින් තවත් මාදිලියක් නිකුත

් කිරීමටයි ඇපල් සූදානම් වන්නේ.

[iPod Shuffle]

පරිගණකය පිරිසිදු කරන්න නියම මෘදුකාංග ටිකක්: 1 කොටස | Cool Utilities to Clean your PC: Part 1

1. තැටි දෘෂ්‍යකරණය | Disk Visualizing

මා ගාව තියෙන්නෙ ටිකක් පරණ ගිගාබයිට් 40 විතර දෘඪ තැටියක් හින්දා මේ දවස්වල වැඩ කරගන්න එක බොහොම අමාරුයි. සිංදු තොගයකුත් දාලා තියෙන නිසා ඉඩ ගොඩක් මදියි. දැන් නම් සද්ද බද්දත් වැඩිවෙලා තියෙන්නෙ. කොහොම වුණත්, තියෙන එක පොඩ්ඩක් සුද්දකරගත්තොත් හොඳයි කියලා හිතුණා. මේ වැඩ වලට හොද මෘදුකාංග කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.

පළවෙනියටම මම තෝරගත්තේ JDiskReport කියන මෘදුකාංගය. ජාවා මගින් ධාවනය මේ මෘදුකාංගය මගින් අපේ දෘඪ තැටියේ ගොනු වලට වැයවෙන ඉඩ ප්‍රමාණය වගුවක් ආශ්‍රයෙන් පෙන්වනවා. මේක ගොඩක්ම වටින්නේ දෘඪ තැටියේ විශාලම ගොනු මොනවද, විශාලම ෆෝල්ඩර මොනවද කියලා පහසුවෙන්ම හොයාගන්න තමයි. මේ කටයුත්ත ‍කරන්න පුළුවන් මෘදුකාංග කිහිපයක්ම පාවිච්චි කර බැලුවත් මං ගොඩක්ම කැමති වුණේ JDiskReport වලට තමයි. ජාවා නිසා ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියාත්මක වෙනවා. (තිර පිටපතේ තියෙන්නේ මගේ D: පාටිෂන් එකේ දෘෂ්‍යකරණයක්.)

[JDiskReport]

EnSiTip: ෆයර්ෆොක්ස් වෙත සිංහල ශබ්දකෝෂයක් | EnSiTip: Sinhala Dictionary For Firefox

අන්තර්ජාලය භාවිතයේදී දකින විවිධ ඉංග්‍රීසි වචන වල තේරුම හොයාගන්න ශබ්දකෝෂ පෙරලන්න දැන් ඕන වෙන්නේ නැහැ! කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනායතනය නිපදවූ EnSiTip නම් ෆයර්ෆොක්ස් එක්කිරීම මේ කටයුත්ත පහසුවෙන් ඉටු කර දෙන්නට සමත් බොහොම හුරුබුහුටි එක්කිරීමක්. තේරූ වචන පරිවර්තනය වගේම Hover කිරීමේදී වචන පරිවර්තනයත්, වචන උච්ඡාරණ පහසුකමකුත් මෙහි තිබෙනවා. භාවිතා කර බැලුවා. ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.

[EnSiTip]
සිංහලෙන් FOSS මගිනි.