පවර්ඩීවීඩී 7 සිංහල පැකේජය | Sinhala Package for PowerDVD 7

පවර්ඩීවීඩී 7 සඳහා සිංහල පැකේජය බොහෝදුරට අවසානයි. සාමාන්‍යයෙන් භාවිතා කරන සියළුම විශේෂාංග සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. තවමත් කරන්නට නොහැකි වූයේ මෙනු පමණයි. ලබාගැනීමට කැමති අය සිටිනවානම්, කරුණාකර දන්වන්න.

The Sinhala Package for PowerDVD 7 is almost finished. Most Commonly used features are translated to Sinhala Language. But the menus aren’t translated yet. Working on it now. If there’s anyone interested, please contact me. 😀

අන්තර්ජාලයෙන්ම FTP

මම මගේ වෙබ් අඩවිය කරන කාලේ FTP මෘදුකාංගයක් භාවිතා කළා. වෙබ් අඩවිය නවතා දැම්මට පස්සේ ඒකත් අයින් කළා. මේ ළඟදී හදිස්සියකට ඒ සර්වර් එකට ගොනු වගයක් අප්ලෝඩ් කරන්න වුණා. ආයෙමත් ඒ මෘදුකාංග ස්ථාපනය කරන්න කම්මැලි හිතුණු නිසා හොයලා බලද්දි තමයි මේ Web Based FTP ගැන දැනගන්න ලැබුණේ. ඒක භාවිතය බොහොම පහසුයි. කිසි දෙයක් ස්ථාපනය කරන්න අවශ්‍යත් නැහැ. පහසුකම් ගොඩක් තියෙනවා. කිසිම කරදරයක් නැහැ. මම නිර්දේශ කරන්නේ net2ftp තවත් විවිධ ඒවා තියෙනවා. surftp නම් එච්චරම හොඳට වැඩ කළේ නැහැ. තවත් ගොඩක් සේවා තියෙනවා. ගූගල් කෙරුවොත් හොයාගන්න පුළුවනි. මේ තවත් එකක්

I used a FTP software in the days I was running a website. After I stopped it, I got rid of the program too. However, last week I had to upload some files to a FTP server. Since I felt lazy to install those FTP software all over again, I ran a search on Web Based FTP Services. Net2FTP is a great service providing all facilities and features of a regular FTP program. But the best thing is you don’t have to install anything. Just go to net2ftp and upload!

මගේ පැරණි යතුරුපුවරුවට නව පෙනුමක්!

ලයිෆ්හැකර් මගින් ලැබුණු මෙම පිටුවෙහි තිබුණු උපදෙසකට අනුව මගේ පැරණි යතුරුපුවරුව නව පෙනුමක් ලබාදුන්නා. ලේසි වැඩක් වුණත් එහි L අකුර පොඩ්ඩක් ‘අප්සට්’ වුණා 😀
ඒත් ඒක මම දැන් පාවිච්චි නොකරන නිසා ගැටළුවක් නැහැ. පාට කරන්න කලින් පින්තූරයක් ගන්න බැරිවුණා. කලින් මුළු යතුරුපුවරුවම සුදු පාටයි.

ගූගල් සමග වඩාත් හොඳින් සොයන්න

මෙම ලිපිය මා වසර ගණනාවකට පෙර ලියූවක්. වැදගත් වේ යැයි සිතුණු නිසා වියුණු සටහනට ලියන්නට සිතුණා.

ගූගල් ඉතාමත් ජනප්රිය මෙන්ම වේගවත් පිරික්සුම් යන්ත්රයක් ලෙස සැලකේ. තමන්ට අවශ්ය දෙය ජාලයෙන් සොයාගැනීමට ගූගල් භාවිතා කිරීම සාමාන්ය ක්රමයය. මෙය වඩාත් ඵලදායි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්නට වැදගත් ඉඟි කිහිපයක් මෙම ලිපියෙන් පෙන්වා දෙනු ලැබේ.
ගූගල් හි සෙවුම් වේගය වැඩිකිරීම සඳහා ගූගල් සෙවුම් යන්ත්රය මගින් සාමාන්ය වදන් වන where, the, how ආදී වචනද, වෙනත් අක්ෂර හා අංකද ඉවත් කෙරේ. (මෙවැන්නක් ඉවත් කළහොත් ගූගල් මගින් එය ප්රතිඵල පිටුවේ දක්වයි.) මෙවැනි අවස්ථාවක අපට අවශ්යම කොටසක් සෙවීමට එක්කර ගැනීමට අවශ්ය නම් + ලකුණ යොදාගත හැක. උදාහරණ ලෙස ඔබට ලෝඞ් ඔෆ් ද රින්ග්ස් පළමු කොටස පිළිබඳ තොරතුරු අවශ්ය නම් lord of the rings episode +1 යන්න සෙවීම් කවුළුවේ සටහන් කළ හැක. මෙය වෙනත් ආකාර වලටද යොදාගත හැක. උදාහරණ ලෙස ඔබ ජාවා පිළිබඳව සෙවීමේදී ඇප්ලට් යන වචනයද අනිවාර්යයෙන්ම තිබිය යුතු නම් සෙවීම් කවුළුවේ java +applets ලෙස සඳහන් කළ හැක.
ඔබ යම්කිසි වදනක් සෙවීමේදී එම වදන පමණක් නොව සමාන පද හා ඊට සම්බන්ධ ඇති ප්රතිඵලද ලබාගැනීමට අදහස් කරයි නම් එම වදනට පෙර ~ ලකුණ ඇතුල් කරන්න. මෙහිදීද ~ ලකුණ හා වදන අතර හිදැසක් අනවශ්යය. උදාහරණයක් ලෙස සංගීතය හා සංගීතය සම්බන්ධ වෙනත් තොරතුරු (එම්පී3, රේඩියෝ ආදිය) අවශ්ය නම් ~music සෙවීම් කවුළුවේ සටහන් කළ හැක.
සඳහන් කළ වදන් වලින් ඕනෑම එකක් සහිත පිටු සෙවීම සඳහා OR යොදාගත හැක. මෙය කැපිටල් අකුරෙන්ම යෙදිය යුතුය. උදාහරණ ලෙස ඔබට කොරල් හා ඇඩෝබ් ආයතන වල නිපදවන ග්රැෆික් මෘදුකාංග පිළිබඳව සෙවීමට අවශ්ය නම් සෙවීම් කවුළුවේ graphic software corel OR adobe යන්න සඳහන් කළ හැක.
යම්කිසි වෙබ් අඩවියක් තුළ යම් වදනක් සෙවීම මෙමගින් කරගත හැක. මෙහිදී අවශ්ය කරන වදනට පසුව හිදැසක් තබා site: යන්න ටයිප් කර හිදැසක් නොතබාම වෙබ් අඩවියේ ලිපිනයද සඳහන් කළ යුතුය. උදාහරණ ලෙස ඔබට එල්විස් ප්රෙස්ලි පිළිබඳව www.mp3.com වෙබ් අඩවියේ ඇති තොරතුරු සොයා ගැනීමට අවශ්ය නම් සෙවුම් කවුළුව තුළ elvis presley site:www.mp3.com ලෙස සඳහන් කළ හැක.
යම් සංඛ්යා පරාසයක් තුළ ඕනෑම සංඛ්යාවක් සෙවීමටද ගූගල් හි පහසුකම් ඇත. මෙමගින් දිනයක සිට ස්කන්ධ ප්රමාණයක් දක්වා ඕනෑම සංඛ්යා පරාසයක් තුළ තොරතුරු සෙවිය හැක. එම ඒකකය සඳහන් කිරීම හා එම සංඛ්යාවලට සම්බන්ධ වෙනත් තොරතුරක් ඇතුලත් කිරීම අත්යාවශ්යය. මෙම පහසුකම සඳහා අවශ්ය ඕනෑම අංක දෙකක් හිස්තැන් වෙනත් කිසිවකින් තොරව තිත් දෙකකින් වෙන් කිරීම කළ හැක. උදාහරණයක් ලෙස ඔබට ඩොලර් 400ත් 2000ත් අතර කැමරා පිළිබඳව සෙවීමට අවශ්ය නම් සෙවීම් කවුළුවේ cameras $400..2000 ලෙස සඳහන් කළ හැක. ඔබට 1950ත් 1970ත් අතර කාලය තුළ ස්වභාවික විපත් පිළිබඳ තොරතුරු අවශ්ය නම් natural disasters 1950..1970 ලෙස සඳහන් කළ හැක.
යම්කිසි වචනයක නිර්වචනයක් ලබාගැනීමට define: යොදා අවශ්‍ය වචනය ලියන්න. උදාහරණයක් ලෙස democracy යන්නෙහි නිර්වචනය සඳහා සෙවීම් කවුළුවේ define:democracy යන්න සටහන් කර සෙවීමෙන් එහි නිර්වචනයක් ලැබෙනු ඇත.
මීට පෙරදී ගූගල් මගින් මුහුණු සෙවීමේ ක්‍රමයක් ගැනද ලියා ඇත. ‍‍
එය මෙතැනින් ලබාගන්න.
ගූගල් ඇසුරිනි

ගොම් ප්ලේයර්

අපට ලැබෙන විවිධ වීඩියෝ ගොනු වාදනට කරන්නට විවිධ මෘදුකාංග ගොන්නක්ම අවශ්‍යයි නේද? විශේෂයෙන්ම DivX, FLV හා තවත් බොහොමයක් ගොනු වර්ග වාදනය කරන්නට අවශ්‍ය මෘදුකාංග සොයන්නට යාම මහත් වධයක්. මේ සඳහා VLC මීඩියා ප්ලේයර් වැනි මෘදුකාංග තිබුණත් ඒවායේ කිසිදු ආකර්ශණීය බවක් නැහැ. මේ සඳහා විසඳුමක් ලබා දෙන මෘදුකාංගයක් ලෙස ගොම් ප්ලේයර් හඳුන්වා දෙන්නට පුළුවන්. එය තුළටම සංගෘහිත කරන ලද Codec පද්ධතිය සමග කිසිදු කරදරයක් නොමැතිව ඕනෑම ගොනු වර්ගයක් වාදනය කරන්නට හැකියාව තිබෙනවා. යම් හෙයකින් බලපත්‍රය බෙදාහැරිය නොහැකි codec එකක් වාදනය කිරීමට සිදුවුවහොත් එමගින් ඔබව කෙලින්ම විවෘත-කේත codec අඩවියකට යවන්නටත් සූදානම්. මීට අමතරව කොටසක් ලබාගත් (ඩවුන්ලෝඩ් කළ) AVI ගොනු වාදනය කිරීමේ හැකියාවද මෙහි තිබෙනවා. ගොම් ප්ලේයර් නොමිලේ ලබාදෙන්නක්. වයිරස් හා ස්පයිවෙයා වලින් නිදහස් විශිෂ්ට මෘදුකාංගයක් වන මෙහි අලංකාරත්වය ඉහළයි.
ගොම් ප්ලේයර්