Performancing

මා භාවිතා කරන ෆයර්ෆොක්ස් වලම සිට වියුණු සටහන් ලිවිය හැකි මෘදුකාංගයක්. ඇත්තටම මෘදුකාංගයක් නෙවෙයි. Add-on එකක්. ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන බවයි පෙනෙන්නේ. භාවිතයත් ගොඩක් පහසුයි. බොහෝ දිනකින් වියුණු සටහනට ලියන්න බැරිවුනා. ඉදිරියට දිගටම ලිවීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් දේ ඉදිරියට බලාපොරොත්තු වන්න.

මලින්ත෴

සුබ අලුත් අවුරුද්දක්!

ලැබුවාවූ 2007 වසර ශ්‍රී ලංකාවාසීන්ටත් ලෝකවාසීන්ටත් සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි නව ‍වසරක් වේවායි පතමි!
මලින්ත෴

සිංහල පිවිසුම් තිරය

ඉල්ලීමකට අනුව සිංහල පිවිසුම් තිරය නැවත ලබාදෙමි. මෙවර එක්කිරිමේ හා ඉවත්කිරීමේ බැච් ගොනු දෙකක්ද සකසා ඇත. කරුණාකර එක්කිරීමට පෙර readme.txt කියවන්න.
මෙම ගොනුව 30වෙනිදා පෙ.ව. 10.52ට ඉකුත් ‍වේ.
http://senduit.com/56f16c
මලින්ත෴