දත් මැදීම

දැන් ගිහින් දත් මැදගෙන ආවෙ. දත් මදින්න ඕන. එහෙම තමා ඉන්න ඕන. නැතුව හරියන්නෙ නෑ. හැබැයි වැඩේ තියෙන්නෙ කොච්චර දත් මැද්දත් දත් අනිවාර්යයෙන් අල වෙනවනෙ. වැඩේ හරියන්නෙ නෑ නිදිත් මතයි, ලියන්න දේකුත් නෑ. මාර අවුලක් 😀

ලියන්න දෙයක් නැත

දැන් නම් තත්ත්වෙ බරපතලයි. ලියන්න කිසිම දෙයක් නෑ. පැය 24 මැරතන් එක මතක් වෙනකොටත් දැන් බයයි මොකද පැය හයේ එකටවත් හරියකට ලියාගන්න බැරිවුණු නිසා. රෙදෙව්වෙ ගීත ටික අලවෙලා කට්ටියගෙන් සද්දයකුත් නෑ. මක් වෙලාද මං දන්නෙ නෑ 😀

යෝගට්, අයිස්ක්‍රීම් සහ etc.

ඔව් මං මේ දැන් යෝගට් ටිකක් කනවා. අතුරුපසක් කන්න එපෑ නේද කෑම කෑවට පස්සෙ 😀 ඉස්සර වගේ නෙවෙයි දැන් පොඩි පොඩි යෝගට් කෝප්ප කාලා හරියන්නෙ නෑ. ඒ හින්දා කොහොමත් තඩි ටබ් එකක්ම ගන්න ඕන. අයිස්ක්‍රීම් වලටත් එහෙම තමා. ලීටරයක් ගෙනාවොත් දවසෙන් ඉවරයි. බත් තමයි ඉතින් කන්න වැඩිය කැමති නැත්තෙ.

මට ඉස්සර නම් ලෙඩ හින්දා වැඩිය අයිස්ක්‍රීම් එහෙම කන්න තහනම්. දැන් නම් ඉතින්… 😀